විවිධ

Powered by Blogger.

Thursday, September 30, 2010

කමෝන් සෝමෙ........! (思 春来)

ධනවාදය උග්‍ර අර්බුදයකට මුහුණදී සිටිද්දී චීනය විශාල වර්ධනයක් ලබමින් සිටිනවා - සෝමවංශ අමරසිංහ
'සියලූ ජයග‍්‍රහණ ලබා ගන්න පුළුවන් යැයි කියූ ධනවාදය මෙතෙක් මුහුණ දුන් උග‍්‍රම අර්බුදයට මුහුණ දෙමින් සිටින නමුත් ඒ අර්බුදය අතරේ චීනය විශාල වර්ධනයක් ලබා ගනිමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා ප්‍රකාශ කළේය.' (lanka truth)
ඒ මහතා වැඩිදුරටත් මෙසේද පවසා ඇත.
'红豆生南春来发几枝,此物最相思。? 愿君多采撷 LTTE 春来发几枝,此物最相思 春来发几 SLBC 枝,此物最相思. 相思。? 愿君 DDT 多采撷 春来发几枝,此物最相 AIDS 相思。? 愿君多采撷 春来发几枝,JVP 此物最相 相思。? 愿君多采撷 CTB 春来发几枝,此物最 TVP 相 相思。? 愿君多采撷 春来 BBC 发几枝,此物最相 ! 相思。? 愿君多采撷 ADSL 春来发 VD 几枝,此物最相 相思。? 愿君多采撷 CID 春来发几枝,此物最相..............!'

Wednesday, September 29, 2010

ඉරිසියාව

දේදුන්නක් පායනතුරු අහස දිහා බලා ඉන්න
හීතල වැහි බිංදු වැටෙන උදෑසනක එය දකින්න
පාට පාට අහස පුරා විහිදෙන ලස්සන බලන්න
අපි ආයෙත් පෙරුම් පුරමු ඒ හීනෙට තුරුල් වෙන්න

වියැකී ගිය දේදුන්නට යටින් විජිතයක් නගන්න
අත්වැල් බැඳ ගෙන හිනා වුනා හිත පිරෙන්න
සිත පුබුදා - ඇගිලි බැඳුන ඒ ලස්සන දා නොවෙන්න
අපි තාමත් ඇගිලි ගනියි එක වහලක් යටට එන්න

දේදුනු මැකිලා අහසේ අඳුරු කෝඩ ඉතිරි වෙන්න
දවස් ගෙවී ගියේ හිනා මල වියැකී කඳුල නගන
අතැගිලි අස්සෙන් ගිලිහෙන කාසි නියා හිත රිදෙන්න
පටන් ගත්ත දා හිතුනා අතැගිලි හැර වෙන්ව යන්න

එක වහලක් යට ඉඳ ගෙන ඇල් බත් මුල් දෙකක් හැදෙන
එකම බස් එකේ දෙතැනක වාඩි වෙලා අහස බැලෙන
හීන් සීරුවේ එක හිත දෙකට බෙදී ඇති බව දැන
නොරිස්සුමක් හිත මතුවෙයි ජෝඩු දකින පාරෙ සරන

හිතුවක්කාරයා

Tuesday, September 28, 2010

තලාගමයා ගිය අතක් නැත.

"දැන් මූකලං ඉරිඟු වැවෙන්නේ නැත.
මූකලං ඉරිඟු වැවෙන්නට පුළුවන.
එහෙත් මූකලානේ හේන් කොටන්ට අවසර දෙන්නේ නැත.
එහෙම උනත් හේනක් කොටාගන්ටත් පුළුවන.
ඒත් හේන් කොටන්ටත්, මූකලං ඉරිඟු හිටවන්ටත්, පැල්මැහි බැඳ රෑ තිස්සේ ඒවා රැකබලා ගන්ටත් ඉතිරිවුණු මිනිහෙක් නැත.
එහෙව් මිනිහෙක් වුණු තලාගමයා ගිය අතක් හොයාගන්ට නැත.
"
* * *
ගුණපාල මහත්තයා තලාගමයාට [කියලා/හොරෙන්] නොමුහුන් මූකලං ඉරිඟු කරලක් හදන්ට ගියපු පට්ටන්දරේ කියන
නිශ්ශංක විජේමාන්නගේ
මුවා මැරූ සලමන්
නං හැමතැනම ඇත.
ඒක නොකියවූ එකෙක්ගෙං වැඩක්ම නැත.

Sunday, September 26, 2010

දූවිලි.......

මේ අනන්ත විශ්වයේ,
නොගිණිය හැකි තරම්
පුංචි තිතක් තියෙනවා පෘථිවිය කියලා.
ඒකෙ ඉන්න කෝටිම පන්සීයක්ද කොහෙද වෙන
මිනිස් ප්‍රාණීන්ගෙන්
එක්කෙනෙක් මම.

තව විදිහකට කියන්නද?

මිනිසා පරිණාමය ඇරඹූ දා පටන්,
මේ මිහිමත ජීවත් වූ
මිනිස් ජීවීන් ට්‍රිලියන ගණනකින්
එක්කෙනෙක් විතරයි මම.

මම හොඳටම දන්නවා
මං දූවිලි අංශුවක්.
ඒ කියන්නෙ... ඔයා කියලත් වෙනසක් නෑ.
මට ඔයාව අහිමිවීම...
දූවිලි අංශුවකට, තවත් දූවිලි අංශුවක්
නැතිවුනාට වඩා දෙයක් නෙමේ.

මහ කාලයක් නෙමේ.
තව අවුරුදු සීයකින්.......
ඔයා කවුද?
මම කවුද?
ඒ වෙනකොට අපි කොහේවත් නෑ.
කාටවත් අපිව මතක තියෙන එකකුත් නෑ.
අඩුමගානේ අපිටවත්....

ඉතින් මොකටද
ඔයා මාව අමතක කලා කියලා
මම පොල්කටුවකින්
මහ මුහුද හිඳින්න යන්නේ...?

ඔයාට ස්තුතියි.....
එක දෙයකට.
ලෝකය කියන්නේ
අපි දෙන්නා විතරක් බව
හිතන් උන්නු මට,
මම කවුද කියලා කියා දුන්නට.

ඇත්තටම අපි දූවිලි.

-රේණු.

Thursday, September 23, 2010

අතිනත යන කුසුම

කලුවර ඇවිදින් හිත ගිලගන්නී
හදවත නොදනී සුසුම් හෙලන්නී
පුරුදු සුව`ද වෙනුවට දැවටෙන්නී
නොකල්හි ඇවිලී ගිනි ලියලන්නී

හදවත වෙනුවට ගත සිප ගන්නී
නිය පහරින් ලැම රිදෙනු දැනෙන්නී
කුස දැනෙනා ගිනි නොවඩා ඉන්නී
ගිනියම් ගත වෙර - දාහය උහුලන්නී

මල්බර සමය සෙමෙන් පසු වන්නී
ගත දැඩි වෙන්නී බිය පහ වෙන්නී
වත දක්වා හිත හකුලා ගන්නී
දුක් බර දිවිය ගෙවා සැනහෙන්නී

අසෙනිය සේ සැඩ වදන් නැගෙන්නී
දළ රළ සේ අපහාස වි`දින්නී
ගින්න නිවා ගින්දර ද නිවන්නී
හෙටත් අද මෙන් ම මගදී හමුවන්නී



http://hithuwakkaraya.blogspot.com/

Wednesday, September 22, 2010

නිමක් නැති හිස්බව වෙනුවට....

අඩුමගානේ,
නිමක් නැති හිස්බව වෙනුවට
මොකක් හරි දෙයක්.......!
 
අලුත් ඇරඹුමක්.
http://sanuwa.blogspot.com/

හාල් දේශප්‍රේමීනි, එක්වව්!

මේ පුංචි කොදෙව්වට එල්ලවන ත්‍රස්තවාදී තර්ජන නිමක් නැත. එලිපිට ගේම ඉල්ලූ මෝඩ LTTE ත්‍රස්තවාදය මෙන් නොව, ඇතැම් ත්‍රස්තවාදී තර්ජන අප වැනි දුහුනන් ගේ මනැසට ගෝචර නොවන වේශයන්ගෙන් පැමිණෙමින් පවතී. එවන් නවතම ත්‍රස්තවාදයක් අප අසහාය දේශප්‍රේමී බුද්ධිමතෙකු විසින් හඳුනාගෙන ඇති අතර සියලු හාල් දේශප්‍රේමීන්ගේ අවධානය පිණීස එය නැවත මෙසේ ප්‍රසිද්ධ කරමු.

උපුටා ගැනීම - lanka e news

'පාන්පිටි ත්‍රස්තවාදයක් පියසිරි සොයාගනී
ත්‍රස්තවාදීන් ලවා අප රට යටත් කර ගැනීමට උත්සාහ කල බටහිර රටවල් එය ඉටුකරගත නොහැකි වීමෙන් පසු අප රටේ ආර්ථිකය යටත් කර ගැනීමට පාන්පිටි ත්‍රස්තවාදය හරහා ගන්නා උත්සාහය, පරාජය කිරීමේ සටනේ ආරම්භය ලෙස බටහිරින් ශ්‍රී ලංකාවට එන පාන්පිටි සඳහා වැඩි බද්දක් අය කර පාන් පාරිභෝජනය අඩු කිරීමට රජය ක්‍රියා කල යුතු බව හිටපු සංස්කෘතික නියෝජ්‍ය ඇමති පියසිරි විජේනායක මහතා පැවසීය.
ජාතික නිදහස් පෙරමුණු පක්ෂ මූලස්ථානයේදී අද (21) පැවති මාධ්‍ය හමුවකදී විජේනායක මහතා එසේ පැවසීය. ශ්‍රී ලංකාවේ වී ගොවියාගේ ප්‍රධාන සතුරා බවට පත් වී ඇත්තේ බටහිරින් පාන් පිටි මේ රටට ගෙන්වන බහුජාතික සමාගම් බවත්, ඒ නිසා රජය පාන් පිටි සඳහා අධික බදු අය කර පාන් පිටි මිල හාල් පිටි මිලට වඩා ඉහල දැමිය යුතු යැයි පවසන ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික විජේනායක මහතා තමන් ඉදිරි දින කීපයේදී පාන් පිටි ත්‍රස්තවාදය මෙරටින් තුරන් කිරීමේ වැඩපිළීවෙල පිළිබඳ සවිස්තර වාර්තාවක් රජයට ලබාදෙන බවද පැවසුවේය.
ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය කිරීමට නම් ත්‍රස්තවාදය වැනසුවා සේම මේ පාන්පිටි ත්‍රස්තවාදය මෙරටින් තුරන් කල යුතු බව ඔහු තව දුරටත් පැවසීය.

සියලු ‍හාල් දේශප්‍රේමීනි, එක්වව්!
අතිගරු ජනාධිපතිතුමා බේරා ගනිව් !

වින්දනාත්මක

සාහිත්‍ය

සමාජ/කාලීන

දේශපාලන

Followers

අපිව කියවන අය