විවිධ

Powered by Blogger.

Thursday, March 10, 2011

පුතා හෙවත් ඩුබායි වට්ටක්කා කෝ


ලුණු ඇඹුල් දමා අනාගෙන
අරාබ් කාරයෝත් හරි විහිළු කාරයෝ කියමින්
ගුළි තුන ගැන කිය කියා 
හොරෙන් හොරෙන් කිරිත් බ්ව්ව
ටොයිලත් ප්‍රශ්ණ මැද
බලුම බලු කතා කියමින්
බිත්තර දැමූ කුකුළා..............................?
ලව් ඉස්ටෝරියක් වගේ එකක් නිසා
උඹට පිස්සු හැදිලාවත්ද?

Tuesday, March 8, 2011

ටැබූ.......!

විකසිත වන මිනිස් අදහස් වාරණය කල හැකි බව ඔප්පු කර ඇත. එහෙත් අදහස් විකසිත වීම නැවතිය නොහේ. පුංචි අව් රැල්ලකටත් හේබා යන මීවන පඳුරු මෙන් ළදරු අවධියේ වැඩෙන ලාංකීය බ්ලොග් අවකාශයට පරිනාමීයව ගත්කල ඔබගේ බ්ලොගයට සිදුව ඇති දෙය සාධනීය වනු ඇත.

ශුශ්ක ලාංකීය පොළොවේ මීවන පඳුරක් හෝ වැවීමට ඔබ ගත් උත්සාහය අගනේය. ඔබ රචනාවන්ගේ ආශ්වාදය මත උපන් එවන් මීවන පඳුරු මතු දිනෙකදී කවර හෝ ශුශ්ක පරිසරයක වුව විකසිත වන ආශ්වාදනීය පතොක් මල් යායක් නිමවනු ඇත. සයිබර් අවකාශයේ ඔබ වාරණය කල හැකි මුත්, පාඨක සිත් තුල ඔබ තබා ගිය අඩි සළකුණු වාරණය කල නොහැකි වනු ඇත.

මා ඔබගේ ඇතැම් අදහස් හා එකඟ නොවූ අවස්ථා තිබිණි. එහෙත් ඔබගේ අදහස් ප්‍රකාශයේ නිදහස් අයිතිය වෙනුවෙන් පෙනී සිටින්නට එය බාධාවක් නොවේ. ඔබ කවුද යන්නද මම නොදනිමි. එමෙන්ම එය දැනගැනීමේ හෝ ඔබ දැන හඳුනා ගැනීමේ අවශ්‍යතාවක්ද මා හට නැත. එහෙත් ටැබූ සබ්ජෙක්ට්ස් අඩවිය මත ඔබ හෙළා ඇති මහත් ශ්‍රමය මා අගයමි.

මෙවන් පොදු අවකාශයක 'අප' යනුවෙන් පෙනීසිටින්නට මා හට අවසරයක් ඇතිදැයි නොදනිමි. එබැවින් මේ දුෂ්කර අවස්ථාවේ ඔබගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වෙනුවෙන් මගේ පෙනී සිටීම පිළිගන්න.

- Charmi

Wednesday, March 2, 2011

අපිට නැති ගමන්.....!

මිනිසුන්ට
මෙච්චෙර ගමන් තියේද යන්න
විවිධාකාර ඇඳුම් ඇඳගෙන...,
කාර් වල, බස් වල, පයින් .
...
බලන්න
උන් සිනාසෙන අන්දම
පවුල් පිටින් කොහේ යනවද?

අපි වගේ
වේලාසන ගෙදර ඇවිත්
ක්ෂණික හොද්දක් හදල
එක දිගට ...
පුටුවෙ නින්ද යනකන්
රුපවාහිනිය බලන් නැතුව
හිනාවෙවී පවුල් පිටින්
කොහෙ යනවද?

කතා කරල කරලම
සියලුම දෙබස් ඉවරවුන
නිහඬ චිත්රපටියක වගේ
පුරුද්දට හැම දේම
මුනෙන් මුණ බලාගෙන.
අනේ! මන්දා මේ මිනිස්සු
කොහෙ යනවද
ගෙදර ඉන්නෙ නැතුව?
- රසිකා ගුණවර්ධන

Friday, February 25, 2011

පබා වෙතටයි

සමන් මලක් එහෙම හිතං මම ඉම්බා
මෙන්න දෙබරු බඹරුත් රොද වැද නැටුවා
මල ත් අරං උන් සමයං පාලි ගියා
නොමළත් පළක් නැති තැන මං නෙළුවා


- හිතුවක්කාරයා

Thursday, February 24, 2011

බඩ ගැත්තරයාට සමාව බය බෝයි......


අනින්ඩ හාන්දුනන්නේ අනින්ඩ
පිට පොත්තටම ඇලුනු බඩ පොත්තටම අනින්ඩ
රුපියල් හැත්තෑවේ හාල් ඔලින් බැරි නම්
රුපියල් පනහේ පොල් ගෙඩියෙන් හරි අනින්ඩ
කැවුත්ත කුඩු වෙන්ටම අනින්ඩ . . .!

දැයට කිරුලේ පාට පාට බලුප් වල එලියට
ගිනිකනවැටුනු දෑහින් තරු විසි වෙන්ටම අනින්ඩ
රත්තරන් මුදු දමාපු ඔය අතින්
බඩ පොත්තට කැවුත්තට ඉතරක් නම් මොකෑ
ඉහ මොල කුඩු පට්ටම් වෙන්ට ඇන්නත්
හැබෑ සනීපයි ආයොබෝං . .. !

කෝටි දාහක් වියදම් කොට හැදූ
කෝටි සීයක් වටින හැයිවේ එකේ
ප්‍රාඩෝ පැජරෝ ඔලින්
ලොකු ලොකු මහත්තැන් යන කොට
බඩ සා ගින්දරේ උන්නත්
අපි අප්පොඩි තලන්නං හාන්දුනන්නේ . .. !

පාන්ඩු පාට ගැහුනු අපේ බර ගොයියෝ
පරන ටෑර් එකක් තල්ලු කොලාන යන දිහා
සෝකෙන් දුකෙන් බලා හිටියත්
අනේ ආයිබෝං ඔබ තුමන්ලාගේ
රත්තරන්පාට බේබි මහත්තුරු
ඇස්ටිං මාටිං ඔලින් උජාරුවට යන හැඩ
තන්තෝසෙන් බලා ඉන්නම් හාන්දුනන්නේ . ...!

නිව්යෝර්ක් ඒරොප්පේ යනකොට ලබන සැරේත්
යාලුමිත්තරයෝ ඔක්කෝම ඇන්න යන්ට ආයිබෝං
නැව් නො එන වරායත් තව දෙපාරක් වත්
විවුර්ත කොරන්ඩ ආයොබෝං
අපිට පෙරහැරේ ඇවිත් හුරේ දාන්ඩ
වෙන මක්කැයි ඉතිං ....!

(අ)සාධාරනේට විරුද්ද වෙන උන් රොත්තම
දඟගෙයි දාන්ඩ හාන්දුනන්නේ
අනේ එහෙම බැරිනම්
අපේ රත්තරන් ඇමතිතුමාට කියා
උන්ගේ පස්සටම දෙවන්ඩ හාන්දුනන්නේ
අපි ඔය සෙල්ලම් ලෙල්ලම් දිහා බලන්
දේස පෙරේමෙන් උඩ පැන පැන
නටන්නම් හාන්දුනන්නේ . . ...!

හැබැයි ඉතිං ඔය මොනවා කොලත්
ටැලි විසොන් පෙට්ටියේ පෙන්නන
පබායි පබලුයි නැවැත්තුවොත් නම්
අන්න එදාට අපි බලාගන්නම් ආයිබෝං . ...!
- දුකා
http://dukaa.blogspot.com/2011/02/blog-post_24.html

Sunday, February 20, 2011

"අන් හදකට සෙනේ සිතින්........"


සැලෙන ලෙලෙන නුඹේ නිතඹ 
මායාවකි ‍ලොව නොදන්න 
මද පවනේ මුදු කෙහෙරැලි 
දග කරාවි මිරිගු ලෙසින 
නීල නයන නෙත් යුගලය 
මැණික් නොවෙයි මගේ ලොවට 
මියුරු වදන් නුඹ තෙපලයි 
සනසවන්න මා දෙසවන් 

නු‍‍ඹේ දසන් ලොව රවටයි 
හරියට මා රැවටු ලෙසට 
රෝසවන් නුඹෙ තොල්පෙති 
සිපගත්තෙමි විස බව දැන 
මියැදෙන්නෙමි ඒ විසෙන්ම 
පණ නල වනු නුඹට හැකිද
 මගේ හුස්ම පොදත් රැගෙන 
සමුදීයන් මගෙ මළ කද ළග 

හඩා වැටෙනු එපා ඉතින් 
තවත් මෙලොව රවටන ලෙස 
නුඹේ කදුළු අගේ නොමැත 
අහසින් එන පිණි තරමට 
මගේ සොහෙන් බිමේ ඉදන් 
පාලු රකිනු එපා ඉතින් 
නුඹ රජවී සිටිනු මැනවි 
අන් හදකට සෙනේ සිතින්

වින්දනාත්මක

සාහිත්‍ය

සමාජ/කාලීන

දේශපාලන

Followers

අපිව කියවන අය