විවිධ

Powered by Blogger.

Tuesday, March 8, 2011

ටැබූ.......!

විකසිත වන මිනිස් අදහස් වාරණය කල හැකි බව ඔප්පු කර ඇත. එහෙත් අදහස් විකසිත වීම නැවතිය නොහේ. පුංචි අව් රැල්ලකටත් හේබා යන මීවන පඳුරු මෙන් ළදරු අවධියේ වැඩෙන ලාංකීය බ්ලොග් අවකාශයට පරිනාමීයව ගත්කල ඔබගේ බ්ලොගයට සිදුව ඇති දෙය සාධනීය වනු ඇත.

ශුශ්ක ලාංකීය පොළොවේ මීවන පඳුරක් හෝ වැවීමට ඔබ ගත් උත්සාහය අගනේය. ඔබ රචනාවන්ගේ ආශ්වාදය මත උපන් එවන් මීවන පඳුරු මතු දිනෙකදී කවර හෝ ශුශ්ක පරිසරයක වුව විකසිත වන ආශ්වාදනීය පතොක් මල් යායක් නිමවනු ඇත. සයිබර් අවකාශයේ ඔබ වාරණය කල හැකි මුත්, පාඨක සිත් තුල ඔබ තබා ගිය අඩි සළකුණු වාරණය කල නොහැකි වනු ඇත.

මා ඔබගේ ඇතැම් අදහස් හා එකඟ නොවූ අවස්ථා තිබිණි. එහෙත් ඔබගේ අදහස් ප්‍රකාශයේ නිදහස් අයිතිය වෙනුවෙන් පෙනී සිටින්නට එය බාධාවක් නොවේ. ඔබ කවුද යන්නද මම නොදනිමි. එමෙන්ම එය දැනගැනීමේ හෝ ඔබ දැන හඳුනා ගැනීමේ අවශ්‍යතාවක්ද මා හට නැත. එහෙත් ටැබූ සබ්ජෙක්ට්ස් අඩවිය මත ඔබ හෙළා ඇති මහත් ශ්‍රමය මා අගයමි.

මෙවන් පොදු අවකාශයක 'අප' යනුවෙන් පෙනීසිටින්නට මා හට අවසරයක් ඇතිදැයි නොදනිමි. එබැවින් මේ දුෂ්කර අවස්ථාවේ ඔබගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වෙනුවෙන් මගේ පෙනී සිටීම පිළිගන්න.

- Charmi

7 comments:

විකී said...

??????????????????????????????

කතන්දර Kathandara said...

This is just a temporary setback.

Taboo will be back, I guess, in the near future.

Buddhi said...

ටැබූ ආයෙත් බ්ලොග් එකක් පටන් ගත්තොත් අපි කොහොමද දැන ගන්නේ මේ ඒ ටැබූ මද කියලා?

Anonymous said...

ටැබූගේ දැක්ම ඇතැම්විට ප්‍රශ්නකාරීවුනත්,බ්ලොග් අවකාශයේ තමා නොඉවසන මත අශිෂ්ඨ ලෙස විනාශකිරීමට මේ ගත් ප්‍රවේශයනම් සිංහල බ්ලොගයේ අනාගතයට සුභ ලකුණක් නොවේ.

බස්සා said...

ටැබූ ඔය වැඩේ කරල තියෙන්නෙ CID එකට බයේ. ලඟදිම එයා CID එකෙන් කුදලගෙන යයි.

Anonymous said...

අඩෝ කතන්දර!

උඹ උඹේ ෆේස් බුක් හැක් වෙච්ච එව ගැන නෙවේ, ටැබූට කරපු දේ හරිද් වැරදිද කියල බය නැතුව කියපන්! තමන්ගෙ දෙකහමාර බේරන් නිස්සබ්දව ඉන්න එපා!

Anonymous said...

ටැබූ විසින් කරන ප්‍රධාන චෝදනාව වනුයේ ටැබූට මතවාදීමය ලෙස ගැටිය නොහැකි පුද්ගලයන් විසින් ටැබූ නිහඬ කළ බවයි. නමුත් ටැබූද එම ක්‍රියාවම කල වංචනිකයෙක් බව අප මෙහිදී ඉතාම වගකීමෙන් කියා සිටිමු.අද මේ ලිපියේ වැඩි හරියක් මිගාර නම් බ්ලොග්කරුවා වෙනුවෙන් අප වැය කරන්නෙමු. මන්ද ටැබූ බ්ලොග් අවකාශය තුල මතවාදීමය ලෙස නිරුවත් කර පැනයන්නට සැලස්වූ පළමු සහ අන්තිම පුද්ගලයාද ඔහු බැවිනි. මෙලෙස මතවාදීමය ලෙස පීචං වී, කුජීත වී, යාමෙන් පසු ටැබූ උත්සාහ කලේ මිගාරව වෙනත් ක්‍රමයකින් බ්ලොග් අවකාශයෙන් ඉවත් කිරීමටයි. පුලස්තිගේ අඩවියේ දී

“අදාළ උමතු වර්ගවාදී වෛද්‍යවරයා පිළිබඳව කවුරුන් හෝ ශ්‍රී ලංකා වෛද්‍ය කවුන්සිලයට පැමිණිලි කළ යුතුව ඇතැයි මම සිතමි. මෙවැනි උමතු වර්ගවාදීන්ට අසරණ රෝගීන්ගේ ජීවිත ගැන තීරණ ගන්නට ඉඩ දී තිබීම භයානකය. කිසි යම් දෙමළ මුස්ලිම් රෝගීන් පිරිසක් දැනටමත් මොහු අතින් අපහරණයට ලක්ව තිබුණොත් මම ඒ ගැන පුදුම නොවෙමි”

යනුවෙන් ප්‍රකාශ කරන ටැබූ ඒ ගැන පළමු ඉඟිය සපයයි. වෛද්‍ය කවුන්සලයේ හිතවතකු මාර්ගයෙන් නිර්-රාමු දැන ගත් කාරණය නම් ටැබූ විසින් උත්ක ක්‍රියාව ඊට මාස කීපයකට පෙර කර ඇති බවයි! පැමිණිල්ල සිදු කලේ ටැබූද, එසේ නැත්නම් ඔහුගේ නියෝජිතයෙක් ද යන්න අප නොදනිමු. නමුත් මිගාර සම්බන්ධකරගෙන මේ පිළිබඳ විමසීමේදී කතාව ඇත්තක් බව හෙළි වී ගියේය! ඉන් පසුව ඔහුට මේ ගැන විමර්ශණයකට මුහුණ දීමටද සිදු වූ බව ඔහු අපට හෙලි කලේය. මේ පැමිණිල්ල හරහා ටැබූ උත්සාහ කරේ රැකියාව අහිමි කරවා මිගාර නිහඬ කරවීමයි. පෙනේද මහා ලිබරල ප්‍රජාතන්ත්‍රවාදියාගේ යටි කූට්ටු වැඩ! නමුත් දැන් සුදු රෙදි පොරවාගෙන ටැබූ දොඩන්නේ මතවාදීමය ලෙස තමා හා ගැටීමට නොහැකි නිසා ටැබූ බ්ලොගය හැක් කල බවයි. බුදු රැස් හක්කෙන් පතුරන ටැබූ ගේ බොක්කේ දඩ මස් ගඳ ඔයාකාරය.

වින්දනාත්මක

සාහිත්‍ය

සමාජ/කාලීන

දේශපාලන

Followers

අපිව කියවන අය