විවිධ

Powered by Blogger.

Wednesday, August 14, 2013

ජාතීවාදය කහ පාටද..? කොළ පාටද..?

කාලෙන් කාලෙට එන වසංගත අනුව ෆේස් බුකියේ ප්‍රොෆයිල් පිකචර්ස් මාරු වීම අපේ ජහඃ මනයා කරගෙන එනු ලබන පාරම්පරික චාරිත්‍රයකි. [මේ එහෙයියන් මාරුව ගැන වචන 1000ක රචනාවක් ලිවීමට තරම් දේ ඇතත් කම්මැලිකම දෙයියන්ගේ මල්ලී කියන්නා සේ මම එය සුපුරුදු පරිදි "ටු ඩූ ලිස්ට්" එකට දමමි].

කොටියා පුත් පිරබාහරන් කළු අමුඩයක් ගසා ඔළුව පලාගෙන වල පල්ලට යැවූ දිනයේ පාරේ නටා කිරිබත් කා "ආයූබෝවේවා මහරජාණිනි" ගයා ප්‍රොෆයිල් පික්චර්ස් සිහ කොඩි දැමුවෝ; රතුපස් සමඟ කළු කොඩි දමාගෙන හංස ගී ගයනා විට අපිටනම් හිනා යන්නේ අහවල් තැනිනි. [එයද තවත් වචන 1000ක රචනාවකි].

රතු-පස් වලින් චැනලය GRAND-pas වලට මාරු වෙද්දි කළු වුන මූණු වලට; කහ පසු බිමේ පහක් දමන්නේ

"ජාතිවාදය එපා" කියාගෙනය.

ජාතිවාදය එපා වීම හොඳය. අපිද ලයික්ය. 

ඒ නාඩගම එසේ යද්දි අනිත් පැත්තේ කටු කන කුක්කන් අභියෝගකරන්නේ
"එම්බා, කහ පාට නැතුව කොළ පාට දමා පෙන්වම්" කියාය. 

[මේ අභියෝගය එක්තර දොස්තර මහත්තයෙක් කරනා කල්හි අපිට පහන් සංවේග උපදින්නේ "අනේ තොගේ දොස්තර නළාව ගහගන් පු*" කියාය].

කෙසේ හෝ මේ අභියෝගය
"මැරෙන සැටි මම පෙන්වම්" කියා භාර ගන්නා අනේකාගේ පහ; දැන් පැත්තක් කහය පැත්තක් කොළය.

"කොළ පැත්ත ලොකු ඇයි..?" 

කියා අසනා පොල්බුරුවන්ට 2x2 කුණු හරුපෙන් අමතනවා වෙනුවට 

"සමමිතිකවයි බෙදලා තියෙන්නේ" කියා වග උතතර බදිනු දකිනා විට සිත්වන්නේ 

"මහින්ද මාමේ මුන් ඉන්නකම් ඔහේ රජ; මමත් එනවා ඔය පැත්තට" කියා අතේ එල්ලෙන්නටය.   

මහින්ද මාමිටම ගැලපෙන නල්ලමලේ ගැන්සිය..!



Friday, August 2, 2013

අන්වර් මනතුංග; ඔයාගේ සරම බිම. ශේප් එකේ ඇදගන්ඩ..!

ආගමට අපහාස කළ සවුදි බ්ලොග්කරුට කස පහර 600යි…, සිරදඬුවම වසර 7යි

සවුදි අරාබියේ ආගමික කටයුතු පිළිබඳ විවෘත සංවාදය සඳහා 2008දී ඇරඹි නිදහස් සවුදි ලිබරල්වාදියෝ නම් වෙබ් අඩවිය මගින් එහි නිර්මාතෘ රායිෆ් බඩාවි ඉස්ලාම් ආගමට අපහාස කළ බවට චෝදනා කරමින් ජෙඩාහි අපරාධ අධිකරණය ඔහු වෙත කස පහර 600ක සහ සත් වසක සිරදඬුවම් පණවා ඇතැයි වාර්තා වේ.
පසුගිය වසරේ ජුනි මසදී අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව රයිෆ් බඩාවි ජෙඩා නගරයේ බුරෙයිමාන් සිරගෙදර රඳවා ඇති අතර ඔහු මිථ්‍යා දෘෂ්ඨිකයකු බවත් ආගම හැර යාම සඳහා දඬුවම් ලබාදිය යුතු බවත් ප‍්‍රබල පූජකයෙකු විසින් පවසනු ලැබිනි.


ෂික් අබ්දුල්රහමාන් අල්-බරැක් පවසන ලද්දේ බඩාවි විසින් මුසල්මානුවන්, යුදෙව්වන්, ක‍්‍රිස්තියානින් සහ අදේවවාදීන් සියල්ලම සමාන බව පැවසීම දැඩි වරදක් බවයි.



ආගම හැර යාමට දඬුවම වන මරණීය දණ්ඩනය පනවනු ලැබීමෙන් ඔහු ගැලවී ගත්තේ අධිකරණය ඉදිරියේ තම මුස්ලිම් ලබ්ධික බව සනාථ කිරීමෙන් පසුව බව පැවසේ.

දඬුවමෙන් වසර 5ක් ආගමට අපහාස කිරීම මෙන්ම 2007දී බලාත්මක කෙරුණු සයිබර් අපරාධ නීතිය උල්ලංඝණය කිරීමේ චෝදනාව මත පැණවූ බවත් සවුදි අරාබියාවේ ආගමික පොලිසිය සහ සදාචාරය ප‍්‍රචලිත කිරීමේ සහ දුරාචාරය මැඬලීමේ කොමිසමේ ක‍්‍රියාකලාපයන් ප‍්‍රසිද්ධියේ විවේචනයට ලක්කිරීම මත තවත් වසා 2ක් සිරදඬුවමට එකතු කළ බවත් බඩාවිගේ නීතිඥ වලීඞ් අබු අල් කායිර් ඇමරිකානු මානව හිමිකම් සංවිධානයකට පවසා තිබේ.

2008දී රජය සහ බඩාවි අතර ගැටුම් ඇවිලූනු අතර 2009දී ඔහුගේ සියලූ දේපළ පවරාගැනීම සහ විදේශගත වීම වැළැක්වීමේ තීන්දුවක් ලබාදීම සමග 2012දී බඩාවිගේ බිරිඳ සහ දරුවන් විදෙස්ගත වූ බව වාර්තා වේ.

 ප.ලි: අන්වර් මනතුංග; ඔයාගේ සරම බිම. ශේප් එකේ ඇදගන්ඩ..!

Sunday, May 19, 2013

අනුරුද්ධ; එන්න ජයග්‍රහණයේ කොකිස් කන්න..!

චාමි සෑම්නම් දේශද්‍රෝහියා හරියටම මීට වසර දෙකකට කලින් මෙසේ ලිවේය. 

නිර්මාල් රංජිත් දේවසිරි නමැති දේශ ද්‍රෝහියා කුජීතම වූ, අන්තිම-අපක්ෂපාතී දෙරණ වාදපිටියෙන් උපුටා ගත්තකි.
කුජීත නිර්මාල් - දැං ඕනෑම යුද්ධයකට පස්සේ..... එන ප්‍රශ්නයක් තමයි... ඒ..... දැං මෙතන ප්‍රශ්නයක් තියෙනවා.. දකුණේ පාලනයට ඒ ජනයා මත තමන්ගේ ආධිපත්‍යය කැවත තහවුරු කර ගන්නේ කොහොමද කියන එක.....
ජයග්‍රාහී අනුරුද්ධ - මොකටද..?
කුජීත නිර්මාල් - ඈහ්.....?
ජයග්‍රාහී අනුරුද්ධ - මොකටද?
කුජීත නිර්මාල් - නැත්තං ඉතිං මේ රාජ්‍යය පවත්වගෙන යන්ඩ.....?
ජයග්‍රාහී අනුරුද්ධ - මුකුත් කරන්න ඕනෙ නෑ.... රාජ්‍යය පවත්වගෙන යන්න පුළුවන් ඕනෙනම්...... ඔය විදුලි බලය දෙන්න ඕනෙ නෑ රාජ්‍යය පවත්වගන්න.... අපි දිනලා ඉවරයි......!!!

"අපි දිනලා ඉවරයි......."
"අපි දිනලා ඉවරයි......."
"අපි දිනලා ඉවරයි......."
"අපි දිනලා ඉවරයි......."
"අපි දිනලා ඉවරයි......."
 
සියළු අනුරුද්ධ ප්‍රදීප්ලා ජයග්‍රහණය කොට අවසන්ය. මේ කාහල නාදය ඒ වෙනුවෙනි. 

උපුටා ගැනීම අවසන්.

මේ සටහනින් හරියටම වසර දෙකකට පසුව, 
ඒ ජයග්‍රාහී අනුරුද්ධ ප්‍රදීප්, කුජීත නිර්මාල් සමඟ එකට සිටගැනීමේ වරදට රැකියාවෙන් දොට්ට දමා තිබේ.

හඳගම සින්ත්ටික් සිහින ටෙලියේ මෙසේ කිවේය,


'අපි යන්නේ රවුමක, එතකොට කලින් පහුවුන දේවල්, ආයේ ආයේ අපිට මුණ ගැහෙනවා'

අනුරුද්ධ ප්‍රදීප්ගේ ඒ ජයග්‍රාහී හඬ මට නැවත නැවත ඇසේ,
 

"අපි දිනලා ඉවරයි......."
"අපි දිනලා ඉවරයි......."
"අපි දිනලා ඉවරයි......."
"අපි දිනලා ඉවරයි......."
"අපි දිනලා ඉවරයි......."

Monday, April 29, 2013

ලංකාවාසී ලොකු කුඩා සියළුම හොරු අපෙන් මෙසේ අසති..!

ලෝකල් මට්ටමේ හොරෙක් අපෙන් මෙහෙම අහනවා.
කෝ... දැන් උඹලා මට කලාද?

වැඩේ කියන්නේ දුමින්ද සිල්වා කියන ලෝක හොරත් නවලෝක දේවාලෙන් එළියට ඇවිත් අපෙන් ඇහුවේ ඕකමනේ.





කෝ... දැන් උඹලා මට කලාද?


Sunday, March 24, 2013

"පිස්සු ලාබයි "

 episode 6 : Facebook Marketing    (ගත්තේ මෙතනින්)

ආයුබෝවන් නෝනා වරුනි මහත්වරුනි අවුල්වූ ලෝකෙක නව වෙලඳ ප්‍රවණතා ගැන හදුන්වා දෙන කතා කරන """"" "පිස්සු ලාබයි " වැඩසටහනට ඔබව සාදරයෙන් පිලිගන්නවා අදත් .  අද අපි කතාකරන්නේ අලෙවිකරණය අලෙවි ප්‍රවර්දනය ගැන . එහි නව ප්‍රවනතාවයක් වන සමාජ වෙබ් අඩවි හරහා කරන ප්‍රවර්දනය ගැන . අද අපිත් එක්ක මේ සාකච්චාවට එකතු වෙන්නේ මුහුණු පොත නැත්නම්  facebook ඉල්ලක්ක කරගත් Godama1Rupee Marketing Agency  ආයතනයේ වෙළඳ ප්‍රවර්දන විශේෂඥයෙක් 


නිවේදක : අපිට පොඩි විස්තරයක් කරන්න පුලුවන්ද ඔබේ ආයතනයේ මෙහෙයුම් ගැන


අලෙවි විශේෂඥ  

මෙහෙම හිතන්න. ධම්ම චින්තා අහන ගමන් ලැට් එකට දිව්ව  මිනිස්සු ..දැන් තේක බොන ගමන් ,  ශරීර කෘත්‍ය කරන ගමන් කරන්නේ facebook බලන එක . ඉතින් අපි දානවා ධම්මපද ගාථා   බයිබල් පාඨ කුරාන් පාඨ  .. ..ඇත්තම ඒවා වෙන්න ඕනෙත් නෑ  නිකන් හදලා  වගේ දාන්න   පුළුවන් .  මේ  ක්‍රමය යටතේ  sales agents ලා  ඕනේ නෑ . ඔබ පලවූ දෙයට  එකඟ වුනත් විරුද්ද උනත් ඔබ උදව් වෙනවා පණිවුඩය ඈතට ගෙනියන්න                 

මොන වගේ දේවල්ද මේ දවස් වල වැඩියෙන් විකිනෙන්නේ ?

 දුක ජාති ආලයදේශ ප්‍රේමය ආගම් වගේ දේවල් තමයි වැඩිපුර


 පොඩ්ඩක් වැඩිදුර විස්තර කරන්න පුලුවන්ද එය


ඔව්. දැන් බලන්න අපි දානවා පින්තුරයක් පුංචි ළමයෙක් ගේ.  ප්ලාස්ටර් ටිකක් අලවල මුනේ                  බට  ටිකක් ඔබල නහයේ  .එතකොට ඔබේ හිතේ ඇති වෙනවා දුක . දුක ඕනේ නේ ජීවිත වලට  ...දුක නැති කර ගන්න සල්ලි වියදම් කරනවා මිනිස්සු. 

තව අපි ආරම්භ කරලා තියෙනවා , අවමගුල් දැන්වීම් සේවයක්  ..මරණයක් වුනාම දැන් පත්තර කන්තෝරුවට යන්න ඕනේ නෑ . දුරකථන ඇමතුම් දෙන්න ඕනේ නෑ . දැම්ම status  update  එකක් "ලොකු මාමා මළා මළගෙදර බදාදා " කියල එච්චරයි .අනික මිනිස්සුන්ටත් ලේසියි ,සුදු ඇඳගෙන මල ගෙවල් වල යන්න ඕනේ නෑ . එකට කොමෙන්ට් කරා එක්කෝ  "සාතිශය සංවේගය  " , "දුක තමයි රන්ජනී " , " අහෝ දුකකි ඉරකි තිතකි " කියලා
 .එච්චරයි .
 

ඔබ ආයතනය හරිම නිර්මාණශීලි බව නම් පෙනෙනවා අපිට කියන්න පුලුවන්ද ඔබ ලඟදි කරපු
සාර්ථක
 campaigns එහෙම 

මේ දවස් වල අපි දුවනවා දේශප්‍රේමය වැඩවීමේ ව්‍යාපාරයක් . මේක ට අනුග්‍රහය දක්වන්නේ සුළු    ජාතික පක්ෂ කීපයක් . " සිවුරෙන් ඇද  නංවමු දේශප්‍රේමය"  කියලා . අපි කෙටි  videos කිහිපයක්
ෂූටින් කරගෙන යනවා මේ දවස් වල දකුණු ඉන්දියාවේ .
          

තව අපි ශ්‍රී ලංකා පොලිසියේ අනුග්‍රහයෙන් කරනවා දුටුවාද  අපේ හීන් බාප්පා සිරිපාදේ නැතිවූ ?" කියලා . මේ ක්‍රමය යටතේ අපරාධයක් උනාම පොලිසියට  දුවන්න ඕනේ නෑ.  . දැම්ම status update එකක්  " අපේ ගෙදරට හොරු පැන්නා එන්න වහාම කියලා " .පළාතේ පොලිසියෙන්  ඔබට  ඒ අවස්ථාවට මුහුණ දෙන්න අවශ්‍ය මුලික උපදෙස් දෙනවා ක්ෂණිකව   කොමෙන්ට් එකක් හැටියට ." එල .හොරු අල්ලා තදින් බඳින්න. . අපි එන්නම් උදේට " වගේ  

දැනට සමාජයේ තියෙන ලොකු අඩුවක් තමයි අපිට එක්සිත්ව එක්සත්ව වෛර කරන්න  දුෂ්ටයෙක්නැති වීම.  ඒ අඩුව පුරවන්න අපි කෙටි campaign  එකක් කළා " ඇයි මාව මීට කලින් දැකල නැත්ද ,  නේ යනවා මනුස්සයෝ යන්න .."  කියලා . ඒ වගේ දේවල් තමයි ඉතින් අපි කරන්නේ


අවාසනාවකට වගේ අපිට ලැබී ඇති කාලය මින් අවසානයි . මේ වැඩසටහනට සහබාගි වූ ඔබට          

බෙහෙවින්ම ස්තුතියි .  නැවතත් වාරයක හමුවෙමු අවුල්වූ ලොවක වැඩියෙන්ම විකිනෙන දේ
ගැන කතා කරන්න 
"පිස්සු ලාබයි " සමගින්

 

Friday, February 22, 2013

බාලචන්ද්‍රන්ව මැරූ බ්ලොග් ලියන්නෝ


රජයේ හමුදාව විසින් බාලචන්ද්‍රන් අල්ලාගෙන පසුව වෙඩි තබා මැරූ බව කියන කතාව බොරුවක් බව උපකල්පනය කර ලියමි.....

හමුදාවට බාලචන්ද්‍රන් දරුවා අසුවූයේ නැත.
බිස්කට් කෑමට දී පසුව වෙඩි තබා මැරුවේද නැත.
හමුදාව එතරම් අමානුෂික නැත.
ඇත්තටම බාලචන්ද්‍රන් අසු වුවත් හමුදාව විසින් ඔහුව මරා නොදමනු ඇත.

එහෙනන් යකෝ මේ සංවේදි බ්ලොග්කාරයෝ කියන්නෙ බාලචන්ද්‍රන් මැරුව එක සාධාරණයි කියල. ඒ උන්ගෙ ප්‍රාර්ථනාව නේද? බලන් යද්දි මුන් හමුදාවට වඩා අන්තයිනෙ...

ප.ලි:
මාලන් විසින් ලියූ හැන්දෑව බ්ලොග් අඩවිය වසා දැමූ අවස්ථාවේ ඔහු කීවේ "මුන්ට ලියල වැඩක් නෑ බන්" කියල. උගේ ඒ තීරණය වැරදි බව එදා සිතුවෙමි. මාලන්, උඹ හරි! මුන්ට බ්ලොග් ලියල වැඩක් නෑ...

Monday, January 21, 2013

අඹ ගහ යට අඩවි පරිපාලනයෙන් ඉවත් වීම

"අඹ ගහ යට" අඩවි පරිපාලනයෙන් ඉවත් වීම.

පෞද්ගලික හේතූන් මත "අඹ ගහ යට" අඩවි පරිපාලනයෙන් ඉවත් වන බව "අඹ ගහ යට" සින්ඩිය හා සබැඳි ඔබ සියලු දෙනාට මෙයින් දැන් දී සිටිමි.


මින් මතුව "අඹ ගහ යට" පරිපාලනය සම්බන්ධව මාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවද මෙයින් දැනුම් දෙමි.

මෙතෙක් කලක් "අඹ ගහ යට" [මගේ වගේ] රැඳි සිටීමට අවස්ථාව දුන් චාමිට ස්තූතියි..!


මාලන්.


“අපි වෙඩි තියන්නේ තරහට නෙමෙයි.
අපි වෙඩි තියන්නේ නැත්තේ ආදරේටත් නෙමෙයි.

නිකන්……
නිකන්ම.. නිකන්..
හුළං වගේ නිකන්”
- මේ මඟේ සඳයි


වින්දනාත්මක

සාහිත්‍ය

සමාජ/කාලීන

දේශපාලන

Followers

අපිව කියවන අය