විවිධ

Powered by Blogger.

Monday, April 29, 2013

ලංකාවාසී ලොකු කුඩා සියළුම හොරු අපෙන් මෙසේ අසති..!

ලෝකල් මට්ටමේ හොරෙක් අපෙන් මෙහෙම අහනවා.
කෝ... දැන් උඹලා මට කලාද?

වැඩේ කියන්නේ දුමින්ද සිල්වා කියන ලෝක හොරත් නවලෝක දේවාලෙන් එළියට ඇවිත් අපෙන් ඇහුවේ ඕකමනේ.





කෝ... දැන් උඹලා මට කලාද?


Sunday, March 24, 2013

"පිස්සු ලාබයි "

 episode 6 : Facebook Marketing    (ගත්තේ මෙතනින්)

ආයුබෝවන් නෝනා වරුනි මහත්වරුනි අවුල්වූ ලෝකෙක නව වෙලඳ ප්‍රවණතා ගැන හදුන්වා දෙන කතා කරන """"" "පිස්සු ලාබයි " වැඩසටහනට ඔබව සාදරයෙන් පිලිගන්නවා අදත් .  අද අපි කතාකරන්නේ අලෙවිකරණය අලෙවි ප්‍රවර්දනය ගැන . එහි නව ප්‍රවනතාවයක් වන සමාජ වෙබ් අඩවි හරහා කරන ප්‍රවර්දනය ගැන . අද අපිත් එක්ක මේ සාකච්චාවට එකතු වෙන්නේ මුහුණු පොත නැත්නම්  facebook ඉල්ලක්ක කරගත් Godama1Rupee Marketing Agency  ආයතනයේ වෙළඳ ප්‍රවර්දන විශේෂඥයෙක් 


නිවේදක : අපිට පොඩි විස්තරයක් කරන්න පුලුවන්ද ඔබේ ආයතනයේ මෙහෙයුම් ගැන


අලෙවි විශේෂඥ  

මෙහෙම හිතන්න. ධම්ම චින්තා අහන ගමන් ලැට් එකට දිව්ව  මිනිස්සු ..දැන් තේක බොන ගමන් ,  ශරීර කෘත්‍ය කරන ගමන් කරන්නේ facebook බලන එක . ඉතින් අපි දානවා ධම්මපද ගාථා   බයිබල් පාඨ කුරාන් පාඨ  .. ..ඇත්තම ඒවා වෙන්න ඕනෙත් නෑ  නිකන් හදලා  වගේ දාන්න   පුළුවන් .  මේ  ක්‍රමය යටතේ  sales agents ලා  ඕනේ නෑ . ඔබ පලවූ දෙයට  එකඟ වුනත් විරුද්ද උනත් ඔබ උදව් වෙනවා පණිවුඩය ඈතට ගෙනියන්න                 

මොන වගේ දේවල්ද මේ දවස් වල වැඩියෙන් විකිනෙන්නේ ?

 දුක ජාති ආලයදේශ ප්‍රේමය ආගම් වගේ දේවල් තමයි වැඩිපුර


 පොඩ්ඩක් වැඩිදුර විස්තර කරන්න පුලුවන්ද එය


ඔව්. දැන් බලන්න අපි දානවා පින්තුරයක් පුංචි ළමයෙක් ගේ.  ප්ලාස්ටර් ටිකක් අලවල මුනේ                  බට  ටිකක් ඔබල නහයේ  .එතකොට ඔබේ හිතේ ඇති වෙනවා දුක . දුක ඕනේ නේ ජීවිත වලට  ...දුක නැති කර ගන්න සල්ලි වියදම් කරනවා මිනිස්සු. 

තව අපි ආරම්භ කරලා තියෙනවා , අවමගුල් දැන්වීම් සේවයක්  ..මරණයක් වුනාම දැන් පත්තර කන්තෝරුවට යන්න ඕනේ නෑ . දුරකථන ඇමතුම් දෙන්න ඕනේ නෑ . දැම්ම status  update  එකක් "ලොකු මාමා මළා මළගෙදර බදාදා " කියල එච්චරයි .අනික මිනිස්සුන්ටත් ලේසියි ,සුදු ඇඳගෙන මල ගෙවල් වල යන්න ඕනේ නෑ . එකට කොමෙන්ට් කරා එක්කෝ  "සාතිශය සංවේගය  " , "දුක තමයි රන්ජනී " , " අහෝ දුකකි ඉරකි තිතකි " කියලා
 .එච්චරයි .
 

ඔබ ආයතනය හරිම නිර්මාණශීලි බව නම් පෙනෙනවා අපිට කියන්න පුලුවන්ද ඔබ ලඟදි කරපු
සාර්ථක
 campaigns එහෙම 

මේ දවස් වල අපි දුවනවා දේශප්‍රේමය වැඩවීමේ ව්‍යාපාරයක් . මේක ට අනුග්‍රහය දක්වන්නේ සුළු    ජාතික පක්ෂ කීපයක් . " සිවුරෙන් ඇද  නංවමු දේශප්‍රේමය"  කියලා . අපි කෙටි  videos කිහිපයක්
ෂූටින් කරගෙන යනවා මේ දවස් වල දකුණු ඉන්දියාවේ .
          

තව අපි ශ්‍රී ලංකා පොලිසියේ අනුග්‍රහයෙන් කරනවා දුටුවාද  අපේ හීන් බාප්පා සිරිපාදේ නැතිවූ ?" කියලා . මේ ක්‍රමය යටතේ අපරාධයක් උනාම පොලිසියට  දුවන්න ඕනේ නෑ.  . දැම්ම status update එකක්  " අපේ ගෙදරට හොරු පැන්නා එන්න වහාම කියලා " .පළාතේ පොලිසියෙන්  ඔබට  ඒ අවස්ථාවට මුහුණ දෙන්න අවශ්‍ය මුලික උපදෙස් දෙනවා ක්ෂණිකව   කොමෙන්ට් එකක් හැටියට ." එල .හොරු අල්ලා තදින් බඳින්න. . අපි එන්නම් උදේට " වගේ  

දැනට සමාජයේ තියෙන ලොකු අඩුවක් තමයි අපිට එක්සිත්ව එක්සත්ව වෛර කරන්න  දුෂ්ටයෙක්නැති වීම.  ඒ අඩුව පුරවන්න අපි කෙටි campaign  එකක් කළා " ඇයි මාව මීට කලින් දැකල නැත්ද ,  නේ යනවා මනුස්සයෝ යන්න .."  කියලා . ඒ වගේ දේවල් තමයි ඉතින් අපි කරන්නේ


අවාසනාවකට වගේ අපිට ලැබී ඇති කාලය මින් අවසානයි . මේ වැඩසටහනට සහබාගි වූ ඔබට          

බෙහෙවින්ම ස්තුතියි .  නැවතත් වාරයක හමුවෙමු අවුල්වූ ලොවක වැඩියෙන්ම විකිනෙන දේ
ගැන කතා කරන්න 
"පිස්සු ලාබයි " සමගින්

 

Friday, February 22, 2013

බාලචන්ද්‍රන්ව මැරූ බ්ලොග් ලියන්නෝ


රජයේ හමුදාව විසින් බාලචන්ද්‍රන් අල්ලාගෙන පසුව වෙඩි තබා මැරූ බව කියන කතාව බොරුවක් බව උපකල්පනය කර ලියමි.....

හමුදාවට බාලචන්ද්‍රන් දරුවා අසුවූයේ නැත.
බිස්කට් කෑමට දී පසුව වෙඩි තබා මැරුවේද නැත.
හමුදාව එතරම් අමානුෂික නැත.
ඇත්තටම බාලචන්ද්‍රන් අසු වුවත් හමුදාව විසින් ඔහුව මරා නොදමනු ඇත.

එහෙනන් යකෝ මේ සංවේදි බ්ලොග්කාරයෝ කියන්නෙ බාලචන්ද්‍රන් මැරුව එක සාධාරණයි කියල. ඒ උන්ගෙ ප්‍රාර්ථනාව නේද? බලන් යද්දි මුන් හමුදාවට වඩා අන්තයිනෙ...

ප.ලි:
මාලන් විසින් ලියූ හැන්දෑව බ්ලොග් අඩවිය වසා දැමූ අවස්ථාවේ ඔහු කීවේ "මුන්ට ලියල වැඩක් නෑ බන්" කියල. උගේ ඒ තීරණය වැරදි බව එදා සිතුවෙමි. මාලන්, උඹ හරි! මුන්ට බ්ලොග් ලියල වැඩක් නෑ...

Monday, January 21, 2013

අඹ ගහ යට අඩවි පරිපාලනයෙන් ඉවත් වීම

"අඹ ගහ යට" අඩවි පරිපාලනයෙන් ඉවත් වීම.

පෞද්ගලික හේතූන් මත "අඹ ගහ යට" අඩවි පරිපාලනයෙන් ඉවත් වන බව "අඹ ගහ යට" සින්ඩිය හා සබැඳි ඔබ සියලු දෙනාට මෙයින් දැන් දී සිටිමි.


මින් මතුව "අඹ ගහ යට" පරිපාලනය සම්බන්ධව මාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවද මෙයින් දැනුම් දෙමි.

මෙතෙක් කලක් "අඹ ගහ යට" [මගේ වගේ] රැඳි සිටීමට අවස්ථාව දුන් චාමිට ස්තූතියි..!


මාලන්.


“අපි වෙඩි තියන්නේ තරහට නෙමෙයි.
අපි වෙඩි තියන්නේ නැත්තේ ආදරේටත් නෙමෙයි.

නිකන්……
නිකන්ම.. නිකන්..
හුළං වගේ නිකන්”
- මේ මඟේ සඳයි


Friday, December 21, 2012

ටැබූ සබ්ජෙක්ට්ස් ලියූ අවසන් ලිපිය

ටැබූ සබ්ජෙක්ට්ස් යනු එතෙක් මෙතෙක් පහළ වූ විශිෂ්ටතම සින්හල බ්ලොග්කරුවා බවට අවිවාදිතය. මේ උපුටා දැක් වෙන්නේ ඔහු ලියූ අවසන් ලිපියයි.

ආගම්වාදය සහ ජාතිවාදය ඔඩු දුවා අති මෙවන් මොහොතක ඔබේ අගය වඩාත් දැනේ..!  

------------------

ශිෂ්ට සමාජයක ආගම යනු පුද්ගලයකු හා සම්බන්ධ අතිශයින් පෞද්ගලික දෙයකි. එය කෙනකුගේ රුචිය තේ වලටද, කෝපි වලටද නැතොත් කෝලා පානයකටද වැනි කාරණාවක් මිස සමාජයට අදාළ කටයුත්තක් නොවේ. කතෝලික පල්ලියක බිත්ති හතර තුළ වන දෙයක් වෙතොත් ඒ කතෝලිකයන්ට පමණක් අදාළ දෙයකි. (අදාළ කටයුත්ත නීති විරෝධී හා සමාජ විරෝධී වන්නේ නම් හැර) කුරාණයේ ඇති දෙයක් අදාළ වෙතොත් ඒ ඉස්ලාම් භක්තිකයින්ට පමණෙකි. A දෙයියාට වඩා B දෙයියා හොඳය; කාරුණිකය; බලසම්පන්නය වැනි කාරණා වාදයකට ගත යුතු මාතෘකා නොවේ. එක – A දෙයියාද, B දෙයියාද ඉන්නවාද නැද්ද වත් දන්නා කෙනෙක් වත් නොවෙති. ඔවුන්ගේ ශක්‍යතාවයන් තියා, පැවැත්ම වත් විද්‍යාගාරයකදී පරීක්ෂා කළ නොහැකිය. දෙක – හොඳ, කාරුණික බව, බල සම්පන්න බව යනාදිය අවාස්තවික (subjective) කාරණාය. තුන – A දෙයියා ඇත්තටම B දෙයියාට වඩා හොඳ වුවද, B දෙයියාගේ අනුගාමිකයින් එය පිළිගනීය සිතීම උගහටය. ආගමකට ආගමක් කියන්නේ එනිසාය.
ගංගොඩවිල සෝමගේ ධර්මය හා ඔහුගේ භූමිකාව ගැන සුළු ගැටළු තිබුණද ලේඛකයා පොදුවේ සෝම දකින්නේද මේ ශිෂ්ට හැසිරීමෙන් විපථ නොවූ ආගමික නායකයකු ලෙසිනි. සෝම හැම විටම අවධාරණය කළේ තමන් ධර්මය දේශනා කරන්නේ බෞද්ධයින්ට පමණක් බවය. අහක ඉන්නා ‘මිථ්‍යා දෘෂ්ටිකයින්’ සිවිල් බලය යොදා ‘සම්‍යක් දෘෂ්ටිකයින්’ කිරීමේ වියරු, අප්‍රායෝගික සිහිනයක් සෝමට නොවීය. තමන් ඇදහූ ධර්මයට අනුව බෞද්ධයින් ‘වඩා හොඳ බෞද්ධයින්’ බවට පත් කිරීමෙන් ඔහු සෑහීමට පත් විය. මේ ශිෂ්ට ආගමික හැසිරීමට හොඳ නිදර්ශනයකි.
මෙයින් අදහස් කෙරෙන්නේ ශිෂ්ට සමාජය ආගමික නිදහස මුවාවෙන් ඕනෑම අටමගලකට ඉඩ දෙන බව නොවේ. ශිෂ්ට සමාජය ආගමට වඩා මානව සංවර්ධනයට හා පැවැත්මට වටිනා දේ ආරක්ෂා කරයි. එනිසා අවශ්‍ය තන්හීදී පොදුවේ මානවයාට අහිතකර ආගමික ක්‍රියාකාරකම් වලට වැට බඳියි. එය ආගමික නිදහස අවම කිරීමක් සේ අර්ථ දැක්විය යුතු නොවේ.
උදාහරණයක් හැටියට මේ ලේඛකයා වරෙක කටුනායක ගුවන් තොටුපළෙහි උල්පැන් ගෙයකදී (toilet) දුටුවේ මක්කම වන්දනා කිරීමට හැරහෙන ඉස්ලාම් බැතිමතකු අමාරුවෙන් පය සින්කයට ඔසවා එය සේදීමට තැත් කරන අයුරුය. එහි සින්ක ඇත්තේ පය සෝදන්නට නොවන බැව් පෙන්නා දුන් විට ඔහු කෝපයෙන් කීවේ පය සේදීම (ablution) මක්කම වන්දනාවට සැරැහෙන කෙනකු අනිවාර්යයෙන්ම කළ යුතු ආගමික කටයුත්තක් බවත් ගුවන් තොටුපළෙහි ඊට නිසි පහසුකම් නැති හෙයින් මෙසේ කිරීමට සිදුව ඇති බවත්ය. (මුස්ලිම් රටවල ගුවන් තොටුපළ වල මේ සඳහා බිම් මට්ටමේ සවිකළ පයිප්පද පිඨිකාද වේ. අනෙක් රටවලද එසේ වී නම් හොඳ වුවත් එය අනිවාර්ය අවශ්‍යතාවයක් නොවේ. මේ සිරිත ගුවන් තොටෙහිදීම කළ යුතු යැයි කුරාණයේ කොතැනක වත් ලියැවී නැති නිසාය.) පැමිණිලි කොට ලබන ප්‍රතිචාරය කවරේද නොදන්නා නිසා ලේඛකයා නිහඬ විය. නමුත් බටහිර රටක මේ සිදුවීම වූයේ නම් ඔහු අනිවාර්යයෙන්ම පැමිණිලි කරනු ඇති අතර, එහිදී ගනු ලබන ක්‍රියා මාර්ගයද පැහැදිළිය. ශිෂ්ටයෝ, පිරිසකගේ ශරීර සුවතාවය එකකුගේ මුග්ධ ආගමික වතාවතකට වඩා වැදගත්ය සිතති.
අශිෂ්ට සමාජයක් ආගමට සලකනු ලබන ආකාරය මීට ඉඳුරා වෙනස්ය. මේ සමාජයක ආගම පුද්ගලික නොව ගෝත්‍රික කටයුත්තක් බවට පත් වේ. ගෝත්‍රික කියනුයේ මෙවන් සමාජයක ආගම කෙනකුගේ ජාතිය, ඇසෙහි පැහැය, ශරීර වර්ණය සේම උපතින්ම තීරණය වන දෙයක් නිසාය. ඉතාම කලාතුරෙකින් කෙනෙක් මෙසේ තමන්ට ජන්මයෙන් උරුම වන ආගම අත් හැර එක්කෝ නිර් ආගමික වෙති; නැතොත් වෙනත් ආගමක් සරණ යති. ඉතිරිය දිවිය මුළුල්ලෙහි තම ජන්ම උරුමය වූ ඉඩ කඩම් සුරකිනවාටද වඩා ස්නේහයෙන් ආගම සුරැකීමේ නියැළී හිඳ ආගම මිනී වළට හෝ සොහොනටද ගෙන යති. තමන් හරිය අනෙකුන් වැරදිය කියා ඔප්පු කිරීමට මිනී මැරීම හැර අන් සියල්ල කරන්ට නොපැකිළෙති. තමන්ගේ මෙලොව පැවැත්මේ හරය අන් සියළු ආගම් මැඬ තමන්ගේ ආගම පැතිරවීමය මෝඩ ලෙස විශ්වාස කරති. (මෙරට නම් මෙය ආගම සම්බන්ධව සේම දේශපාලන පක්ෂ සම්බන්ධවද සත්‍යය. දෙමාපියන් යූ ඇන් පී කාරයින් වූ හෙයින් තවමත් යූ ඇන් පියට ඡන්දය ප්‍රකාශ කරන විශාල පිරිසක් අප අතර වෙති.)
මේ දීර්ඝ අටුවාව පසුගිය දිනෙක සිංහල බ්ලොගවකාශය පුරා දුර්ගන්ධය පතුරවමින් පැතිර ගිය ගෝත්‍රවාදී ආගමික මඩ සටන ගැන අපේ ස්ථාවරය පැහැදිළි කරනු පිණිසය.
ආගම සම්බන්ධයෙන් අපට ගැටළු රාශියක් ඇත. ඒ තනි තනි ආගම් වශයෙන් නොව ඒවා පොදුවේ සමාජයේ ප්‍රවර්ධනයට මං ඇහිරීම සම්බන්ධවය. ආගම පක්ෂ-දේශපාලනයෙන් වියුක්ත විය යුතු බව අපි සිතමු. (මෙහි විලෝමය – ස්වාර්ථය උදෙසා ආගම පක්ෂ දේශපාලනයට වැද්ද ගැනීම අනුමත කරන්නන් විසින් විරුද්ධවාදීන් එවන් ආගම්වලට පහර ගැසීමද විඳ දරා ගත යුතුය.) සුන්නත් කිරීම, හලාල් යන මිථ්‍යා විශ්වාසයට මුවා වී කරන කෲර සත්ත්ව ඝාතනය, බිලි පූජා උදෙසා සතුන් මැරීමඇතුළු සකල විධ ආගමික හිංසනයන්ටද, ගෞතම බුද්ධ වචනයට පටහැනි ලෙස කුඩා දරුවන්ට ඔවුන්ගේ ළමා කාලය අහිමි කෙරෙමින්ද, ඔවුන් විවිධාකාරයේ ලිංගික හිංසනයන්ට ලක් වන සුළු ලෙසද කෙරෙන අඩු වයස් මහණකිරීම්වලටද අපි විරුද්ධ වී ඇත්තෙමු. (පුදුමයකට මෙන් ලංකාවේ සිදුවන්නේ යැයි කිසිම සාක්ෂ්‍යයක් නැති බාලිකා සුන්නත් කිරීම් ගැන පවා ලොමු ඩැහැ ගැන්වෙන සුළු පින්තූර පළ කරමින් කතා කරන සිංහලබෞද්ධ යැයි කියා ගන්නා ගෝත්‍රවාදීන් ළමා මහණ කිරීම් ගැනද, පන්සල් වල සුලබ ළමා ලිංගික අපයෝජන ගැනද සම්පූර්ණයෙන් නිහඬය
මේ අප විසින් ආගම මානව සමාජයේ උන්නතියට එරෙහිව ක්‍රියා කෙරෙන ආකාරය ගැන සේම තක්කඩියන් විසින් ආගම ස්වාර්ථය උදෙසා වැරදි ලෙස අර්ථ දැක්වීම ගැනද ලියන ලද සටහන් වල දීර්ඝ එකතුවයි. මේ එක් ආගමක් ආරක්ෂා කොට අනෙක්වාට දුවන්ට පහර දීමක් නොව ආගමය කුමක් වුවද අයුත්තට දුටු තැන එරෙහි වීමක් බව බුද්ධිමත් පාඨකයා වටහා ගනු ඇතැයි සිතමු. (එය තමන්ට පමණක් එල්ල කළ ප්‍රහාරයක් සේ ගෝත්‍රවාදීන් වටහා ගන්නේ නම් එහිද පුදුමයක් නොවේ. ඔවුන් ගෝත්‍රවාදීන් නිසාය.)
1. හලාල් කළ කෲරත්වය | Halaalised Cruelty (පෙබරවාරි, 2009)
2. දළදා වතුර මිථ්‍යාව | The myth of ‘Dalada Vathura’ (මාර්තු, 2009)
3. අබෞද්ධ ළමා මහණකරණය | Un-Buddhist child ordination (මාර්තු, 2009)
4. අල්ලාහ්ගේ කැමැත්තද මේ? | Masha’Allah? (මාර්තු, 2009)
5. පෝප් සහ කොන්ඩෝම | Pope and Condoms (අප්‍රේල්, 2009)
6. දේවදත්ත | Devadatta (සැප්තැම්බර්, 2009)
7. හිනැහෙන බුදුන්ට හිනැහීම | Laughing at Laughing Buddha (සැප්තැම්බර්, 2009)
8. Sex in robes | සිවුරට හා ලෝගුවට මුවා වූ ලිංගිකත්වය (අප්‍රේල්, 2010)
9. Anandasangaree’s eye sore | ආනන්දසංගරීට ඇස් රුදාවක් වූ බුදු පිළිම (අප්‍රේල්, 2010)
10. Do good Buddhists eat more meat? | ගෙරි මස් කන්නා යහපත් සිංහල බෞද්ධයාද? (අප්‍රේල්, 2010)
11. Kiribathgoda Gnanananda’s Somawathi magic explained | කිරිබත්ගොඩ ඤාණානන්ද නම් මායාකරුවාගේ සෝමාවතී විජ්ජාව පැහැදිළි කිරීම (මැයි, 2010)
12. “කොටි සිරස” “බොදු සිරස” වූ වගයි෴ | “Koti-Sirasa” becomes “Bodu Sirasa” (මැයි, 2010)
13. සිංහල ඉස්ලාමයෙහි අභියෝගය | The challenge of Sinhalese-Islam (මැයි, 2010)
14. මගේ පුංචි මිතුරා | My Little Friend (අගෝස්තු, 2010)
15. ධර්ම දේශනය – කැසිනෝ සරණං ගච්ඡාමි | Casinos – the short cut to Dharma Rajya (නොවැම්බර්, 2010)
16. නාසරෙත්හි යේසුස් දෙස නිරුවත් ඇසෙකින් බැලීම | Jesus of Nazareth through a naked eye (දෙසැම්බර්, 2010)
17. දෙවියන් වහන්සේටද සීසර්ටද එකට කඩේ යාම | Serving two masters – the best survival tactic? (දෙසැම්බර්, 2010)
18. බුදුරැස් විහිදෙන සෝමාවතියේ ගං වතුර ආශ්චර්යය | The miracle of Somawathie (ජනවාරි, 2011)
අප ඒ සටනට ඇද ගන්ට කළ නේක විධ උත්හාස අබිමුවෙහි පවා, පසුගිය කාලයේ වූ ගෝත්‍රික ආගමික සටනට මැදහත් වන්ට අපට ඕනෑකමක් නොවූයේ මේ පෝස්ට හා ඒවාට සබැඳි කමෙන්ටු වලින් කී දේට අමතරව අපට අළුතින් එක් කරන්ට දෙයක් නොවූ නිසාය. ඉස්ලාම් ආගම ලෝකයේ ප්‍රාථමිකම, නොදියුණුම පමණක් නොව අතිශයින් පිළිකුල් සහගත ආගමික වතාවත් වලින්ද පළමු තැනට තේරෙන ආගම වුවද ඊට විශේෂයෙන් පහර දීමට අපට අවශ්‍යතාවයක් නොවූයේ ලංකාව තුළ මේ ආගමික වතාවත් දරුණුතම ප්‍රශ්නයක් නොවන හෙයිනුත් (උදා: බාලිකා සුන්නත් කිරීම් ලංකාව තුළ සිදුවන බවට සාක්ෂ්‍ය නැත. පර්දාව පැලැඳීම හෝ දිගු රැවුල පවා ලංකාවේ හැම ඉස්ලාම් භක්තිකයකුම අනුදත් සිරිත් නොවේ.) මේ ආගමික වතාවත් වලට පහර දීම තුළ ගෝත්‍රවාදීන්ට ඇත්තේ ඒවා නිවැරදි කිරීමේ අවශ්‍යතාවය නොව ජාතියක් ලෙස මුස්ලිමුන්ට පහර දීම බව අපට රහසක් නොවූ නිසාය. නිවැරදි කිරීමට අවශ්‍යම නම් ඉහත සඳහන් කළ කාරණාවලට අමතරව බෞද්ධ භික්ෂූන් බුලත්විට කෑම, හින්දූන් කාලි මෑණියන් නමින් කර ගන්නා දරුණු ස්වහිංසා, කතෝලික පල්ලිය ඒඩ්ස් වැනි දරුණු ලිංගාශ්‍රිත රෝග පැතිරීම වැළක්වීම පිණිසවත් කොන්ඩෝම භාවිතයට ඉඩ නොදීම වැනි තවත් කාරණා රාශියක් වේ. මේවා ගැන වචනයක් හෝ නොදොඩා එකම ආගමකට තනිකර පහර දීමේ යටි අරමුණ වටහා ගැන්ම අසීරු නොවේ

Monday, November 26, 2012

තවත් සෙල්ලම්බඩු ඉල්ලුවොත් ඕනෙ එකක් අරංදෙන්ඩ සෑර්. අපි ගෙවනවා. අපෙ උන්ට ඔය කුරුම්බැට්ටි මැෂින් තියෙන්නෙ..!

ලංකාවේ දැන් දැන් සිදුවන දේ ගැන කල්පනා කරමින් ලේ කෝප කර ගන්නට ගියොතින් වන්නේ අපේ ආයුෂ කොට කර ගන්නටය. එනිසා මහ එකාලට පොඩි එකාලට සහ ඒකලාට කඹුරන එකාලට ඕන කුදයක් ගහ ගන්නට හැර කට සහ පු* වසා දන්නේ නෑ දැක්කේ නෑ මෙන් සිටීම දැන් මගේ සිරිතය. ඇරත් ඒවා ගැන ලේ කෝප කර ගත්තා කියා අපිට කරන්නට පුළුවන් ලබ්බක්ද නැත. යම් හෙයකින් මොනයම් හෝ එහෙයියන් මාරුවකින් මේ යකා ගියත් එන්නේම මේ වගේම යක්කු බව දන්නා නිසා නිහඬව සිටිනු ඇරෙන්නට වෙන කරන්නට ඇති දෙයක්ද නැත.

ලංකාව චන්ද්‍රිකාවක් යවන්නට යන බව ලංකාදීපය වාර්තා කොළේ මීට මාසයකට පමණ පෙරය. එය කියවා කමෙන්ට් දැමු පිටරට සිටින ඈයෝ ලාබෙට ලංකාවට කෝල් ගැනීමටත් ලංකාවේ සිටින ඈයෝ ලාබෙට පිටරට චැනල් බැලීමටත් සිහින දකිමින් සිටියා මට මතකය.

අනේ සාදු..! අපිටම කියලා චන්ද්‍රිකාවක්..!

ලංකාවේ සිදුවන සියළුම නාඩගම් අතරේ "චන්ද්‍රිකා" නාඩගම [කලින් පෙන්නු විජය-චන්ද්‍රිකා නාඩගම නොවේ වෙන නාඩගමක්] බලාගෙන, ආතල් එකේ චන්ද්‍රිකා උඩ යන හැටිද බලා සිටින අතරේ, අපහට ඇස ගැසුනේ අපූරු විඩියෝවක්. ඒ අභ්‍යවකාශ ඉන්ජිනේරු [වෙන්ට අචාර්යය] රොහිත කුමරු "අද දෙරණට දීලා තිබුණු ඉන්ටර්විවු එකක් [ඒක බලන්න මෙතන කොටන්න]

ඒකට අනුව, මේ චන්ද්‍රිකාව ලංකාවට අයිති වුවක් නෙමෙයි, එය අයිති චීනෙට. ඒක තියෙන්නේ ලංකාව උඩ අහසෙත් නෙමෙයි.  [වෙන්ට අචාර්යය] රොහිත කුමරුට අනුව අපේම අපේම අපේම කියලා චන්ද්‍රිකාවක් යවන්නේ 2015.

අන්තිමේ අපි කරලා තියෙන්නේ චීනෙට චන්ද්‍රිකාවක් යවන්න සල්ලි වියදම් කරපු එක විතරයි. මේ ගැන හරි අපුරූ සටහනක් දාලා තිබ්බා කණාමැදිරියා, කියවන්න "සිහින දකින කුමාරයා-CHINA SAT 12"


චීන කොඩිය අමාරුවෙන් වහලා, ලංකාවේ කොඩිය විතරක් පේන්න ගනිපු චන්ද්‍රිකාවේ ෆොටෝ එකක්, මෙන්න අපේ චන්ද්‍රිකාව "Proud to be a Sri Lankan" කියලා කට්ටිය ඒක ෆේස් බුක් එකේ ශෙයාර් කරද්දි ඇත්තටම මට මන් ගැනම දුක හිතුනා [ඒ බත් හරකුනුත් මගේ ෆ්‍රේන්ඩ් ලිස්ට් එකේ ඉන්න එක ගැන].

මට මතකයි මීට මාස කීපයකට කලින් ෆුටා 6% ස්ට්‍රයික් එක වෙලාවේ අධ්‍යාපනයට වෙන්කරන්න මුදල් නෑයි කියලා කට්ටිය නූලට තිතට ගණන් හදලා ඉරි ගහලා කොටු ගහලා ඔප්පු කරලා පෙන්නපු හැටි. ඒ අය මේ ගැන නම් සද්දයක් නෑ.

ඒ අතරේ මේ චන්ද්‍රිකාව ගැන හදලා තිබ්බ සින්දුව දැක්කම මට සන්සාරේ කියලා හිතුනා. ආච්චිලා, සියලා, නැන්දල මහප්පලා පුන්චි අම්මලා පුතාලා දුවලා හැමෝම මහ දවල් කට ඇරන් චන්ද්‍රිකා යන හැටි බලනවා.




"අපිට මොටෝ අජින මොටෝ" කියලා මේවට කට වහගෙන ඉන්න නම් ඇහැකි. ඒත් මේ බබාලගේ හීන වලට කවදහරි වන්දි ගෙවන්න වෙන්නේ අපේ දරුවන්ට කියලා හිතෙන කොට තමයි හිත කිරී ගැහෙන්නේ.


මේ ගෑන; ඕන දෙයක් ආතල් එකෙන් ගන්න චාමි සෑමා අපූරු ස්ටේටස් එකක් දාලා තිබ්බා. ඔය පහතින් උපුටා දක්වා තිබෙන්නේ ඒක.
---------------------
මගේ පොඩි උන් දෙන්නාගේ වගේම අනෙක් අයගේ දරුවන්ගේද සතුට ගැන මම හැකි පමණ සැලකිලිමත් වෙමි. තමා ප්‍රිය දෙයක් ලද විට දරුවෙකුගේ මුහුණේ ඇ‍ඳෙන තෘප්තිමත් සිනහව කාලාන්තරයක වෙහෙස අමතක කරවයි.

ගරු ජනාධිපතිතුමනි,
ඔබේ දරුවාගේ මුහුණේ තෘප්තිමත් සිනා පොදක් නංවන්නට මට හැකි දෙයක් මමද කරමි. ඔබේ දරුවාගේ සෙල්ලම් සැටලයිට් සිහිනය මල්ඵල ගැන්වීම සඳහා එක් ලාංකීය පුරවැසියෙකුට රුපියල් 2300 බැගින් මා, මගේ බිරිඳ සහ දරුපැටවුන් දෙදෙනා සඳහා වැටෙන රුපියල් 9200/- ක මුළු චීන ණය මුදල කිසිදු ප්‍රමාදයකින් තොරව නියමිත කාලය තුලදී කෙසේ හෝ ගෙවා දැමීමට මා පියවර ගන්නා බව සතුටින් දන්වා සිටිමි.

(ප/ලි - තවත් සෙල්ලම්බඩු ඉල්ලුවොත් ඕනෙ එකක් අරංදෙන්ඩ සෑර්. අපි ගෙවනවා. අපෙ උන්ට ඔය කුරුම්බැට්ටි මැෂින් තියෙන්නෙ...)

----------------------

ප.ලි: මමනම් දැන් හිත හදාගෙන ඉවරයි. අපේ අනාගත ජනපති කඩවසම් නාමල් කුමරු, ආරක්ෂක සහ විදේශ කටයුතු පිළිබඳ ඇමති යෝශිත රාජපක්ශ, වරාය, සිවිල් ගුවන් සේවා, අභ්‍යවකාශ කටයුතු පිළිබඳ ඇමති ආචාර්යය රෝහිත රාජපක්ශ. අධ්‍යාපන ආමාත්‍ය මාලක සිල්වා [මේ වන විට උසස් අධ්‍යාපන අමාත්‍යංශයක් නැති බව සැළකිය යුතුය]. රජයේ මාධ්‍ය ප්‍රකාශක රංග ජයවර්ධන හෝ - [ඇමති උපදේශක චතූෂ තුෂර කුමාර. කාටද ආඩම්බර..? අපිටනේ]

මෙහෙම වෙනවට අකමැතිනම් කරන්න ඕන පොල්පිති විප්ලව කරන්න යන එක නෙමෙයි [දැක්කනේ බොරැල්ල හන්දියේ ඔපරේශන් වැලිකඩ..?]
1. හැකි ඉක්මනින් ලංකාවෙන් බටහිර අධිරාජ්‍යවාදි යුදෙවු ක්‍රිස්තියානි රටකට තොලොන්චි වීම [අහසින් හෝ බෝට්ටුවෙන්]
2. එය නොහැකිනම් රජයේ මොකෙක්ට හෝ කොක්ක ගසා රජයේ හිතෛශීවන්තයෙක් වීම [මෙය අතුරේ යන්නාක් මෙන් කළ යුතු දෙයකි, ශිරාණි බන්ඩාරනායකද ලංකා බැංකු සභාපතිද කළකට පෙර මෙලෙසම රජයේ=පවුලේ හිතෛශීවන්තයන් වූ බව සිහිකටයුතුය]
3. එයත් නොහැකිනම් කට සහ පු* වසාගෙන, දන්නේ නෑ දැක්කේ නෑ මෙන් වාසය කිරිම [ඔවු මම මේ කියන්නේ දැන් ජීවත් වෙනවා වගේම ජීවත් වෙන්න කියලා]

Wednesday, November 7, 2012

ෆේස් බුක් ස්ටේටස් එකක් කියවා පු*න් හිනා යාම

මුලින්ම කිව යුතු කාරණයක් වන්නේ "පු*" යනු කුණුහරුපයක් නොවන බවයි. මෙය අප වෙත සැකයකින් තොරව ඔප්පු කර පෙන්වූයේ කලා ශූරී, කලාකීර්ති, කවීශ්වර ප්‍රවීණ බ්ලොග් කරු "කතාන්දර" මහතා විසිනි [කාකා සෑම තනටම තමන්ව ලින්ක් කරගන්න නිසා ලින්ක් කළේ නැත]. කෙසේ හෝ මේ අග්‍රගණ්‍යය පු* ගැන නැවතත් අපට මතක් වන්නේ වෙන්ට-පුකේශ්වර තිසර මහතා විසින් ලියා තිබුණු යාන් හෑල්ලක් නිසාය.

ඒ යාන් හෑල්ල අපට වඩා හොඳින්, ඉතා හොඳින් වෙන්ට-පුකේශ්වර තිසරයාගෙන්ම කියවීම ඔබිනා නිසා කොටසක් පමණක් උපුටා ගනිමින් එයට ලින්කුවක් තබමි.


"මං..... දැන් අවුරුදු..... 21 තිස්සේ.... පුකවල් බලනවා... අයිසේ..... ඒත්.. ඒත් අද තමයි... ඉස්සෙල්ලාම.. පුකක් මගෙ දිහා බැලුවෙ"

සම්පූර්ණ සටහනට මෙතන ඔබන්න [තවත් පුකේශ්වරයෙක් වන මාතලන් ගොයියා කිව්වාක් මෙන් මේ සටහන කියවීමේදි ඔබට හිනාවී පණ යන්නට හැකි නිසා ප්‍රවේසමින් කියවන්න]

කෙසේ හෝ, තිසරයා ලියා තිබුණේ දොස්තර කෙනෙකු දෙස බැළු පු*ක් ගැනය. අප ලියන්නට යන්නේ පු*න් හිනා යාමක් ගැනය. 

පු* පැළී මිය යන්නට ආසන්න සිනාවක් ගැනය.

ෆේස් බුකියට ගොඩ වදින සෑම දිනකම මා ගොඩ වැදී බලන ප්‍රොෆයිල් කීපයක් තිබේ. මේ ගොඩට විවිද විවිද දේශපාලන මතවාද දරන්නන් අයත්ය. තමන්ගේ දේශපාලන මතවාදය එළිපිට කතා කරන ඔවුහු දිනපතා තමන්ගේ ස්ටේටස් අප්ඩේට් කරන අතර ඔවුන් වටා එකතුවී එයට ඌණ පූරණ එකතු කරන පිරිසක්ද සිටිති.  


මේ නිසා මේ ස්ටේටස් අප්ඩේට් සහ එයට ලැබෙන ප්‍රතිචාර කියවීම බ්ලොග් පෝස්ටයක් කියවීම හා සමවන අතර එවැනි සංවාද වලින් අපහට වත්මන් ලාංකීය සමාජය ගැන ගත හැකි මිනුම් බොහෝය. [මෙය "මයික්‍රො බ්ලොගින්" යන නමකින් හැදින්වීම නිවැරිදි යැයි මට සිතේ].

කිසිම දින කමෙන්ට් කර නැතත්, මිතුරු ලිස්ට් එකක නැතත් අප මෙලෙස මොවුන්ගේ දේශපාලන මතවාද කියවන්නේ බොහෝ කලක සිටය. එනිසාම ස්ටේටස් අප්ඩේට්කරුවන් මෙන්ම එහි කමෙන්ට් කරන්නන්ගේ දේශපාලන මතවාදයන් ගැනද අපිට ඉතා හොඳ අවබෝධයක් ඇත.

මා කියන්නට යන්නේ අයියා මල්ලි එසේත් නැතිනම් ගුරා ගෝලයා වැනි ස්ටේටස් අප්ඩේට් කරුවන් දෙදෙනෙක් ගැනය. ඔවුන්ගේ මෑත අතීතය ගෙන බැළුවහොත් ඔවුනොවුන් පෑහුනේ කිරට මිරිස මෙනි, ජාඩියට මූඩිය මෙනි, මෙහාරට නේනක මෙනි [මේ දෙදෙනා ගැන අප කලින් ලියා ඇති සටහනක් මෙතනින් කියවන්න]. 




පෙනුමේ හැටියට එකෙක් අධිරාජ්‍යවාදයට එරෙහිව විජය දද නංවන්නෙකි අනෙකා සිංහලබෞද්ධ ජාතිකත්වය වෙනුවෙන් පෙනී සිටින්නෙකි. එකෙක් කොයිතරම් වැරදි තිබුණත් අවසානයට ඔන්න ඔහේ මහින්ද මාමා හොඳයි කියන්නෙකි අනෙකා මහින්ද මාමාගෙන් තොරව පැවත්මක් නැතෙයි කියන්නෙකි. දෙදෙනාම රාවණා විරොධියෝය [ඔන්න වර්ගපුර්ණිකාව ලියන්නේ මේ අය කියලනම් නෙමෙයි මම කිව්වේ ;-)], දෙදෙනාම රනිල් සහ යූ.න.පී විරෝධියෝය. මෙසේ ලිවිය හැකි සමානකම් බොහෝය. 

හම්බාවන් නමති සත්තව විශේෂය ව්‍යාප්තිවාදයට එරෙහිව මේ දෙදෙනා පෙනී සිටියේ එකටය. මල්ලි බොහෝ විට උපදෙස් ගත්තේ අයියාගෙනි. අද අප දකින මුස්ලිම් විරෝධයේ මූලීකයන් වන්නේ පෙරමුණේරාළ සහ මොවුන්ය [මේවා අමතක වන්න නම් අපි මැරී නැවත ඉපදෙන්නට ඕනෑය]. 

බට කැළයට ගිනි තැබීමට ගිනි පුපුර මතු කරගන්නට කෝටු ඇතිල්ලුවුයේ මොවුන් එකටය. ගිනි පුපුර දැන් මහ ගින්නක් වෙමින් බට කැලය ගිනි ගමින් ඇවිලේ. මෙය අප ගම් දන්වු පවා තව නොබෝ දිනකින් දවාලනු නොනුමානය.
 

මම නැවතත් පු*ට එමි.

මා සිටියේ අයියාගේ ස්ටේටස් අප්ඩේට් කියවමිනි. මට එක විටම හිනාවෙන හඩක් ඇසුනි. ඒ මහ හයියෙනි. අනපේක්ශිත ලෙස අසුනු ඒ සිනා හඬින් මා වික්ශිප්ත වන අතර කිසිවෙකුත් ලඟ පාතක නොහිටි නිසා එය මනෝ විකාරයැකැයි සිතා නැවතත් ස්ටේටස් එකට සිත යොමු කෙරුවෙමි. "බුහාහහහහා" නැවතත් ඒ සිනා හඩමය. කරුණු නිසි ලෙස සොයා බැළු විට මට පෙනුනේ ඒ සිනා සෙන්නේ මගේ පු* බවයි.
ස්ටේටස් එක කියවන සෑම විටම මේ සිනාහඬ ඇසුනු අතර එය නවත්වන විට සිනා හඩ නැවතී යයි.

පු*න් සිනා ගිය අයියාගේ ස්ටේටස් අප්ඩේට් එක:

මේ දිනවල මුස්ලිම් ජනයාට එරෙහිව මාරාන්තික වෛරයක් දේශනා කරමින් අන්තර් ජාලයේ පෝස්ටර් සාදන, සහ තැන, තැන රැස්වීම් තබා, මහා වීර ක්‍රියා සේ ඒවා පෙන්වන කල්ලි සහ කණ්ඩායම් හතු පිපෙන්නා සේ බිහිවේ...මොවුන්ගේ ක්‍රියා කාරකම් බලා සිටීමෙන් අපට මෙබඳු ගැටළු කිහිපයක් පැණ නැගී ඇත....

1. මේ කණ්ඩායම් මුළු දවස පුරාම පෝස්ටර් සාදමින් ප්‍රචාරය කරති...ඒවා ඉතාම හොඳ "ෆොටෝ ෂොප්" දැනුමක් සහිත අය විසින් කරන අතර, සෑහෙන වෙලාවක් ග...

ෙන, වර්ණ සහ රූප ආදිය සම්මිශ්‍රණය කර නිර්මාණය කරනු ලබති...එම නිසා, මුළු දවස පුරාම මේවාට කැපවී, මේ කණ්ඩායම් අන්තර් ජාලයේ මෙහෙයවන පිරිස් සිටිනවා විය යුතුය...වෙනත් රක්ෂාවක් කරන්නට වෙලාවක් නැතුවම මෙලෙස කටයුතු කරන මොවුන්ට ජීවත් වන්නට මුදල් ලැබෙන්නේ කොහෙන්ද...?




2. මාතෘ භූමියට අප්‍රමාණ සෙනෙහසක් පාන බව කියා මුර ගාමින්, තමන්ගේ මහන්සියෙන් බිස්නස් එකක්, රක්ෂාවක් කරගෙන ඉන්නා රටේම ජන කොටසකට අතොරක් නැතුව බැණ වදින මොවුහු, එළිපිටම අපට ගොරවන ඇමරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදීන්ගේ ගෙරවිලි වලට එරෙහිව වචනයක් නොකියන්නේ ඇයි...?...රට තුළ පාඩුවේ සිටින ජන වර්ගයකට එරෙහිව පාන ප්‍රතිරෝධය සහ පෙරට ගෙනෙන කකියන ලේ, එවැනි සැබෑ තර්ජනයකදී "මීක්" සද්දයක් නොපා සඟවන්නේ ඇයි..?...මුස්ලිම් ජනයාට එරෙහිව දමන පෝස්ට් වල, තබන රැස්වීම් වල, අලවන පෝස්ටර් වල තිබෙන වෛරයෙන් එක අංශු මාත්‍රයක් ඇමරිකාවට නොපාන්නේ ඇයි...?...මහා විමසිලි මත් කමකින් මුස්ලිම් වරුන්ගේ සෑම ඉරියව්වක්ම, හැසිරීමක්ම නිරීක්ෂණය කර ඵල කරන මොවුහු, ජිනීවා අර්බුදය සහ එහි ඉදිරියට සිදුවන දේ ගැන නොසොයන්නේත්, දැනුවත් නොකරන්නේත් ඇයි...?...නොදන්නවා, නෑසුනා සේ ඉන්නේ ඇයි...?



3. මේ කල්ලි වල ඉදිරියෙන්ම ඉන්නා "වීර භික්ෂූන්" මින් පෙර කිසිදු දවසක බණක් දහමක් ප්‍රසිද්ධියේ දෙසනවා හෝ ගැඹුරු ධර්ම සාකච්ඡාවක් පවත්වනවා අප දැක නැත්තේ ඇයි...?...මේ භික්ෂූන් මුස්ලිම් වෛරය පෑමට හැර වෙනත් කිසිදු දේකට පෙරමුණ ගන්නවා අප දැක නැත්තේ ඇයි...?...මේ භික්ෂූන්ගේ නම් එක රැයකින් ප්‍රසිද්ධ වෙන්නේ ඇයි...?...


4. කොටි සංවිධානය සමග තිස් අවුරුද්දක් යුද වැදුණු සමයේත්, එම යුද්දයේ අවසාන කාළයේත්, සාම රංගන අතර තුර කොටි ශක්තිමත් වූ කාළයේත්, මේ අද පඳුරට දුසිම බැගින් පහළවන "වීර හෙළය රැකීමේ සංවිධාන" බිහි නොවුනේ ඇයි...?...වෙනකක් තබා, ඒ යුද්දයේ අවසාන සමයේදී සයිබරයේ වත් අද අප මේ දකින වීර මුහුණු දැක නැත්තේ ඇයි...?...


5. මේ වෛර ප්‍රචාරයට සහ මේ සියළු "වීර ව්‍යාපාර" වලට මුස්ලිම් ජනයා පමණක් ඉලක්ක වන්නේ ඇයි..?..ඔවුන් විසින් කළ සුළු හෝ වරදක් කියන විට ඔවුන්ගේ ආගමට, සංස්කෘතියට සිටම නිර්දය ලෙස පහර දුන්නත්, වෙනත් කිසිදු පාර්ශවයකට එවැනි චෝදනා එල්ල නොකරන්නේ ඇයි...?...


6. කොටි ඩයස්පෝරාව තවමත් රටට එරෙහිව එල්ල කරන ජාත්‍යන්තර මඩ ප්‍රචාරයන්ට සයිබරයේවත් උත්තරයක් සැපයීමට මොවුන් කිසිදාක වෙර යොදනවා අප දැක නැත්තේ ඇයි...?


7. දිනකට එක බැගින් විතර පන්සල් සහ නටබුන් ඩෝසර් කෙරෙනවා යැයි කීවත්, එවැනි ඩෝසර් කරන ලද එක විහාර භූමියක වත් ඡායාරූපයක් වත් ඒ අය ඵල නොකරන්නේ ඇයි...?...මෙතරම් වීරත්වයක් ඇත්නම්, ඒවාට ගොස්, ඡායාරූප ඇල්බම් පිටින් මෙහි ගෙනවුත් ඵල නොකරන්නේ ඇයි...?


8. මේ වීරයන්ගෙන් අති බහුතරය "ෆේක් ප්‍රොෆයිල්" වලින් නිර්ණාමිකව පෙනී සිටින්නේ ඇයි...?...සයිබරයේවත් නමක් ගමක් ඵල කරන්නට බය උන්, රටක් ජාතියක් රකින්නට ඉදිරියට එන්නේ කොහොමදැයි උන් පස්සේ යන අය නොසිතන්නේ ඇයි...?


9. වඩාත්ම වැදගත් ප්‍රශ්ණය -පෙර කවර කළකවත් නොමැති තරමේ මුස්ලිම් විරෝධයක් "මේ හදිස්සියේ" මෙලෙස පැණ නැගෙන්නේ ඇයි...?....


අයියාගේ ස්ටේටස් කියවීම නවතා දැමූ මම මල්ලීගේ ප්‍රොෆයිලය ක්ලික් කර බැළුවෙමි. මල්ලිනම් සුපුරුදු ලෙසම හම්බයන් නම්වූ සත්ත්ව විශේෂයේ ව්‍යාප්තියට එරෙහිව තවමත් සුපුරුදු පරිදි හඬ නගමින් උන්නේය.

හම්බයන් නම්වූ සත්ත්ව විශේෂය තුරන් කිරීමට තමන් ෆේස් බුකියෙන් කළ මෙහෙවර ගැන උදම් අනන මල්ලිගේ ස්ටේටස් එක:

මුස්ලීම් අන්තවාදය ගැන පැහැදිළි කරමින් මෙතෙක් කාලයක් බුකියේ ගෙන ගිය වැඩපිළිවෙළ 90% ක් පමණම සාර්ථක වී ඇත. එනම් අවජාතිකවාදීන් සුලු පිරිසක් හැරුණු විට ෆේස්බුක් භාවිතා කරන අති බහුතරයක් සිංහලයින් මුස්ලීම් ව්‍යාප්තවාදයේ භයානකත්වය ගැන දැනුවත් බැවිනි.




එම වැඩපිළිවෙළ ෆේස්බුක් එකට සීමා නොකොට රටටම ගෙන යාමේ අවශ්‍යතාවය අප බොහෝ දෙනා මෑතකදී මතු කළෙමු. එහි ආරම්භක ලිපිය දිවයින පුවත්පතෙන් පටන් ගෙන තිබේ. මෙම ලිපිය ලියූ මහත්මාට මාගේ ආචාරය පුදකරමි.



හම්බයින්ට කඩේ යන සිංහලයින් දැන් ෆේස්බුක් එකේ න...
ැති තරම් වන්නා සේම නුදුරදීම හම්බ කඩ වලට යන සිංහලයිනුත් නැති වෙන තැනටම රට ගෙන ඒම, සිංහලයින්ගේ මුදල් වලින්ම තර වෙන මුස්ලිම් ව්‍යාප්තවාදයෙන් සිංහල ජාතිය ‍රැක ගැනීමේ එකම ක්‍රමයයි. එය කරා යාම ලේසි පහසු නොවේ. ෆේස්බුක් එකේදී ඔබ අපට එල්ල වූ මඩ මෙන් නොව, පිටත ලෝකයේදී හම්බයින්ගෙන් මරණ තර්ජන වල සිට නඩු හබ දක්වාම කටයුතු වලට මුහුණ දීමට සිදුවේවි.


මෙය සංධාන ආණ්ඩුවට විරුද්ධ වැඩපිළිවෙළක් හෝ සුළු ජාතීන් මත යැපෙන කසිකබල් විපක්ෂයට කිසි සේත්ම වාසි ගත හැකි වැඩපිළිවෙළක් නොවේ. එනිසා ආණ්ඩුව මේ ගැන කලබල විය යුතු නැත. ඔවුන්ට තිබෙන්නේ මෙමගින් ලැබෙන ජන ‍රැල්ල යොදා ගනිමින් අවශ්‍ය දේ අවශ්‍ය විදියට ඉ‍ටු කිරීමයි. යුද්ධය දිනීමේ ගෞරවය ලැබූයේ සංධානය වූවා සේම හම්බ ත්‍රස්තවාදයෙන් සිංහල ජාතිය බේරා ගැනීමේ ගෞරවයත් සංධානයටම ලැබෙනු ඇත. එසේම අපගේ සිංහල ජාතිය බේරා ගැනීම ගැන අනාගතයේ ඉපදෙන දරුවන් මේ වෙනුවෙන් කැප වූ සෑම දෙනාටම පින් දෙනු ඇත.
මල්ලි අයියා මෙන් ස්ටේටස් අප්ඩේට් කර නොතුබුනේ මගේ වෙලාවටය. නැතිනම් මගේ පු*ට දෙවියන්ගේම පිහිටය.
ප.ලි: මේ ගැන අප මීට වසර එකහාමාරකට පමණ ප්‍රථම ලියූ සටහනක් අවසනට එක් කරන්නේ අප මෙම අනතුර දැක්කේ ඔවුන් ගිනි පුපුර ගන්නට කෝටු මදිනා අවදියේම බව නැවතත් මතක් කර දෙන්නටය. පොත් පුස්තකාල මෙන් වෙබ් ලින්ක් ගිනිතබා විනාශ කළ නොහැක්කේ අපේ වෙලාවටය.

පෙබරවාරි 23, 2011 at 9:47 පෙ.ව.

දෙමළ ජාතිවාදීන් ලොවපුරා විකිණූ පින්තූරය

පහත ඡයාරූපය කවුරුන් විසින් ගන්නා ලද්දැක්දැයි මම නොදනිමි,
නමුත් එය ගන්නා ලද්දේ 1983 ජූලි මස 23 වැනිදා බව දනිමි.
සිංහලෙන් කළු ජූලීය ලෙස හැදින්වෙන්නේ මෙදිනය,
ඉන්ග්‍රිසියෙන් නම් “Black July”ය.

දෙමළ වර්ගවාදී අරගලයට පෙට්‍රෝල් වැක් කෙරෙන්නේද,
බහුතරයක් වූ සමාන්‍ය දෙමළුන් LTTE යට සහය දීම ඇරඹුනේද මෙදායින් පසුවය. 




නිරුවතින් ඔළුවට අත ගසා ගෙන ඉන්නේ පර දෙමළෙකි
(උන්ගේ ආච්ච්ලට හාල් ගරන්න),

සිනා වෙමින් ඉන්නේ දේශහිතෛශී™ දේශමාමක™ මහප්පලාය
(අන්න නියම පොරවල්).

සිංහලයන්ට විමුක්තිය උදාකරදීම මහප්පලාගේ උදාරතර අරමුණ විය යුතුය.
“අපි දුන්නා අද පර දෙමළුන්ට දුවන්ට”
මහප්පලා ගෙවල් වල ගොස් දොඩන්නට ඇත.

නමුත් මහප්පලා උදාකළ විමුක්තියේ තරම දන්නේ අපය,
ලොවෙත් නැත
ලොවි ගහෙත් නැත.

කෙසේ හෝ වේවා පහුගිය විසිඅට අවුරුද්දක් පුරාවට මේ පින්තූරයට තිබුණේ පුදුම මාකට් එකකි,
අදද ඉල්ලුම අඩු නැත.

ප.ලි: මේ දේශහිතෛශී™ දේශමාමක™ මහප්පලාට ජාතකව (අවජාතක නොවේ) උපන් දේශහිතෛශී™ දේශමාමක™ සිංහලබෞද්ධ™ (තනි වචනයකි) පුතුන් සමහරක් සිංහලෙන් බ්ලොග්ද ලියති,
දන්නෝ දනිති.
දන්නේ නෑ දැක්කේ නෑ වගේ සිටිති

 



වින්දනාත්මක

සාහිත්‍ය

සමාජ/කාලීන

දේශපාලන

Followers

අපිව කියවන අය