විවිධ

Powered by Blogger.

Thursday, October 13, 2011

කිරි එතනාගේ මුරුංගා පැලේ


රස්සාවක් නැති එක කාලෙක
තුංමං හන්දියක් අහල කෑම කඩයක් දැම්මා
පෙලක් වෙලාවට හිතට ආවෙ
කවදා හරි රජෙක් වෙන්න

රජ ගෙදරක් වගේ තැනෙක
දවසක් ඇර දවසක් හරි ඉන්න වෙලේ
යාන්තමට හිනා වුණේ ඇගට තිබුණ
ආලවන්ත කමට බවට දැණුනෙ පහුවෙලා

ඉනිමග නැග ඉහළ ගියා වාසනාව චාටු වුණා
පහු කාලෙක මන්තිරියෙක් වෙලා නැවතුණා
සුද ඇ`දගෙන සුදු නිලරථ - යෙහෙන් ගැලපුණා
ආලවන්ත පොඩි හුටපට රටට පැතිරුණා

සහෝදරයා ගලවගන්න ඉහ ගලවල දුන්න තමයි
හිලව් වෙන්න රට පුරාම කුඩු කූඩු වුණා
යුද්දෙ කියා සුද්දයකට යන අතරෙදි හාද වෙලා
එහෙං මෙහං ධනස්කන්දයක් ගොඩ ගැහුණා

ආරක්ෂක අධීක්ෂණය ඉන් පස්සෙ ඇමතිකමක්
පස්සෙන් පසු රජවෙන එක වලක්වන්න බෑ
එක එකාල හරස් වුණොත් වෙඩි තියනව කෑලියන්ට
කියපු වෙලේ එහෙම වෙලා කිරි කලේ කුඩුවෙලා



-හිතුවක්කාරයා

5 comments:

Anonymous said...

හීන හතක් දුටිමි ඉතින්
රජ වී නැවතුනෙමි ඉතින්
ඔටුන්න වැටිලා පය උඩ
උඩ ගොස් බිම වැටුණි

Anonymous said...

සිහිනය මගෙ බිඳුණි.

සිතුවිලි මණ්ඩිය said...

බිඳිලා නෑ හීනය

තාමත් තියනවා චෑන්ස් එක

කෝම හරි වරෙන් මලේ ගොඩ

තාමත් මේක සසිරිබර සිරිලක.

මාතලන් said...

මීට පස්සෙ ටැමිල් සෝ හින්දි සෝ බලන්නේම නෑ.
එකම අප්ෂෙට් එක දොරේ
සිවාජී බිම
ෂෙට්ටි චොර..

Test Profile said...

නියමයි.....

වින්දනාත්මක

සාහිත්‍ය

සමාජ/කාලීන

දේශපාලන

Followers

අපිව කියවන අය