විවිධ

Powered by Blogger.

Saturday, October 29, 2011

සුදු අප්පුහාමිලා ලෝකේ පොරවල් වුනේ කොහොමද?

1. කෝකේසියානුවන් අතිශය බහුතරයක් වෙසෙන ලෝකේ කුඩාම මහද්වීපය වන යුරෝපය ලෝකේ වැඩිම රටවල් ගාණක් තියෙන මහද්වීපය වුනේ ඇයි?
2. චීනය වෙඩි බෙහෙත් සොයා ගත්තත්, හින්දූ අරාබීන් ගණිතයට ප්‍රචලිත කළත් නූතන විද්‍යාව යුරෝපයෙන් බිහි වන්නේ ඇයි?
3. සුදු ජාතිකයන්ට [කොකේසියානුවන්ට] සමකාසන්න සහ අප්‍රිකානූ රටවල් මහදවල් මංකොල්ල කෑමට හැකියාව ලැබෙන්නේ ඇයි?
4. ගඩාෆි [මහින්ද අබේසුන්දර සහ ෆේස්බුක් දේශමාමක දේශහිතෛශීන් කියන විදිහට] ලිබියාව මැදපෙරදිග ස්විට්සර්ලන්තය කරද්දීත් ඔහුව මහදවල් කොන්ඩෙන් ඇද රැවුල ගලවා [ලංකාවේ හිගන්නන් මරනවා සේ] මරා දැමීමට නේටෝව පළනය කරන බටහිර රටවලට හැකිවෙන්නේ ඇයි?

සරලවම අසන්නේ නම්,
සුදු අප්පුහාමිලා ලෝකේ පොරවල් වුනේ කොහොමද?

යාලිගේ ප්‍රශ්නය


"Why you white man have so much cargo and we New Guineans have so little?"


යාලී කියන්නේ පැපුවා නිව්ගීනියාවේ වෙසෙන ගෝත්‍රිකයෙක්; ජෙරාඩ් ඩයමන්ඩ් කියන්නේ ඇමරිකානු ජාතික මාහචාර්යවරයෙක්. ජෙරාඩ් ඩයමන්ඩ් කුරුල්ලන් නිරීකශනයට පැපුවා නිව්ගීනියාවට ගිය වෙලාවක තමයි යාලී මෙහෙම ප්‍රශ්න කරන්නේ.
යාලි මේ ප්‍රශ්නය අහන්නේ ජෙරාඩ් ඩයමන්ඩ්ගෙන් මීට අවුරුදු තිහකට පමණ කළින්.


"Why you white man have so much cargo and we New Guineans have so little?"

යාලීගේ ප්‍රශ්නය ජෙරාඩ් මුළින් එතරම් බැරැරුම් කමින් ගන්නේ නැහැ. ඒත් ජෙරාඩ්ට ටිකක් වෙලා යද්දි හිතෙන්න ගන්නවා යාලි අහපු ප්‍රශ්නයේ තියෙන ගැඹුර.

Jared Diamond:
Yali’s question really threw me. It seemed so simple and obvious, and I thought it must have a simple and obvious answer, but when he asked me, I had no idea what that answer was.
  
සම්පත් බෙදී යාමේ විශමතාවය  

ජෙරාඩ්ට ටික වෙලා කල්පනා කරනවා.


Diamond realized that Yali’s question was far bigger and more complex than it first appeared. It was really about the roots of inequality – a question as old as human history itself.

ඔහුට ඒ ප්‍රශ්නයම වෙනත් වචනවලින් මෙහෙම ඇහෙනවා.

"යුරෝපීය සම්බවයක් ඇති අය ලෝකයේ ධනය සහ බලය හසුරුවන්නේ කෙසේද?"


"People of Eurasian origin... dominate the world in wealth and power."


ජෙරාඩ් සෑහෙන්න මහන්සි වෙනවා උත්තරයක් හොයා ගන්න, ලෝකය පුරාම තියෙන කෞතුකාගාර පුස්තකාලවලට ඔහු යනවා.

අන්තිමේ ඔහු උත්තරයක් හොයා ගන්නවා.

ආයුධ
විශබීජ
වානේ


ඔහු පොතක් ලියනවා,







මේ පොත ලෝකය පුරාම කථා බහට ලක්වෙනවා,මේ පොතත් එක්කම සුදු ජාතිකයන් [කොකේසියානුවන්] උපතින්ම අනිත් ජාතීන්ට වඩා බුද්ධිමත් කියලා ඒ වෙනකොට මුල් බැසගෙන තිබූ මතය බිද වැටෙනවා.

National Geographic Society එකෙන් ඩොකියුමෙන්ට්‍රි එකක් කරනවා ජෙරාඩ් ඩයමන්ඩ්ගේ පොත මුල්කරගෙන ඒ නමින්ම.


කැමතිනම් බලන්න, කොටස් දහ අටම තියෙනවා Youtube එකේ.

මේ පළමුවෙනි කොටස,



දෙවැනි කොටස



තුන්වෙනි කොටස



මේ ඩොකියුමෙන්ට්‍රි එක ඉවර වෙන්නේ ජෙරාඩ් ඩයමන්ඩ් අප්‍රිකාවේ ඉස්පිරිතාලයක කරන සංචාරයකින්
[අප්‍රිකාව ලෝකයේ මුල්ම මානවයා බිහිවූ තැන].

ජෙරාඩ් ඩයමන්ඩ් බලා සිටිනවා මැරෙන්න ආසන්නව ඉන්න අප්‍රිකානූ දරුවෙකු දෙස,

විශබීජ...

ඔහු තේරුම් ගන්නවා තවමත් සමහරක් රටවල් එයට එරෙහිව සටන් කරන අන්දම

ඔහුට හැඬුම් එනවා.
සමහරවිට එය පමණක් වෙන්න පුළුවන් ඔහුට ඉතිරිවී ඇත්තේ...

Wednesday, October 26, 2011

සිංහල බ්ලොග් කරනය නම් පොතේ පලමු පරිච්චේදය කියවලා තියෙනවද?

"Constructive Criticism" හෙවත් හරාත්මක විවේචනය බොහෝ ආයතන, රටවල් තමන්ගේ අතින් සිදුවන වැරදි හෝ අතපසුවීම් ගැන පසු විපරමක යෙදෙන්න ඉතාමත් සාර්ථක විදිහට යොදාගන්නවා.


නමුත් අවාසනාවට [රෝස මලත් පරවේ] ලංකාවේ කෙරෙන බොහෝ විවේචන පක්ශාග්‍රාහීයි; මේ නිසා හොඳ සිතින් වුවත් කෙරෙන විවේචනයක් දිහා මිනිස්සු බලන්න පුරුදු වෙලා තියෙන්නේ වැරදි ඇහින්.


"මේකා මොකාටද මේ එන්න හදන්නේ?"
"ඇයි මූ මේ තරම් අපිට පණ දෙන්න හදන්නේ?"
"මූ කටද මේ කඩේ යන්නේ?"
"මූ ආර්ථික ඝාතක ඇන්ජීඕ ඩොලර් කාක්කෙක්ද?"
"මේකා හදන්නේ බොම්බිලි කරවල විප්ලවයක් කරන්නද?"
"ඇයි මුට වෙන දෙයක් කාලා දෙන දෙයක් බලන් ඉන්න බැරි?"
"මූ නම් හදන්නේ ශුවර් එකටම ආණ්ඩුව පෙරලන්න"
"මූ හොරෙන් හොරෙන් කඩේ යන්නේ කොටින්ට නේද?"
"මුගේ යටි අරමුණ මොකක්ද්ද?"


මේ ප්‍රශ්න ටික මෙහෙම ලියාගෙන යද්දි මට මතක් වුනේ ඉස්සර "කොලුගේ සටහන්" කියලා බ්ලොග් එකක් ලියපු "කොලු" මගේ [ මිදි තිත්ත නිසා වහලා දාල තියෙන :) ] බ්ලොග් එකට දාපු කමෙන්ට් එකක්; 

""
පිලිතුරු කියවූ මට මතක් වූයේ, සිංහල බ්ලොග් කරනය නම් පොතේ පලමු පරිච්චේදයි. එය මෙසේය.
[යමක් කියවූ සැනින්, බුදුන් සරණ යනවා වාගේ, පලමුව කල යුතු දේ, ඒ දේ වටහා ගැනීම නොව, ඒ ගැන සිතා බැලීම නොව, ඒක ලීවේ මොකාද, ඒකා ඒක ලීවේ මොකද, ඒකාට ඒකෙන් ලැබෙන්නේ මොකද්ද යන්න සෙවීමය.
දහම් සරන යනවා වාගේ, දෙවනුව කල යුතු වන්නේ, අඩෝ තෝට කියා, එය කියූ පුද්ගලයාට බැනීමය. 
සගුන් සරන යනවා වාගේ තෙවනුව කල යුතු වන්නේ, "අහවල් තැනත් එහෙමයී, අහවල් පුද්ගලයත් එහෙමයැයී, ඒ නිසා අපිත් එහෙම තමයී" කීමය. ]
""

කෙසේ හෝ වේවා, සිංහල බ්ලොග් කලාව ගැන ("දැනට") සාධනීය විවේචනයක් කෙරෙන බ්ලොග් අඩවියක්, "රංග මගේ ලෝකය" බ්ලොග් කතුතුමා විසින් උපුටා තිබී අපේ ඇස ගැටිනි.

"විවේචන" කතුවරයා/වරුන් මෙසේ ඔවුන්ගේ ගමන අරඹයි.

විවේචන
අහන දකින බොහෝ දේ ගැන අපිට විවේචන තිබේ. සිතෙහි තෙරපා ගත් එවන් හැඟීම් පිට කල යුතුය. වඩා යහපත් සමාජයක් උදෙසා එය වැදගත් වනු ඇත....

To escape Criticism
Do Nothing
Say Nothing
Be Nothing


යහපත් සමාජයක් උදෙසා  හරාත්මක, සාධනීය විවේචනයක් ගෙන එනු දකින්නට ලැබීම "අඹ ගහයට" අපේත් පැතුමයි. "විවේචන" කතුතුමාට/වරුන්ට සුබ පැතුම්..!   

Monday, October 24, 2011

අපි දෙන්නා

නුඹ කොහොමද මට හිමි ය කියන්නේ
අතැඟිල්ලක මුදුවක් පළඳා

මම කොහොමද මට හිමි ය කියන්නේ
නලලත දොරකඩ ලඟදී ඉඹලා

සුළැඟිලි බැඳුණා බෙර නද නැගුණා
හද පත්ලෙන් සෙනෙහස නැගුණා

දෙනෙත රතුවුණා තොල් පට ඉරැණා
හද අද්දර කනිකම රැඳුණා


හිතුවක්කාරයා

Sunday, October 23, 2011

මම නරක වචනයක් කියන්නයි යන්නේ


"සඳුනි! ඔයාට ඔහොම කතාකරන්න බැහැ." ගේ ඇතුලේ ඉඳන් ආපු අම්මා සඳුනිට අවවාද කළා.
"නැහැ, මට ඕනේ එකක් මම කියනවා."සඳුනිට මේ වැඩේ එපා වුණා. ඇයි දෙයියනේ හැමදාම මෙහෙම අනිත් අයට කීකරු වෙන්නේ කොහොමද.
 
ඈට ඕනේ වුණේ ලොකු ළමයෙක් වගේ වැඩ කරන්න. අයියට ඔහොම හැමතිස්සෙම අම්මයි තාත්තයි අවවාද උපදෙස් දෙන්න යන්නේ නෑනේ. සඳුනිට එයාගේ වැඩ එයාට ඕනේ විදිහට කරගන්න ඕනේ වුණා. අම්මලාගේ තාත්තලාගේ කතාවලට එකතුවෙන්න ඕනේ වුණා.
 
කොටිම්ම කියනවා නම් ඇයට ඕනේ වුණේ නිදහස් වෙන්න. ඒත් ඒක මේ ලොකු අයට නොතේරෙන හැටි. මහා ලොකුවට ඇඟ විතරයි මොලේ නැතිව ඇති.

"මම නරක වචනයක් කියන්නයි යන්නේ"
සඳුනි කිව්වේ හයියෙන් අඩි පොළවේ හප්පන ගමන්.
එතකොටම මුළු පරිසරයම නිශ්ශබ්ද වුණා. තාත්තගේ මූණේ තිබුන ලා හිනාව අතුරුදන් වුණා. අම්මගේ ඇස් පිපිරෙන්න තරම් වුණා. අයියා පොත පැත්තකට දැම්මා විතරක් නෙමේ නැගිට්ටවුණා. පපියත් වැලි හාරන ඒක පැත්තකට දාල සඳුනි දිහා බැලුවේ කන් දෙක උස්සන ගමන්. 
 
ඉතිරිය කියවන්න ගොඩවෙන්න හිරන්‍ය කියන සොඳුරු තනිකඩයා ලියන "සම්මතයෙන් ඔබ්බට" බ්ලොග් එකේ "මම නරක වචනයක් කියන්නයි යන්නේ" පෝස්ට් එකට.
 

Friday, October 14, 2011

~~මගේ ලොවට ඔබ සුළග වගේ ඇවිදින්~~



"වෙනදට ඉස්කෝලේ ඇවිල්ලා මම ඔයා එනකම් බලන් ඉන්නවා.ඒ පුරුද්ද මට තාමත් තියනවා.ඔයා මාත් එක්ක කතා නොකර හිටියත්, මා දිහා බලන් නැතුව හිටියත් වෙනදා පුරුද්දට මට ඔයා දිහා බැලෙනවා.ඔයා දැන් මට අයිති නෑ කියලා, ඔයා මාව අමතක කරලා කියලා මගේ හිත පිළිගන්න සූදානම් නෑ.මගේ හිත ගොඩක් බලාපොරොත්තු වලින් පිරෙව්වේ ඔයා.ඒ හැම බලාපොරොත්තුවක්ම සිද බිද දමන්න තරම් නපුරු හිතක් ඔයාට තිබුණද?

ඔයා හැර මම මගේ ජීවිතේ වෙන කෙනෙක් ගැන මම බලාපොරොත්තු තියාගෙන හිටියේ නෑ.හැමදාම ඔයත් එක්ක සතුටින් ඉන්නයි මම බලාපොරොත්තු වුණේ.මම කොච්චර ලස්සන හීන මැව්වද ඔයා ගැන.ඒ හැම හීනයක්ම හීනයක් වෙන බව දැනෙනකොට මගේ පපුව දෑවිලා යනවා.ඒ දවස් වල ඔයා එක දවසක් ඉස්කෝලේ එනනැතුව හිටියත් මට මහා පාළුවක් දැනෙනවා.ඒත් අද ඔයා ඉස්කෝලේ ඇවිල්ලත් ඒ තනිකම මට ඒ වගේම දැනෙනවා.

ඔයා තනිවම විදවන්න එපා.අපි දෙන්නම එකට විදවමු කියපු ඔයාමද අද මට මෙච්චර දුකක් දුන්නේ.මට දුක දැනුන වෙලාවක ඔයා දිහා බලලා වුණත් දුක නැති කරගන්න පුළුවන්.ඒත් අද මට තියන එකම දුක ඔයානම්, මම කොහොමද ඔයා දිහා බලලා දුක නැති කර ගන්නේ.

ආදරය ගැන සුන්දර  විදියට හිතන්න පුළුවන් හිතක් ඔයාට තිබුණා. ඔයාගේ හදවත හරිම සුන්දරයි.ඒ වගේම විවෘතයි.මම කැමතියි ඒ වගේ හිතක ආදරයකට.ඇත්තටම මාව තේරුම් ගන්න පුළුවන් හිතක් තිබුණේ ඔයාට විතරයි.ඔයාගේ හදවතේ ඒ සුවද විදින්න අනේ මං පිං කළා මදිද? "
(http://manubloggers.blogspot.com/)

Thursday, October 13, 2011

කිරි එතනාගේ මුරුංගා පැලේ


රස්සාවක් නැති එක කාලෙක
තුංමං හන්දියක් අහල කෑම කඩයක් දැම්මා
පෙලක් වෙලාවට හිතට ආවෙ
කවදා හරි රජෙක් වෙන්න

රජ ගෙදරක් වගේ තැනෙක
දවසක් ඇර දවසක් හරි ඉන්න වෙලේ
යාන්තමට හිනා වුණේ ඇගට තිබුණ
ආලවන්ත කමට බවට දැණුනෙ පහුවෙලා

ඉනිමග නැග ඉහළ ගියා වාසනාව චාටු වුණා
පහු කාලෙක මන්තිරියෙක් වෙලා නැවතුණා
සුද ඇ`දගෙන සුදු නිලරථ - යෙහෙන් ගැලපුණා
ආලවන්ත පොඩි හුටපට රටට පැතිරුණා

සහෝදරයා ගලවගන්න ඉහ ගලවල දුන්න තමයි
හිලව් වෙන්න රට පුරාම කුඩු කූඩු වුණා
යුද්දෙ කියා සුද්දයකට යන අතරෙදි හාද වෙලා
එහෙං මෙහං ධනස්කන්දයක් ගොඩ ගැහුණා

ආරක්ෂක අධීක්ෂණය ඉන් පස්සෙ ඇමතිකමක්
පස්සෙන් පසු රජවෙන එක වලක්වන්න බෑ
එක එකාල හරස් වුණොත් වෙඩි තියනව කෑලියන්ට
කියපු වෙලේ එහෙම වෙලා කිරි කලේ කුඩුවෙලා



-හිතුවක්කාරයා

Thursday, October 6, 2011

සියැටල් වෙත දුකින් සහ තරහින්..!

සියැටල්,
මට හමුවුනා උඹේ පරපුරේ එකෙක්...
ඔළුවේ නැහැ පිහාටු
නැහැ හිටියේ අස්සයෙකුගේ පිටේ.
උදාර පෙනුම..?




ඌ වැනෙනවා
බමන මතින්
රතු ඇස් දොබගෙඩි
කොන්ඩේ කැරළි
ඔළුව... හිස්.

ඌ ඉල්ලුවා මගෙන් සත විසි පහක්
හෝම් ලස්ලු..!


සියැටල් උඹට මතකද?
උන් ඇවිත් කිව්වා
මිළ කරන්න පොළව, ගහ කොළ, වට පිටාව..?

උඹ හිනා වුනා.
උඹ පුදුම වුනා.

උඹ ඇහුවා...

"කොහොමද මිළ කරන්නේ..?
මේ පොළවට මා අයිති මිසක් මට පොළව අයිති නැහැ කියලා"

"The Earth does not belong to man; man belongs to Earth. Man did not weave the web of life;
he is merely a strand in it. Whatever he does to the web, he does to himself"

මතකද.. උන් උඹට හිනාවුනා..?
අයිතිකර ගත්තා පොළව.
හොරකම් කළා උඹේ පොඩි උන්..?
පුරුදු කළා උබේ ගැටවුන් බීමත් කමට..?

දැන් ඒ පොළවේ තට්ටු පිට තට්ටු
මතකද උබ කිව්වා,

"We know that the white man does not understand our ways. One portion of the land is the same to him as the next, for he is a stranger who comes in the night and takes from the land whatever he needs. The earth is not his brother, but his enemy - and when he has conquered it, he moves on. He leaves his fathers' graves, and his children’s birthright is forgotten."

සියැටල්,
උබ දන්නවද..
දැන් උන් කතා කරනවා

ග්ලෝබල් වොර්මින්ග්, සස්ටේනබිලිටි, හොලිස්ටික් ලිවින්

උබ කියපුවා, උන්ගේ වචන වලින්
රී මික්ස්.
සියවස් ගණනකට පස්සේ.

ආච්චිගේ රෙද්ද..!

සියැටල්,

මම ලඟදි ගියා ප්‍රදර්ශනේකට
එහෙ හිටියා උඹේ උන් වට කරගෙන... උන්
(උබ දන්නවද
නැහැ තිබ්බේ අත්වල ලේ..!
උන් අත් හොදගෙන
මම හොඳට බැළුවා.)

මට ඇහුනා කියනවා
රැක ගමුලු උරුමය, සටන් කරමුලු ඒ වෙනුවෙන්.

මට හිනා.

සියැටල්,
උබේ උන් හිටියේ බමන මතින්.
හිටියේ ගතමන්ට් එක ලැබෙනකන්




එකෙක් මගෙන් ඉල්ලුවා
සත විසි පහක්
මන් කිව්ව ගිහින් ඉල්ලගනින් කියල
අරුන්ගෙන්ම.

මට තරහයි..!

වින්දනාත්මක

සාහිත්‍ය

සමාජ/කාලීන

දේශපාලන

Followers

අපිව කියවන අය