"සඳුනි! ඔයාට ඔහොම කතාකරන්න බැහැ." ගේ ඇතුලේ ඉඳන් ආපු අම්මා සඳුනිට අවවාද කළා.
"නැහැ, මට ඕනේ එකක් මම කියනවා."සඳුනිට මේ වැඩේ එපා වුණා. ඇයි දෙයියනේ හැමදාම මෙහෙම අනිත් අයට කීකරු වෙන්නේ කොහොමද.
ඈට ඕනේ වුණේ ලොකු ළමයෙක් වගේ වැඩ කරන්න. අයියට ඔහොම හැමතිස්සෙම අම්මයි තාත්තයි අවවාද උපදෙස් දෙන්න යන්නේ නෑනේ. සඳුනිට එයාගේ වැඩ එයාට ඕනේ විදිහට කරගන්න ඕනේ වුණා. අම්මලාගේ තාත්තලාගේ කතාවලට එකතුවෙන්න ඕනේ වුණා.
කොටිම්ම කියනවා නම් ඇයට ඕනේ වුණේ නිදහස් වෙන්න. ඒත් ඒක මේ ලොකු අයට නොතේරෙන හැටි. මහා ලොකුවට ඇඟ විතරයි මොලේ නැතිව ඇති.
"මම නරක වචනයක් කියන්නයි යන්නේ"
සඳුනි කිව්වේ හයියෙන් අඩි පොළවේ හප්පන ගමන්.
එතකොටම මුළු පරිසරයම නිශ්ශබ්ද වුණා. තාත්තගේ මූණේ තිබුන ලා හිනාව අතුරුදන් වුණා. අම්මගේ ඇස් පිපිරෙන්න තරම් වුණා. අයියා පොත පැත්තකට දැම්මා විතරක් නෙමේ නැගිට්ටවුණා. පපියත් වැලි හාරන ඒක පැත්තකට දාල සඳුනි දිහා බැලුවේ කන් දෙක උස්සන ගමන්.
ඉතිරිය කියවන්න ගොඩවෙන්න හිරන්‍ය කියන සොඳුරු තනිකඩයා ලියන "සම්මතයෙන් ඔබ්බට" බ්ලොග් එකේ "මම නරක වචනයක් කියන්නයි යන්නේ" පෝස්ට් එකට.
3 comments:
අඹ ගහ යටට මාව එකතු කරගත්තට වගේම මෙහෙම පොස්ට් එකකින් සහයෝගය ලබා දීම ගැන අඹ ගහ යට සියලුම දෙනාට මගේ ප්‍රණාමය!
තැන්ක්යූ මාලෝ පාර පෙන්නුවට !!
ස්තුතියි මාලන්
Post a Comment