විවිධ

Powered by Blogger.

Friday, August 17, 2012

රැඩිකල් පොම්ප කියන්නේ මොනවද කියලා දන්නවද..?

"නමුත් රැඩිකල් පොම්පයේ හුලං ගැසිය හැකි ආකාර කීපයකි. එකක් නම් රැඩිකල් පොම්පයේ ආසනය මත අපි වාඩි වී ශ්‍රී ලාංකීය පුරාණ ලැට් එකේ වාඩිවෙන ක්‍රමයට වාඩිවෙමින් මඳක් ඉස්සෙමින් හුලං ගැසෙන්නට සැලැස්වීමයි.. අනෙක් ක්‍රමය නම් අසුන මත පත්තර කොළයක් දමා ඒ මත සෙරෙප්පු ගැලවූ කකුල තබා කකුල උස් පහත් කිරීමයි... මුල් කාලයේදී කකුලෙන් හුලං ගැසීමට කස්ටිය වැඩිය උනන්දු වූයේ නැත.. මේ පොම්පයේ ඉතිරි කොටස් ඇත්තේ පෙර පරිදිම වෙයි..
බයිසිකල් පොම්පයක වෑල් කර තද කොරන හැටි එය පාවිච්චි කරන හැටි කියලා දෙන්නට මෙතන සූට් බබාලා නැතැයි මා සිතමි.."


සම්පූර්ණයෙන්ම "රැඩිකල් පොම්ප" ගැන කියවන්න මෙතෙන්ට කොටන්නට

RADICAL PUMPkin

Friday, June 1, 2012

තාරකාව

හිතට දැනෙන්ට ළංවෙන කිතියක්
හිතයට තිබුණට හිතක් නැහැ
තනිකම වෙනුවට අතැගිලි පටලන
ඇගැලූම් කමකට අත දිග නෑ


අහසින් තරුවක් තොරාගෙන එය
දිළිසෙන හැටි දැක නිමක් නැහැ
තරුවක් දැක වරුවක් ලොබ බැදුනත්
අහසයි පොලවයි හිත  ළග නෑ


හිතුවක්කාරයා

Wednesday, May 16, 2012

෴ සොඳුරු සිතක් / ‘A Beautiful Mind’෴


මා අදරය කළ පිරිමින් අතර ඔහු ඉතා සුවිශේෂි කෙනෙකි. එයට හේතුව හේ ඉතාම අඩුවෙන් කතා කිරීමත් කතා කරන වචන කිහිපයේ පවා ගැබ්වී ඇති අමුතුම පැටලිලි සහගත බව නිසා මා මියෙන තෙක් මතකයේ රැඳීමත්ය.පිරිමින්ගේ අමුතුම ලොව හේ මට විවිර කළේ කිසිවකුත් කිසිදිනක නොගොසින් ඇති මහා කළුවර ගුහාවකට පරිස්සමෙන් එක්කන් යන්නා සේය.

පටන් ගැන්මම සිතට දැඩි බියක් ගෙන ආවාත් හේ මට ඉතාම සමීපව සිටිමින් දිරි දෙමින් මා ආරක්ෂා කළ යුතු බැව් කිවයුතුමය.කිසිදා නෑසු භයංකාර හඩවල් ද , කෑලි කැපිය හැකි සන අඳුර  ද නිසා මට දැනුනේ ඔහු මා ළඟින්ම මට රැකවරණය දෙමින් යන බැව් පමණි.

මා ඔහුගේ වත මවා ගත්තෙමි. සුදුත් නැති තළුත් නැති තළෙලුත් නැති ඒ මුහුණට කිසිම හැඩයක් නැත.හිනාවක් නැති බැරූරැම් බවක් නැති ඒ මුහුණ සිප ගැනීමට සිතුනු වාර අපමණය.විශේෂයෙන්ම කියනවා නම් ඔහුගෙන් හැමූ සුවඳ මා විඳඇති කිසිම සුවඳකට සම නොවූ අතර , අදද දෑස් පියන් , ගැඹුරින් ගන්නා හුසුමක අන්තිම කෙළවරේ ඒ සුවඳ ඇති බැව් දැනේ.

මදින් මද , ක්‍රමයෙන් ආලෝකමත් වන්නට වු අඳුරු ගුහා ගර්භයේ අභ්‍යන්තරයට යද්දී.ඔහු දෙස බැලීමට තිබූ ආසාව පසෙක ලා...වර්ණවත් වූ ගුහා ගැබ පිරික්සන්නට වූයෙමි.ඇතැම් නොපැහැදිලි තැන් ඔහු ඉතාම ආකර්ශණීය ලෙස විස්තර කළා අද පවා මයෙ මතකයේ ඇත. කිසිදු වෙහෙසක් හෝ බියක් නොදැනුනු කුතුහලය පිරි අඳුරු ගුහාව , දිව්‍ය සිරි අසිරි ගනිද්දි , මා සමඟ ආ ඔහු සහමුලින්ම මට අමතකව ගොස් තිබුනි.

විශේෂයෙන්ම කිව යුතු දෙයකි.අඳුරේ දි මට ඔහු සිපගැනීමේ අසාව දැඩිව දැනුන ද ආලෝකයේ දී එය සම්පූර්ණයෙන්ම කණපිට ගැසී තිබුනි. අවසන් වතාවට ඔහුගේ මුහුණ බලද්දි එහි තිබූ කාන්තියත් දැඩි ආසාවත් රාගය යැයි මා වරදවා වටහා ගත් බැව් දැනෙන්නේ දැන් ය.

දිනක් දැනුනේ දැඩි පිපාසයකි. ගුහාවේ කොතනකවත් දිය සීරාවක් තබා තෙත් බවක් වත් නොවීය.මා ළඟින්ම සිටි ඔහුද නොවීය.අසීරුවෙන් නමුත් මතකට නඟා ගත් ඔහුගේ නම කියා ඇමතුව ද, පිළිතුරු ලෙස ලැබුනේ මගේ ඇමතීමම පමණි.( හේ මට පවසා තිබුනේ ආරූඪ නමක් විත්තිය දැන ගත්තේ පසු කලකදීය )

ගුහාව සිසාරා මා ඔහුව සොයන්නය වීමි. ගුහාවේ දැඩි අඳුරු කොනක කිසිවකු සෙමින් හඩන හඩ ඇසුනි.අදුරුට දෑස් හුරුකර ගැනීම අපහසු වූව ද හඬමින් සිටියේ වෙනකෙකු නොව ඔහුම බැව් හඳුනා ගන්නට වැඩි වේලාවක් ගත නොවීය.

සැමදා මා , ඔහුව හඳුනා ගත්තේ අඳුරේ දී පමණක් බැව් මට සිතෙන්නේ දැනුදු අඳුරට වැටුනු පළමු තප්පරයේම ඔහු මගේ මතකයට එන ප්‍රථම චරිතය නිසාය.

ඔහු නිසා මා අඳුරෙන් මිදුනෙමි.ඔහු මට ආලෝකය පෙන්වා අඳුරට වී හඩමින් සිටිද්දී නැවතත් අඳුරටම යා නොහැකි ලෙස ඔහු මා ආලෝකයට හුරු කොට ඇත.

මා අද ආලෝකයේ තනි වී ඇත.රැගෙන විත් හැර ගියේ යම් සේ ද, “ පිරිමි සිත නම් සොඳුරු ගුහාවෙන් “ එහා මා සිටි තැනට මා හැරලවන්නට නුඹ නොඑන්නේ මන් ද.............

Sunday, February 26, 2012

අපි මැරෙන මිනිස්සු.........



පෙර පිනින් මවු කුසකින් මිනිසත් බව ලබා උපන් අපි කවදා කොතැන කොහොම මිය යාවිදැයි කිව නොහැක. උපදින කොට ගෙනා දෙයක් නැතුවා සේම මළදාට ගෙනියන දෙයක්ද අපට නැත. අලුත උපන් පොඩි එකෙකුගේ සිත ප්‍රබාශ්වරය, උගේ හිතේ තන්හාව ක්‍රෝධය මාන්නය තබා අදරය කරුනාව සෙනෙහස යන එකී නොකී මෙකී එක හැඟීමක් වත් නැත. පෙකනි  වැල කපා තවත් එක් නිදහස් ජීවියෙක් ලෙස මෙලොවට එන විට රිදීම හෙතුවෙන් මුලින්ම ක්‍රෝධ සිතුවිල්ලක් සමඟ අඬාගෙන මෙලොවට එන අප ගමක් රටක් හඬද්දී ( සමහර විට එකෙක් වත් නොහඬද්දී ) මෙලොවින් සමු ගෙන යයි.

අසීමිත අදරයෙන් දහසක් කැපකිරීම් කොට ලොව ඉවසිය නොහැකි වේදනාවක් විඳ අම්මා අඬාගෙන ආපු අපිට කිරි පොවන විට ඒ කිරට ඒ සුවදට අපි මුලින්ම තන්හා වඩයි. ඉන් පසු සෙල්ලම් බඩු වලට, පෑනට පැන්සලට අරූ මට වැඩිය ලකුණු ගත්තා , මූ මගේ පොත ඉස්සුවා යනුවෙන් ගහ මරාගෙන තවත් ඇලීම් බැඳීම් වැඩි කර ගනී.තව ටික කාලෙකින් කෙල්ලෙක්ගේ හෝ කොල්ලෙක්ගේ පොත්තට රැවටී මුලා වී කෙලෝගනිති, 3,4 ක් බූට් කති, පස්සේ යැපීම් මාර්ගයක් සඳහා ජොබ් කට්ටක් සොයාගෙන ගෙවල් දොරවල්ද, යාන වාහනද, පවුල් පන්සල්ද යනුවෙන් තව තවත් ඇලී ගැලී යයි. මේ අතර යුතුකම් සඳහාද ගෙවල් දොරවල් ඉඩකඩම් අසල්වැසි වැට මායිම් ආදී සියල්ලට මරා ගනිමින් තන්හා අශා වඩයි.

පොඩ්ඩක් හිතන්න මේ ටික කර ගන්නත් කලින් අපේ හිතවතුන් හතුරන් කොතෙකුත් අය අඩු වයසින් ජීවිතයේ සමහර තැන් වල මැරිලා ඇද්ද කියලා.


මිය යන අකාරද බොහෝ වෙති, වාසනා වන්ත මරණ, අඩු වයසින් මරණ, කාලකන්නි මරණ, අනතුරු මරණ , සියදිවි නසා ගැනීම් අදී එකී නොකී සියලු විදි වල අවසාන ප්‍රතිඵලය මරණයයි.

මේ අතර රට දැය වෙනුවෙන් විරුවන් සේ මියගිය අයද වෙති, ඔවුන්ට අපගේ සදා ප්‍රනාමය හිමි වන අතර ඔවුන්ගේ මතක සුවඳ මේ ලොව තව බොහෝ කලක් පවතීවි.

සමහරුන්ට ආදරයෙන් පරදීම මිය යන්නට හේතුවකි, සමහරුන්ට ප්‍රශ්න හේතුවකි, තවත් උන් මැරෙන හැටි අත්හදාබලන්නට ගොස් මැරෙති,මේ අතර තවත් උන්ට තමන් මිනිසෙකු නොව වල් පැලෑටියය් සේ සිතෙයි. එවිට කෘමිනාශකයක් ගහලා වන් ශොට් වෙති. තවත් උන්ට ගගක් මූදක් දැක්කම මාලුවෙකු යයි හැඟේ, උන් සමනල ආර පීනන්නට ගොස් මැරෙති, තවත් උන් තමන් මරාගෙන මැරෙති, මුන් මිය යන මොහොතේ තමන් වැදූ අම්මා හැදූ අප්පා දුක සැප බෙදා ගත් සහොදරයන් ගැන නොසිතති, ඔවුන් තමා කෙරේ තබා අති බලාපොරොත්තු ගැන නොසිතති , අවේග හැඟීම පාලනය කර ගත නොහැකිව ජීවිත්යෙන් සමු දෙති.

සමහරු ණය ගෙවාගත නොහැකිව මැරෙති,  මේ අතර හොර බෙහෙත් ,හොර වෙද්දු, පාරිසරික සාදක, ඩෙන්ගු නිසා දහස් ගානක් මිය යති. කනට බොන්නට නතිව සමහර රටවල මැරෙති. ලෙඩරෝග වලින් මැරෙති.

මේ සියල්ල අතර තමන් නොමැරෙනවා යයි සිතන එසෙ පතන කොට්ටාසයක්ද වෙති, උන් පුලුවන් තරම් පොදි බඳිති. තමන් මැරෙන බව පිලි නොගනිති, අමරනීයත්වයේ දායාදය අතින් ගෙන මෙලොවට අවායයි සිතති, උන් අනිකුන් මරා තමන් රජ වීමට සිතති, අනිකුන් ගේ දෑ කඩා වඩා ගනිති, උන්ට දුකාක් නත අත්තේ සතුට සැපත පමණි.

මිනිසුනේ අපි කවදා හරි මැරෙනවා, එදට අපි කරපු හොඳ අපිත් එක්ක එයි. එක තේරුන් ගනිල්ලා. එතකොට ජීවිතය විඳින්නට පුලුවනි, ජීවිතය විඳවන් නැතිව විඳපල්ලා. මේක ලියපු මම හෙට මැරේද කියන්න මන් දන් නෑ,

නොමැරෙනවා කියලා හිතන උන් මේතන කොටලා ගිහින් කවදා හරි මැරෙනවා කියලා අද්හසක් හරි ගනිල්ලා.(කොටන්න) මේ ලිපිය ලියන්න වුනෙත් ඔය කොටලා ගිය ලින්ක් එක තමා. පුළුවන්නම් කියලා යන්න මැරෙන දවස.

Tuesday, February 14, 2012

අපි නොදන්න වැලන්ටයින්


වැලන්ටයින් වලට තව ඇත්තේ දවස් පහකි. ලව්  ෙනාකරන බහුතරයක් ෙමදින වනෙතක් අඟිලි ගනින්නේ මොන මල ඉලව්වකටද නම් මම නොදනිමි.අද වන  විට ආදරය කාමය මූලික කර ගත් ආකරයකට පරිවර්තනය වෙමින් පවතින බව පෙනී යයි. කාමය ආදරයෙ එක් පැතිකඩක් පමණි. ආදරය ගත් විට අපෙ රටේද එයට ඉතිහාසයක් ඈත. ආදරයේ නාමයෙන් සාලිය අශෝකමාලා උයනට වී සෙක්ස් කලේ නෑත. දන්නා තරමින් අශෝකමාලා බඩ වුනේද නත. ඇයට ගබ්සාවක් කලේද නැත. නමුත් අද වනවිට සාලිය වෙස් ගත් අමනයන් ඕනෑ තරම් ඇත. බහුතරයක් අශෝකමාලාවන් බඩ වෙති. ඒ වනවිට අම්මා අප්පා කියපුවා ගඟට කැපූ ඉනි වී හමාරය. ඒ බඩට ආ දියසේනලා හොර පාරෙම පරලොව යවන්නට ඇති තරම් කලු සුද්දලාගේ ගුබ්බෑයම් පඳුරක් පඳුරක් ගානේ ඇත. අද වන විට සාලියට අශෝකමාලාට පෙම් කරන්නට තැනක් ඕනෙම නැත. රුපියල් සීයට ගුබ්බෑයම් සපයන්නට සැදී පැහැදී බලා සිටින අය ඔනෑ තරම්ය. 14 දාට ඔය ගුබ්බෑයම් පිරී ඉතිරී යනු නිසැකය. මන්ද මේ බුදුන් තුන් වරක් වැඩි සිරි ලන්කාදීපය හෙයිනි. රජය ගබ්සාව නීති ගත කිරීමට යයි. ඇමතිලට ඇමති පුතාලට පට්ට ආතල් එතකොට ගත හැකිය.එවිට වරද බඩ වූ එකීගෙය. ගබ්සාව නීති ගත වුවහොත් අශෝකමාලලාට බඩුම තමාය. මෙය අහෝ ඛේදයකි, ඉරකි තිතකි.

Friday, February 10, 2012

කිඹුලා කෑම





අපේ අයට බේකරියේ කිඹුලා කිඹුලා බනිස්ය, ප්ලේන්ටියක් සමග දෙක තුනක් ඇඟට පතට නොදනීම ගිලීමට කාතත් ඇහැකිය. වතුරේද කිඹුලන් වෙති. රාගමද කිඹුලෙක් සිටියාය. අපෙ අයට ඒ කිඹුලයි පිටි කිඹුලයි පැටලිනි. අපේ අය ඌව පනපිටින් කෑවාය. හැබයි ඒ වෙන විට මේ කිඹුලාද අපේ එකෙකුට වග කියා අවසන්ය, ඒ වනතෙක් වනජීවීඑකේ උන් පිටි කිඹුලන් කකා සිටියාද නොදනිමි. එතනද පුරස්නයකි, කතවේ හොඳම හරිය "බල්ලෙක් අපිව කෑවාට අපි බල්ලා කන්නේ නැත, ඒත් කන උන් ඉන්නවාද නම් දන්නේ නැත". එහෙත් මෙහිදී බලු කෑමක් වී ඇතුවාය, කිඹුලගේ ඔලුවේ රස පොරවක් හොඳ හැටි බලා ඇතිවාය. පොරවට පණ නැත, කිඹුලන්ගේ ඔලු පැලීමටද අවශ්‍ය නැත. තිරිසනා තිරිසනාමය, ඌ හොඳක් නරකක් දන්නේ නැත. මිනිසා මනසින් උසස්ය (ඇත්තටමද?). හැඟීම් ආවේගයන් පලනය කරගත හැකිය, නමුත් එසේ නොවුනි. මළේ ගැට කිඹුලෙකි, වාර්තා වූ හැටියට ඌ ලංකාවේ ලොකුම කිඹුලාය. ලොකුම කිරිකට් පිට්ටනි, කොටම හයිවේ, ගොඩබිම් වරාය, ලොකුම රඟහල, ආදී එකී නොකී මෙකී සෑම ලොකු ලොකු සයිස් ඒවා අතර ලොකුම කිඹුලා ඝාතනයට ලක්විය. ඉස්සර නම් ගෙදර හුරතලේට හැදූ තලගොයා මලදා "නිවන් පුරේ පලයන් ගෝ පැටියා......." කියූ මනුශ්‍යත්වයක් අපට තිබී ඇතිවාය, නමුත් මේ තලගොයෙක් නොව කිඹුලෙකි. අපේ අයට කන්න ඕනෑ වූ විට කබරයාත් තලගොයා වේ. මේ කිඹුලා අද හෙටම පුලුන් ගොඩක් වනු ඇත. ඌ වෙනුවෙනුත් ඌ කා මළ අය වෙනුවෙනුත් අපගේ සාතිශය සංවේගය. 

ඇහ් මම එහෙම එකක් කිව්වද?

" දැන් උඹ කියන්නේ ගයාන් පෙරේරාගේ සින්දුව හොඳයිද? "
"ඒක කියන්න මම සංගීත විශාරදයෙක් නෙමෙයිනේ. "
" කොහොමත් ඉතින් ඒකත් අනික් සින්දු වගේ සින්දුවක්. "
" එතකොට අර හනිමූන් සීන් එක අස්සේ භවතු සබ්බ මංගලම් යනඑක. "
" ඒ හනිමූන් සීන් එකක්ද? "
" ඒ වුනාට ඒ වගේ සීන් එකකට භවතු සබ්බ මංගලම් දැම්මාම අවුල්. "
" මට නම් ඒකෙ කිසි අවුලක් නෑ. "
" උඹලාට ජාතිය ආගම ගැන හැඟීමක් නෑ? "
" එතකොට උඹ කියන්නේ සිත්ති මනීලා තහනම් කරපු එක හරි මේක වැරදියි කියලානේ. "
" ඇහ්.. මම එහෙම එකක් කිව්වද? "

වින්දනාත්මක

සාහිත්‍ය

සමාජ/කාලීන

දේශපාලන

Followers

අපිව කියවන අය