විවිධ

Powered by Blogger.

Wednesday, October 26, 2011

සිංහල බ්ලොග් කරනය නම් පොතේ පලමු පරිච්චේදය කියවලා තියෙනවද?

"Constructive Criticism" හෙවත් හරාත්මක විවේචනය බොහෝ ආයතන, රටවල් තමන්ගේ අතින් සිදුවන වැරදි හෝ අතපසුවීම් ගැන පසු විපරමක යෙදෙන්න ඉතාමත් සාර්ථක විදිහට යොදාගන්නවා.


නමුත් අවාසනාවට [රෝස මලත් පරවේ] ලංකාවේ කෙරෙන බොහෝ විවේචන පක්ශාග්‍රාහීයි; මේ නිසා හොඳ සිතින් වුවත් කෙරෙන විවේචනයක් දිහා මිනිස්සු බලන්න පුරුදු වෙලා තියෙන්නේ වැරදි ඇහින්.


"මේකා මොකාටද මේ එන්න හදන්නේ?"
"ඇයි මූ මේ තරම් අපිට පණ දෙන්න හදන්නේ?"
"මූ කටද මේ කඩේ යන්නේ?"
"මූ ආර්ථික ඝාතක ඇන්ජීඕ ඩොලර් කාක්කෙක්ද?"
"මේකා හදන්නේ බොම්බිලි කරවල විප්ලවයක් කරන්නද?"
"ඇයි මුට වෙන දෙයක් කාලා දෙන දෙයක් බලන් ඉන්න බැරි?"
"මූ නම් හදන්නේ ශුවර් එකටම ආණ්ඩුව පෙරලන්න"
"මූ හොරෙන් හොරෙන් කඩේ යන්නේ කොටින්ට නේද?"
"මුගේ යටි අරමුණ මොකක්ද්ද?"


මේ ප්‍රශ්න ටික මෙහෙම ලියාගෙන යද්දි මට මතක් වුනේ ඉස්සර "කොලුගේ සටහන්" කියලා බ්ලොග් එකක් ලියපු "කොලු" මගේ [ මිදි තිත්ත නිසා වහලා දාල තියෙන :) ] බ්ලොග් එකට දාපු කමෙන්ට් එකක්; 

""
පිලිතුරු කියවූ මට මතක් වූයේ, සිංහල බ්ලොග් කරනය නම් පොතේ පලමු පරිච්චේදයි. එය මෙසේය.
[යමක් කියවූ සැනින්, බුදුන් සරණ යනවා වාගේ, පලමුව කල යුතු දේ, ඒ දේ වටහා ගැනීම නොව, ඒ ගැන සිතා බැලීම නොව, ඒක ලීවේ මොකාද, ඒකා ඒක ලීවේ මොකද, ඒකාට ඒකෙන් ලැබෙන්නේ මොකද්ද යන්න සෙවීමය.
දහම් සරන යනවා වාගේ, දෙවනුව කල යුතු වන්නේ, අඩෝ තෝට කියා, එය කියූ පුද්ගලයාට බැනීමය. 
සගුන් සරන යනවා වාගේ තෙවනුව කල යුතු වන්නේ, "අහවල් තැනත් එහෙමයී, අහවල් පුද්ගලයත් එහෙමයැයී, ඒ නිසා අපිත් එහෙම තමයී" කීමය. ]
""

කෙසේ හෝ වේවා, සිංහල බ්ලොග් කලාව ගැන ("දැනට") සාධනීය විවේචනයක් කෙරෙන බ්ලොග් අඩවියක්, "රංග මගේ ලෝකය" බ්ලොග් කතුතුමා විසින් උපුටා තිබී අපේ ඇස ගැටිනි.

"විවේචන" කතුවරයා/වරුන් මෙසේ ඔවුන්ගේ ගමන අරඹයි.

විවේචන
අහන දකින බොහෝ දේ ගැන අපිට විවේචන තිබේ. සිතෙහි තෙරපා ගත් එවන් හැඟීම් පිට කල යුතුය. වඩා යහපත් සමාජයක් උදෙසා එය වැදගත් වනු ඇත....

To escape Criticism
Do Nothing
Say Nothing
Be Nothing


යහපත් සමාජයක් උදෙසා  හරාත්මක, සාධනීය විවේචනයක් ගෙන එනු දකින්නට ලැබීම "අඹ ගහයට" අපේත් පැතුමයි. "විවේචන" කතුතුමාට/වරුන්ට සුබ පැතුම්..!   

7 comments:

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

බලාගෙන සිටිමි !!

මාලන් said...

@බුවා,

"බලා සිටිමි" කියන යෙදුම ඇතුළේ තියෙන්නේත් සැකයක් කියල මට හිතෙනවා. ඇයි හැම තිස්සෙම අපි [මමද ඇතුළුව] බොහෝ දේ දිහා සැකෙන් බලන්නේ?

උදාහරණයක් විදිහට බුවාවම උදාහරණයකට ගමු. සමහරු හිතනවා ඇති බුවා මේ තරම් කාලයක් බ්ලොග් වලට කැප කරන්නේ බුවාට මේකෙන් පෞද්ගලික වාසියක් ලැබෙන නිසයි කියලා [මම කියන්නේ සමහරු කරන සාම්ප්‍රදායික චෝදනාව, ඇන්.ජී.ඕ එකකින් මුදල් ගෙවනවා කියන එක.]

නමුත් ඇත්ත ඊට වඩා වෙනස් ඇතිනේ. සමහරවිට බුවා කියන්නේ කැම්පස් ශිෂ්‍යයෙක් වෙන්න පුළුවන්, නැතිනම් අයිටී පොරක් වෙන්න පුළුවන්.

මම කියන්නේ ඇයි අපි බෝහෝ දුරට හිතන්නේ මම විතරමයි අවංක අනිත් හැම එකාම වැඩ කරන්නේ මොකක් හරි යටි අරමුණක් තියාගෙන කියලා?
මම සහ මගේ හිතවතුන් විතරයි අවංකවම මුදල් හොයන්නේ අනිත් එවුන් මොකක් හරි යටි කූට්ටු වැඩකින් කියලා?

සරලවම කිව්වොත් ඇයි අපි අපිට අපහැදිලි දේවල් කුමණ්ත්‍රණ/අභිරහස් කියලා හිතන්නේ? ඒකත් හරියට කළුවර රාත්‍රියක සුළඟට වැනෙන කෙහෙල් කොළෙත් හොල්මනක් කියලා දැනෙනවා වගේ.

ඒත් ඒක ඇත්ත නෙමෙයි නේද?

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

@මාලන් - කථාව ඇත්ත සහෝ ,සැකය අපේ තියන දුර්වලතාවයක් තමයි .

සැකය කියන එක ආකාර දෙකක් තියෙයි එකක් පදනමක් සහිත , අනික තමන්ගේ අත්දැකිම් හෝ විශ්වාසයන් මත අනික් අයව සැක කිරීම . පලවෙනි එක සාධාරණයි . ඒ කියන්නේ අපි හිතමු මෙහෙම යම් කිසි පුද්ගලයෙක් වේගයෙන් ධනවත් වෙන බව පේනව නමුත් කිසිම ව්‍යාපාරික කටයුත්තක් කරන බව පේන්න නැ , එතකොට එයා නිති විරෝධි ක්‍රමයකට මුදල් හොයනවාද කියල සැකයක් එන එක සාධාරනයි , තාර්කිකයි

අපේ බ්ලොග් කරණයේ තියෙන්නෙ දෙවෙනි ගණයේ ඒවා ඒ කියන්නේ තමන්ගේ අත්දැකීම් හා විශ්වාස මත පමණක් ගොඩ නැගෙන ඒවා (බ්ලොග් කරණය සහ බ්ලොග් කරණය කියන්නේ තාත්විකව පුද්ගල චරිත නිරූපණය වෙන වේලාවක්ම නෙවෙයි නේ ) . තමන්ගේ මතයට පිටින් දෙයක් දැක්කාම ඒක කුමන්ත්‍රණයක් කියල හිතන එක දෙවෙනි ඝණයට අයත් අසාධාරණ සැකයන් වෙන්නේ ඒකයි

බලා සිටිමි කියල මම ලිව්වෙත් එක්තරා දුරකට සැකයකින් කියන කාරණය නිවැරදියි . නමුත් මූලිකම හේතුව වුනේ මම අදාල විවේචනයන් ගැන මම 100%ක් එකඟ නොවෙන නිසා . ඒ වගේම සැකයකුත් නැ කියන්න බැ .සැකය තමයි මේ ලියන්නේ නිශ්චිත පුද්ගලයෙක්/පුද්ගලයින් ඉලක්ක කරගෙනද කියන එක

මගෙම තියරියට අනුව අසාධාරණ සැකයක් මතුකීරීමට මම වරදකාරයෙක් උනත් එයින් ඉවත් වෙන්න බැරි , නොහික්මුනු මිනිස් සිතේ ස්වාභාවය නිසා වෙන්න ඇති !

``` Outsider``` said...

උඹ මොකද විවේචන බ්ලොග් එකට කඩේ යන්නෙ. මොකක් හරි වාසියක්, යටි අරමුණක් ඇති. හික් හික්..

Il mondo di una povera pazza said...

ඔය බ්ලොග් එක මුලින්ම ඇස ගැටුනේ හරියටම මීට දවස් හතරකට කලින්. එවෙලේ මාත් කොමන්ට් එකක් දාලා ආවා.
බ්ලොග් අවකාශයට විවේචන අවශ්‍යයි කියලා මාත් තදින් හිතනවා. ඒත් ඒවා කාටවත් කඩේ නොයන, පක්ශග්‍රාහි නොවන, මඩ නොවෙන, නිදහස් ඉමක ලියවෙනවා නම් වඩා හොඳයි.

පසුගිය කාලේ දක්නට ලැබුන මෙවන් අඩවි යම්කිසි අවුලකින් යුතු බවයි මගේ හැඟීම. එහෙම නොවී ඉස්සරහට යන්න සුභ පැතුම් මගෙනුත්.

charmi said...

හ්ම්... කාලීන අවශ්‍යතාවයක්. මැද මාවතේ දුර ගමනක් යන්න සුබ පතමු.
මේ පෝස්ටුවට ස්තුතියි මාලන්.

සොඳුරු සිත said...

කුතුහලය වගේම විවේචනය මනුස්සයන්ට ස්වභාවයෙන්ම ලැබෙන දෙයක්...

මේ දෙවල් නිසාම මිනිසා ගොඩාක් ඉස්සරහට ගිහින් තියෙනවා.

අද නම් තත්ත්වය හාත් පසින්ම වෙනස්.

වින්දනාත්මක

සාහිත්‍ය

සමාජ/කාලීන

දේශපාලන

Followers

අපිව කියවන අය