නිමිත්ත : - කුවේටයෙන් එවූ කතගේ මළ සිරුරේ අභ්‍යන්තර අවයව නෑ
වහලයේ තැන තැනින් වෑහෙන
අනුන්නටම ගෙවු ගෙවල් කුලියෙන්
මහතුනේ මට ඇගේ උණූසුම්
නීල ඉඳුවර සිහින් දිගු නෙතු
පියවිලා නොඇරෙන ලෙසින්
මගේ ගත සිත පුරා දිව් ඇගෙ
ඇඟලි සිරවී ඇත තදින්
අමා රස පිරි රෝස තොල් පෙති
පියවිලා දුක්බර ලෙසින්
ලොවෙන් සැඟවෙන රහස කියනට
බැරිව දෝ නුඹ මේ ලෙසින්
මාළිගා රජ බොජුන් දිව සළු
ගෙනෙන්නට නොව ඇය ගියේ
දරු පැටවු රජ පැටවු කරනට සිතා
ගෙන නොව ඇය ගියේ
වහලයේ තැන තැනින් වෑහෙන
කඳුළු නවතන දින බලන්
සිවුදෙනා රැය එකට සැතපෙන
සිවුදෙනා රැය එකට සැතපෙන
කාමරය තව ලොකු කරන්
අනුන්නටම ගෙවු ගෙවල් කුලියෙන්
මිදෙන්නා එන දින බලන්
ඇගේ අතැගිලි ගෙවෙන්නට ඇත
ඇගේ අතැගිලි ගෙවෙන්නට ඇත
ගැනලාම දින ඒ තරම්
ඇගේ වකුගඩු , අක්මාව පෙනහළු ද
ඇගේ වකුගඩු , අක්මාව පෙනහළු ද
නැති වට කම් නැතේ
ගමේ දෙල් කොස් වලින් ජීවය
ගමේ දෙල් කොස් වලින් ජීවය
පිරී ශක්තිය වී ඇතේ
මහතුනේ මට ඇගේ උණූසුම්
සුසුම් බිදකුත් දවටලා
ඇගේ දුක පිරි මගේ හදවත
ඇගේ දුක පිරි මගේ හදවත
එවාපන් මට සුරකිලා
ප/ලි :- ඇගේ පුද්ගලික විස්තර හා පෑහෙන්නක් නොවන අතර , ඇය වන් දහසක් කතුන් වෙනුවෙන් ලිය වූවක් බව කරුණාවෙන් සලකන්න.
1 comment:
මෙව්වනේ කවි කියන්නෙ.. සොසීට සෙනසුරු මාරුව හොඳයි වගේ. අද කාළේ අවශ්‍ය මේ වගේ කවි තමයි...
Post a Comment