විවිධ

Powered by Blogger.

Friday, July 15, 2011

කරඬුවක් නැති පෙරහැරක්......




ලිපිකරුවා






මේ මහා පෙරහැරය
පඩි දාට පසු දා ම
කරඬුව බිම වැටුණ !
...
දැනේ
හෘදස්පන්දන බෙර හඬෙහි
අපිළිවෙළ

හිස වැදී
හිස් අල්මාරියේ
පෙනෙයි සේසත්, කොඩි

සිහිනයෙන් කොතෙක් කෑවත්
රසමසවුළු
බඩ පිරෙන්නේ නැති හෙයින්
කස පුපුරයි
කුස තුළ

කලිසමේ
ඉරුණු තැන් දැක
රබන් කරකවති
දඟකාර කොලුකුරුට්ටෝ
මඟ දිගට

තාත්තගේ අසනීපය
පපුව මත නටයි දහඅට වන්නම.

ටිකෙන් ටික කුටුම්බය බඳින්නට
ගඩොළු ගෙනයන කල එලුණු
ගිනි පොලී පාවාඩ
බොහො සුදුය, පවිත්‍රය.
සිල්ලර කඩ ණය පොතේ
මල් වියන
අව්වට දඹ රන් පාටය.

එළවළු මිල ගණන් අහන කල
පෑගී
අලි කකුල් ඉලක්කම්වලට
හදවතේ භාගයක්
පොඩිවිණ

හිසේ ගින්දර
යකඩ පන්දමේ අග ඇවිලිණ

හිතේ වීරියෙන් අපට
සේද මාවතක් කපන්නට තනන
වහන්වෙලා ලිප්ගලකට
හොරෙන් ඉලඇට අතගගා
දුක් කරදර ගනින
මගේ ආදර බිරිඳ නුඹ
දියවඩන නිළමේය
අනාගතය කුසින් අරගත්

මට හුස්ම පොද පිඹින
මගේ පුන්චි දරුවනේ ඉතින්
පෙරහැර බලබලා කන්ට
ලොසින්ජර පළු කුමකට ද
අපි ඔක්කෝට ම
ලබන මාසේ පඩි දාට
බුදුවෙන්ට පුලුවන්ය එකට ම !
 - සමිත බී. අටුවබැන්දෑල
උපුටාගත්තේ - සංසාර මාවත
http://sansaaramaawatha.blogspot.com/

Sunday, July 3, 2011

අඹ ගහ යට - පොඩි වෙනසක්...

පොඩි වෙනසකටත් එක්ක අඹ ගහ යට ටෙම්ප්ලේට් එකට අමතර කොලමක් දෙකක් දාල වර්ගීකරණ රටාව පොඩ්ඩක් වෙනස් කලා. හැබැයි ඉතිං බ්ලොග් වර්ගීකරණය කියන්නේ බෙල්ල ගහල යන වැඩක් තමා. ඒකෙ අමාරුව දැන් නම් හොඳටම තේරෙනවා. ඉතිං අපි කලේ යම් බ්ලොගයක පසුගිය වකවානුව තුල වැඩිපුර කතාබහ කල ඉසව්ව බලලා ඒ අංශයට දනෙ එක. (මේක එච්චරම සාර්ථක නෑ කියන එකත් පිළිගන්න ගමන්ම). ඉතින් ඔබේ බ්ලොගය හෝ ඔබ ප්‍රියකරන අනෙකුත් බ්ලොග් වර්ගීකරණය වෙලා තියෙන විදිහේ මොකුත් වරදක් තියෙනවනම් මෙතනින් පොඩ්ඩක් අපට දැනුම් දෙන්න. අඹ ගහ යට සාර්ථකත්වයට ඔබ ලබාදෙන සහයෝගය අගය කොට සලකමු.

Tuesday, June 21, 2011

තටු ආපු ඉබ්බෙක්

හීන දැක්කලු
රූප ඇන්දලු
දිවා රෑ පැතුවලු
        ඉගිල්ලෙන්න.......
ඇයි කට ඇරගෙන
බලා ඉන්නේ
 උඩ පැන පැන 
හිනා වෙන්නේ

පියාටු ඇවිදින්
ඉබ්බෙක් අහසින් ගියාට



ලොකේ ජය ගත්තේ
ධනාත්මක චින්තනෙන් ලූ
ඉබ්බත්

Monday, June 6, 2011

කෝට් ගැලවී යාම

ඇට කැඩෙන්නට ගහපං
කී ඇට නැති දිවෙන් දෝ
ගෙදර පලයාං කියන්නේ
ඉගෙන ගං පාඩම මං කියාදුන් - ගෙදර යන

- හිතුවක්කාරයා

Sunday, May 1, 2011

"මීවිත ලග සිත නැවතී නුඹෙ මතකය යයි සේදී......"


"හන්තානේ කදු පාමුල 
සරසවි වලේ ගල් බැම්මක 
නුඹ සමගින් ගෙවු කාලය ‍
කොහේදෝ සැගව ගොසින් 

වස්සානේ වසින වැස්ස 
මොන තරම්ම සීතලයිද 
උනුසුමකට ගුලි වෙන්නට 
නුඹ මා ලගින් නොමැත 

වසන්තයේ මල් පිපෙද්දි 
මගෙ සිත් මල පරව ගිහින් 
සිත ලග උන් නුඹත් අරන් 
වෙන කවුරුද යන්න ගිහින් 

මීවිත ලග සිත නැවතී 
නුඹෙ මතකය යයි සේදී 
නෙතට හොරා ආ කදුලූ 
පිස දමන්න නුඹ නැතිලූ 

මහවැලියේ සීත ඉමේ 
නුඹ සමගින් උන් කාලේ 
ගග දිය සේ ගලා ගිහින් 
ගග අද්දර මා තනියෙන්........."

කියන්නා කෙසේ කිවත්....

ඔයා නැති විනාඩියත් කල්පයක්
කියලා කිව්ව ඔයා...
මේ දැන් ගත කරන්නේ
කිවෙනි කල්පයද?

වින්දනාත්මක

සාහිත්‍ය

සමාජ/කාලීන

දේශපාලන

Followers

අපිව කියවන අය