විවිධ

Powered by Blogger.

Wednesday, January 26, 2011

පහුර තියෙන්නෙ එගොඩ වෙන්න විතරයි...

සර්පයා (කේ කේ සමන් කුමාර) මෙහෙම කතාවක් කියනවා....
භාෂාව කියන්නේ පහුරක්..
ඒ පහුරෙන් අපි ගඟෙන් එගොඩ වෙනවා..
ඒත් ගඟෙන් එගොඩ වුනාට පස්සේ 
අපි ඒ පහුර කරතියාගෙන යන්න උවමනාවක් නෑ....
ඉතිහාසඥයින්ට අනුව නම් සිංහල අකුර හැදිලා තියෙන්නේ බ්‍රාහ්මී අක්ෂර පරිණාමය වෙලා. ඉතින් බ්‍රාහ්මී අකුර දැන් තියෙන අකුර වෙනකම් ගමනක් ආවා නම් දැන් තියෙන අකුරට ඉදිරියක් තියෙන්න බැරි ඇයි. අපි මෙතන නවතින්නද හදන්නේ.. මම නම් කියන්නේ භාෂාව යනු හුදෙක් අදහස් ප්‍රකාශ කිරීමේ මාධ්‍යයක් විතරයි.. ඒක අපි කරේ තියාගෙන යන්න ඕනි නෑ. ගඟෙන් එගොඩ වෙන්න තිබුනොත් ඇති. භාෂාව කියන එකත් නව අදහස් ප්‍රවණතා වලට දොර ඇරියානම් හොඳයි වගේ...

2 comments:

Charmi said...

සමහරවිට කේ කේ කියන්න හදන්නෙ අවශ්‍ය සන්නිවේදනය නිසි පරිදි සිදුවෙනවානම් ප්‍රමණවත් කියන එකද දන්නෙ නෑ.
නමුත් එයාගෙ ඔය පහුරේ උපහැරණයට නම් මම එච්චර කැමති නෑ. කොහොමත් පහුර තියෙන්නෙ කර තියාගෙන යන්න නෙමේනෙ. අනික පහුරකට වලංගුභාවයක් තියෙන්නෙ ගඟේදි. මම නම් කැමතියි ඔය පහුර ගිල්ලවලා දාලා පාලමක් හදනවනම්.....
(බර ඕෆ්ලයින් කාලයකින් පසුව ඉසිඹුවක් ලැබුනේ අද :D)

Wandering Where is Waldo said...

Nice post thankss for sharing

වින්දනාත්මක

සාහිත්‍ය

සමාජ/කාලීන

දේශපාලන

Followers

අපිව කියවන අය