මංජු එදා තුනේ කනිසටම බොක්සිං ගහංට වළල්ලට ගොඩවෙනවා කියලා ටී වී එකේ කියාපු වෙලාවෙම මම දළදා හාමුදුරුවංට කිව්ව,
“ දළදා හාමුදුරුවනේ මේ කොල්ලට රං පදක්කම ගංට හයිය හක්තිය වෙංට ”
කියලා. මට ඒ අවස්තාව බලංට බැරි උනා. ඒත් මංජු රං පදක්කම දිනා ගත්තයි කියලා ඇහුන වෙලාවේ මං තරං මංජුවත් සතුටු උනාද කියලා මට හිතා ගංට බෑ. ඒකට තමා
තමංගේකම කියංනේ.
මංජු වෙනුවෙං රාජ්ජ මට්ටමේ උත්සවයක් නුවර තියංට මංජු පෙරටුකරගෙන විද්දියාර්තේ ඉස්කොලෙට ජන ගංගාවක් ගලද්දී මුලු නඟරෙම තදබද ඇතිවුනත් නුවර උං ඉවසං බලාන හිටියා. ඒ මංජු අපට, රටට වීරයෙක් හිංදා.
ඒත් ඇත්තමයි ,
හැබෑවටම, මගේ හිතේ මහා සංවේගයකුත් ඒ තේජාංවිත උත්සවේ පස්සෙං පහු ටී වී එකේ දැකලා ඇතිවුනා. අර මොකද දන්නවද? ගියපාර ඔය කිරිඩා උත්සවේදිම රං පදක්කම් අරං මේ පාරත් පදක්කම් ගත්ත චින්තන විතානගේටයි තවත් පදක්කමක් ගත්ත සුරේශ් පීරිස්ටයි මංජු ළගම පුටු දෙකක් වෙං කරලා තිබ්බනම් මොකදෑ වෙංනේ කියලා. අනිවාරියෙං ඒ දෙංනටත් මේ දුක දැනෙන්ට ඇති. මොකද මෙහෙම කියන මම මංජුගේ සතුට දැණුන එකෙක් හිංදා එයාලගේ දුකත් මට ඉවෙං වගේ දැනෙනවා. ගිය පාර චින්තන විතරක් ගත්තු එකම පදක්කම, ඒකත් රනිං දිණුව වෙලාවේ කවුදො පත්තරේක ලියලා තිබුණා,
“චින්තන ඉස්සුවේ මුළු රටේම බර”
කියලා. හරියටම මතක නෑ කියපු කෙනා. එහෙව් එවුං ආයෙත් රට වෙනුවෙං බර උස්සංට ගියේ නිසි අනුග්ගරහයක් නැතුව වගයි දැන ගංට ලැබුනේ. චින්තනගේ බයිසිකලෙත් විකුනුවලු නෙව මේ කිරිඩාව වෙනුවෙං. පව්, මුං අපි වෙනුවෙං ලෝකෙට පෙනී හිටිය රත්තරං කොල්ලො.
ආදරණීය මංජු,
ඔය රත්තරං අත් දෙකෙං බිම දැම්මෙ බොක්සිං කිරීඩාවේ ගලිවරයෝ. ඒ හිංදා උං අපිත් එක්ක තරහද මංදා. උංගෙ රටේ පරපුරේ අතීතේ ඈයෝ අපේ රට යටත් කරගෙන හිටියා විතරක් නෙවෙයි උංට හිතූ හිතූ වෙලාවට උංගේ බයිනෙත්තු කට වලිං අපේ පරපුරේ මුතුං මිත්තෝ බිම දැම්මා. උං රොත්ත පිටිං අපේ ගංවලට අපේ මුතුං මිත්තං මරංට එද්දි අපේ මහ වාසලේ රණ බෙර ගහනවලු. ඒ වෙලාවට අතට අහුවෙන කැත්ත, පොරොව, දුනු ඊතල, කෙටේරිය, කඩුව අරං හයිය හක්තිය තියෙන හැම පිරිමියෙක්ම යුද්දෙට දුවනවලු. ඒ රණ බෙර හඩ ඇහුන අපේ ඒ පරංපරාවේ බතක් උයපු හැම කාන්තාවක්ම අසුරු සැනිං බත් මුලක් ඔතලා ගෙදර ඉස්සරහා කඩුල්ලෙ එල්ලනවලු. අර අතට අහුවෙන ආයුදෙ අරං රට වෙනුවෙං යුද්දෙට දුවන පිරිමි කාගෙ හරි කඩුල්ලක තමං වෙනුවෙං එල්ලලා තියෙන, අර බත් මුලත් අරගෙනලු රණ බිමට දුවංනේ. මංජු බිම දාපු ප්‍රතිවාදියාගේ රටේ පරපුරේ කිත්තලා කිරිකිත්තලා එක්ක
අපේ කිත්තලා කිරිකිත්තලා යුද්ද කරලා තියෙංනේ
ඔංන ඔය වගේ කෑම කාලා.
ඒ හිංදා මං විස්වහ කරනවා, මංජුලා කෑවේ ඒ මුතුං මිත්තං කෑව මේ රටේ පොළොවේ උපංන බත. ඒ බත කාපු එකෙක්ගෙං පරාදවෙන එක ඒ ඇත්තංට වාවංනේ නැතිව වෙංට ඇති.
ඒ හංදා
මූණ දෙමු නොබියව, ඔය හැම පරීක්සනේකටම. ඒකෙං තමයි ඔප්පු කරංට පුළුවං ඒ බත කාපු එකෙකුට අමුතුවෙං තහනං උත්තේජක ඕනේ වෙංනේ නැති වග.
රත්තරං මංජු ,
මුලිං කියපු විදිහට මේ රටේ නොතේරෙන නොදරුවෝ හැරෙංට, මං වගේම කෝටි එක හමාරක්වත් මිනිසු මේ රත්තරං පොළොවේ පය ගහගෙන මංජුගේ රත්තරං බලාපොරොත්තුවට හයිය හක්තිය දෙංට බුදුංගෙං, දෙවියංගෙං ඉල්ලා හිටිය වග අමතක කරංට එපා.
ඒ හංදා
මූණ දෙමු නොබියව, ඔය හැම පරීක්සනේකටම. ඒකෙං තමයි ඔප්පු කරංට පුළුවං ඒ හැගීම්බර අහිංසක මිනිසුංගේ ආශීර්වාද ලැබුන එකෙකුට අමුතුවෙං තහනං උත්තේජක ඕනේ වෙංනේ නැති වග.
මම නුඹව විස්වහ කරන එක්කෝටි අනූලස්සෙං එකෙක්
.................. ගැමියා .................