විවිධ

Powered by Blogger.

Saturday, September 15, 2012

ස්වේත රාත්‍රියේ සහෘද සටහනක්

මිනිස්සු කාලානූරූපීව වෙනස් වෙනවා. එහෙම වෙනස් වෙන මිනිස්සු පවතිනවා, වෙනස් නොවන මිනිස්සු කාලෙත් එක්කම නැති වෙලා යනවා.

මට තාම මතකයි, ගුණදාස කපුගේ මහත්තයා සන්ෆ්ලවර් "ලට්ට පටන් දගට පටන්" සංගීතයට සින්දු කියන්න ගිහින් බැනුම් අහපු තරම. රසිකයෝ ඒ බැන්නේ කපුගේට තියෙන ආදරේට සහ කපුගේ විනාශ වෙන එක ගැන දුකට.

නන්දා මාලනි කියන්නෙත් "රැඩිකල්" ගායිකාවක්. ඇය සුනිල් ආරියරත්න එක්ක කරපු සින්දු බොහොමයක් විවාදාත්මකයි. ඒ වගේම ඇය ඒ දවස් වල ගයපු සින්දු වලින් උත්තේජනය ලබල පොල්පිති විප්ලව කරන්න ගියපු අපේ බාප්පලගේ, මාමලගේ පරපුරේ රටට ආදරය කරපු තරුණයෝ තරුණියෝ ටයර් සෑයවල් වලින් එළොව ගියා.

ඒත් එදා ඇයත් සුනිලුත් රටින් පැනලා බේරෙනවා. මම ඒකේ වැරද්දක් දකින්නේ නෑ. කවුරුත් මැරෙන්න බයයි. 




"ස්වේත රාත්‍රිය" ඊයේ අවසන් වෙනවා. ඒක බලන්න ගියපු මගේ යාළුවෝ පොස්ට් කරපු ෆොටෝස් වලින් සහ ස්ටේටස් වලින් මගේ ෆේස් බුක් එකේ හෝම් පේජ් එක පිරිලා. ඒ අයගේ තියෙන්නේ නන්දගේ සින්දු අහලා ඒක රස විදපු එකේ සතුටට වඩා "ඔන්න අපිත් ස්වේත රාත්‍රිය බැළුවා, උඹලට බලන්න බැරිවුනානේ" වගේ හැඟීමක්.

මම ඒ අයට දොස් කියන්නේ නෑ. මොකද හැමදාම කලාව පැවතුනේ මේ වගේ අය නිසා. "කලා පොළෙන්" කට්ටිය චිත්‍ර අරගෙන ගිහින් සාලේ එල්ල ගන්නේ ඒකේ තියෙන ආර්ට් එක ඒ අයට තේරෙන නිසා නෙමෙයි. එහෙම ආර්ට් එකක් එල්ල ගන්න එක ආඩම්බරයක් නිසා. ආර්ට් රස විදින්න පුළුවන් කට්ටියට ඒක සල්ලි දීලා ගන්න තරම් වත්කමක් නෑ. ස්මහර විට ඔවුන්ට ඒක මිළදී ගෙන තමන්ගේ කරගන්න උවමනාවකුත් නෑ.

ඒ කොහොම වුනත් "ස්වේත රාත්‍රිය" බලන්න ගියපු අපේ සහෘදයෙක් සටහනක් එකතු කරලා තිබ්බා. ඒක හරිම අවංකයි. අර ෆේස් බුක් එකේ ෆොටෝස් දාගෙන, ස්ටේටස් දාගෙන පොරවල් වෙන්න හදන මගේ යාළුවන්ට වඩා ඔහු නිර්ව්‍යාජයි.

 "හරියටම පැයකුත් විනාඩි හතලිස් හතක් පුරා ශ්වේත රාත්‍රිය නම්වූ ප්‍රසංගයේ ගීත 25ක් ශ්‍රවනය කලෙමි.  "තොටුපල අයිනේ" ලියන තොටියා, වික්ටර් රත්නායකයන්ගේ අවසන් ස ප්‍රසංගය වෙනුවෙන් ලියූ "රසිකයන් රඟහල් දොරටු පවා බිදගෙනවුත් නැරඹි ප්‍රසංගයක් "… …ලිපියෙන් ස ප්‍රසංගය අවසන ප්‍රෙක්ශක හිතෙ තිබූ හැඟීම්බර බව, මගේ ප්‍රියතම ගායිකාව වන නන්දා මාලිනියගේ ශ්වේත රාත්‍රිය රසවිඳිමින් ඒ හැඟීම ඇඟට රෝපනය කර ගැනීමට උත්සහා ගත්තෙමි."
සම්පූර්ණ සටහන කියවන්න "ශ්වේත රාත්‍රිය .. එවන් සිරසක් කුමකටද මට"

3 comments:

Anonymous said...

යාලුවා කතාවට නම් ඵකගයි නමුත් ඔයාගේ පොල්පිති විප්ලවය කියන සිල්ලර වචනයට නම් ඵකගවෙන්න බෑ.
JR ප්‍රමුක දනේශ්වර රට ගෙනාපු ගමනක අනිවාර්ය ප්‍රතිපලය තමා 88-89 සිවිල් යුද්දය.කොටින්ම මහින්ද මහත්තයා රට අරන්යන ගමන්මගේ අවසානයත් තාර්කිකව බෑලුවොත් ඵ් වගේ ඛේදවාච්කයක් තමා.(මොකද මේ යන ගමනේ අවසානය යනු සමස්ත ජාතියේම විනාශය කියලා පේන්න තියනවා.ඵ් නිසා ඵක්කෝ ජනතාව ඊට ඵරෙහිව සටන් කලයුතුයි.නෑත්නම් පලකයාගේ කෑමත්තට ඵකගව සියතින් ගෙලසිදගතයුතුයි. )
අරගලය පරාදයි තමා.නමුත් යාලුවා සටන්කරුවන්ගේ අරමුණු හා පරිත්‍යාගය කවදාවත් අවතක්සේරු වෙන්නෙ නෑ.

මාතලන් said...

ඔබ මාගේ කොමෙන්ටුව දුටු නිසා කිසිත් නොලියමි.. පෞද්ගලිකව නන්දා මාලනිය තවත් එක් ශ්‍රී ලාංකික ගැහැණියක් පමණායි. අපේ අම්මත් තරුණ කාළේ අසාධාරණය පෙන්නන්න බැරි ඒ ගැන කතා කරන කෙනෙක්. ඒත් අද මහරජානන්ට බැන්නත් නූතන දුටුගැමුණුට ගරු කරණ පන්සල් යන සිල් ගන්න කාන්තාවක්. ඉතින් එයාගෙයි නන්දා නැන්දගෙයි කිසි වෙනසක් නෑ. අද දුක් වෙනවා ඇති තුන් හෙලේ කැලෑතුල සිංහ පැටව් වගේ සිංදුවක් කියාගෙන උන්න නම් ඉවරයි කියලා. සිරස ඊ ළඟට විකුනන්නේ විකටර්...

Loku John said...

//"ලට්ට පටන් දගට පටන්" සංගීතයට සින්දු කියන්න ගිහින් බැනුම් අහපු තරම. රසිකයෝ ඒ බැන්නේ කපුගේට තියෙන ආදරේට සහ කපුගේ විනාශ වෙන එක ගැන දුකට.// ඇත්තටම මම එදා ශ්වේතරාත්‍රිය බලන්න ගියේ පොස්ට් එකක් දාන්න තුන් හිතකින් හිතලා නෙමයි ඔබ කියුවා වගේ රස විඳීමට වඩා පුදුම දුකක් හිතට ආවා නන්දා මාලිනිය ගැන. ඒකයි පොස්ටුව දැම්මෙ නැත්නම් මගේ ප්‍රියතම ගායිකාව ඇයයි.

වින්දනාත්මක

සාහිත්‍ය

සමාජ/කාලීන

දේශපාලන

Followers

අපිව කියවන අය