විවිධ

Powered by Blogger.

Wednesday, September 19, 2012

අනේ බන් උඹලගේ ඔය දේශප්‍රේමේ™... ඕක රෝල් කරලා ගහගනින් පු*


ඔබ ඉතාම සාර්තකව පහුගිය ප්‍රශ්න වලට පිළිතුරු දුන්නා. දැන් ඔබ ඉන්නේ රුපියල් මිලියනයේ කඩයිම් ප්‍රශ්නය ලඟ.

ඔබ සුදානම්ද..?

[පසුබිම් සංගීතය: දඩින් දඩින් දඩින්]

හොඳයි මෙන්න ඔබට ලැබෙන කඩයිම් ප්‍රශ්නය....

අපි උපකල්පනය කරමු පහුගිය දා ප්‍රහාරයට ලක්වූ බුද්ධි අංශ මේජර් ඔබ කියලා. ඔබ මේජර් වුනානම්  මොකක්ද්ද ඔබ කරන්නේ..?


ඔබට ලැබෙන උත්තර මේවා

A) මේජර් ගොසින් මාලකගේ ඔලු කට්ට කුඩු වෙන්න වෙඩි තබා තමන්ටත් වෙඩි තබා ගැනීම
B) අධිකරණය ස්වාධින නිසා නඩු කියා නඩුව ජයග්‍රහණය කරවීම
C) ප්‍රසිද්ධියේ මාධ්‍ය හමුවක් පවත්වා තමන්ට සිදුවු අසාධාරණය රටට පැවසීම
D) සාධාරණය ඉටු වෙන තුරු මාරාන්තික උපවාසයක් කිරීම


අමතක කරන්න එපා. ඔබ දැන්ටමත් ලක්ශ පහක් ජයග්‍රහණය කර අවසන්. ඔබට කැමතිනම් ඒ මුදලත් අරගෙන තරඟයෙන් ඉවත් වෙන්න පුළුවන්. හැබැයි ඔබට කියන්න වෙනවා කැමරාව දිහා බලාගෙන.

"මම පොනිල් තරම්වත් දේශප්‍රේමියෙක්
නොවෙමි" කියලා.

ඒ වගේම මේ වෙලාවේ මතක් කරන්න ඕන ඔබට ලැබෙන උපකාරක අවස්තා ගැන. ෆිෆ්ටි ෆිෆ්ටි, කෝල් අ ෆ්‍රීන්ඩ් සහ ආස්ක් ද ඕඩියන්ස්.

ඔවු මේ ප්‍රශ්නයට ඔබේ පිළිතුර වන්නේ..?



ප.ලි: පොනිල් "තොප්පිගල කියන්නේ කැලෑවක්" කිව්වා කියලා ආමි එකේ මොරාල් බහිනවා කියලා පොළවේ පස් කාපු දේශප්‍රේමි, දේශහිතෛශී, ජාතිමාමක, ජාති හිතෛශී බ්ලොග් ලියන අයියලා හිටියා නේද..? මොකෝ සද්ද වැහිලා..? ඔය හාලි කටවල් ඇරෙන්නේ මොංගල් හරි ෆොන්සේකා හරි හිරුණිකා බේබි හරි පොනිල් මොනවා හරි කිව්වම විතරද..?

අනේ බන් උඹලගේ ඔය දේශප්‍රේමේ... 
ඕක රෝල් කරලා ගහගනින් පු*..!

2 comments:

Inamaluwe Buddadasa said...

මහත්මයාගේ වේදනාව මා හට තේරුම් ගත හැක. එහෙත් රජවරුන්ට මේ කිසිත් අදාල නැත. රජවරුන් ඉදිරියේ සෙබලුන් සුනඛයින්ම වන්නේය..

මහත්මයා මගේ බ්ලොග් අඩවියත් ඔබේ සින්ඩිකෙටරයට ඇතුලත් කර ගන්නේ නම් ඉතා කෘතඥ වෙමි.

http://ithihaasaya.blogspot.com/

සාතන් said...

හෙහ් හෙහ්... මාලක ගැහුවෙ නෑ කියල මේජර් කියල තියෙන්නෙ... අහල තියෙන ප්‍රශ්නෙ වැරදියි... අයියෝ සල්ලි ;)

වින්දනාත්මක

සාහිත්‍ය

සමාජ/කාලීන

දේශපාලන

Followers

අපිව කියවන අය