"හන්තානේ කදු පාමුල
සරසවි වලේ ගල් බැම්මක
නුඹ සමගින් ගෙවු කාලය
කොහේදෝ සැගව ගොසින්
වස්සානේ වසින වැස්ස
මොන තරම්ම සීතලයිද
උනුසුමකට ගුලි වෙන්නට
නුඹ මා ලගින් නොමැත
වසන්තයේ මල් පිපෙද්දි
මගෙ සිත් මල පරව ගිහින්
සිත ලග උන් නුඹත් අරන්
වෙන කවුරුද යන්න ගිහින්
මීවිත ලග සිත නැවතී
නුඹෙ මතකය යයි සේදී
නෙතට හොරා ආ කදුලූ
පිස දමන්න නුඹ නැතිලූ
මහවැලියේ සීත ඉමේ
නුඹ සමගින් උන් කාලේ
ගග දිය සේ ගලා ගිහින්
ගග අද්දර මා තනියෙන්........."
4 comments:
nice
සුන්දරයි....
අපූරුයි
අඹගහ යට මීවිත ළග සිත නැවතෙන එක ගැන නම් සතුටක් නෑ. එහෙත් ගීතයක් වගේ නිර්මාණයක් ලග සිත නැවතුන එකට සතුටුයි.
Post a Comment