විවිධ

Powered by Blogger.

Wednesday, September 28, 2011

අබූත

මොන දේ කළත් වරදින උපාලි කොන්දොස්තර කොල්ලා, ඉතිරි සල්ලි ලෙස දී තිබුණේ, මුහුණත අපැහැදිලි, අවපැහැ ගැන්වුණු කාසියකි. බෝක්කුවේ හිඳගත් උපාලි එය පිරිසිදු කරන්නට විය. එකෙනෙහි ඔහු ඉදිරිපිට ජටාවක් බැඳ, සරුවාලයක් හැඳි පුද්ගලයකු පහළ විය.
"මං තමයි මේ කාසියට අධිපති භූතයා." ජටාධාරියා හිස නමා පැවසීය. "ඔබයි මගේ ස්වාමියා."

"අම්මට සිරි!" උපාලිට කියවිණි.

"ඒක නරක වචනයක් නේද?" භූතයා ඇසීය.

"සිරි කියන්නෙ ශ්රී කියන එක. ආශීර්වාදාත්මක වචනයක්." උපාලි වැරැද්ද හදාගත්තේය.

"බොරු නේද?

"ඒක පැත්තකට දානවකො. මොනවද බූතයෙකුට කරන්ඩ පුළුවන් ?"

"භූතයෙක්- මහප්රාණ යන්න." භූතයා නිවැරදි කළේය. "මොනවද වෙන් ඕනෙ."
ඉතිරිය සහ තවත් කතා කියවන්න යන්න "කෙටිකතා තරඟයට"

3 comments:

Chamila said...

mage chandeth mekata dunna :)

Charmi said...

මමත් කැමති මේකට. මරු...

ayesha said...

අපූරුයි

වින්දනාත්මක

සාහිත්‍ය

සමාජ/කාලීන

දේශපාලන

Followers

අපිව කියවන අය