සැලෙන ලෙලෙන නුඹේ නිතඹ
මායාවකි ලොව නොදන්න
මද පවනේ මුදු කෙහෙරැලි
දග කරාවි මිරිගු ලෙසින
නීල නයන නෙත් යුගලය
මැණික් නොවෙයි මගේ ලොවට
මියුරු වදන් නුඹ තෙපලයි
සනසවන්න මා දෙසවන්
නුඹේ දසන් ලොව රවටයි
හරියට මා රැවටු ලෙසට
රෝසවන් නුඹෙ තොල්පෙති
සිපගත්තෙමි විස බව දැන
මියැදෙන්නෙමි ඒ විසෙන්ම
පණ නල වනු නුඹට හැකිද
මගේ හුස්ම පොදත් රැගෙන
සමුදීයන් මගෙ මළ කද ළග
හඩා වැටෙනු එපා ඉතින්
තවත් මෙලොව රවටන ලෙස
නුඹේ කදුළු අගේ නොමැත
අහසින් එන පිණි තරමට
මගේ සොහෙන් බිමේ ඉදන්
පාලු රකිනු එපා ඉතින්
නුඹ රජවී සිටිනු මැනවි
අන් හදකට සෙනේ සිතින්
1 comment:
අපි වැඩි දෙනෙකුගේ පොදු අත්දැකීමක්.......
පරණ මතකයක් අවධිකලා...
Post a Comment