විවිධ

Powered by Blogger.

Friday, September 2, 2011

පුස්සව පන්නල පැඟිරා බැඳලා ගාටනවද අපෙ රාළේ ?

පරසක්වල අපෙ මහ රජ්ජුරුවෝ
තෑගි කලයි කිරිපුස්සා
සරු බිම හොයලා කම්මැලි වීලා
පැන්නූවයි කිරිපුස්සා
නිදැල්ලෙ වැඩිලා දැන් හොඳ කඩිසර
කම්මැලි නැති කිරිපුස්සා
ආයෙත් සෙක්කුවෙ 'මේ සරු බිම හොයන්න'
බඳිනවදෝ කිරිපුස්සා

[රාළේ බැඳපන් කිරිපුස්සා
රාළේ බැඳපන් අපෙ පැඟිරා]//

දෙමුහුන් කුලයේ උපන්න කදිම
වෘසභ‍යෙ‍කි‍ අ‍පෙ‍ පැඟිරා
රටේම ඉපදී හැදිලා වැඩුනයි
රඟේට මේ අපෙ පැඟිරා
සරු බිම හොයලා මුරන්ඩු වීලා
කම්මැලි වුනු අපෙ පැඟිරා
ආයෙත් සෙක්කුවෙ 'සරු බිම හොයන්න'
බඳිනවදෝ අපෙ පැඟිරා

[රාළේ බැඳපන් අපෙ පැඟිරා
රාළේ බැඳපන් කිරිපුස්සා]//

මෙච්චර කල් උඹ සෙක්කු මගක සරු
බිම් හෙව්වා නොවැ රාළේ

කරෙන් ඇදල ගොන් මාරු කරල උඹ
හති වැටුනා නොවැ රාළේ

'රාළේ! රාළේ!!'
මහතැන දොඩවන බේගල් අහලා
තව රැඳෙනුද මෙහි රාළේ
පැඟිරා පන්නල පුස්සව බැඳලා
ගාටනවද අපෙ රාළේ


[රාළේ බැඳපන් අපෙ පැඟිරා
රාළේ බැඳපන් කිරිපුස්සා]///
අපෙ පැඟිරා..කිරිපුස්සා///

නා‍ට්‍ය‍ය‍ - සෙක්කුව (පරාක්‍රම නිරිඇල්ල)
ගායනය - එඩ්වඩ් ජයකොඩි / ජයශ්‍රී චන්ද්‍රජිත්

සින්දුව බාගත කර ගන්න සහ වේදිකා නාට්‍ය ගීත අහන්න "නූර්ති සහ වේදිකා නාට්‍ය ගී"

2 comments:

දුකා said...

කාලීන සින්දුවක් . .. . හැබෑවටම . ..

ඒ කියන්නේ එදායි අදයි සිදුවෙන්නේ එකම සිදුවීම . ..

දුකයි අප්පා අපේ රට ගැන

මාලන් said...

දුකා අයියා,
මම දන්න තරමට පරාක්‍රම නිරිඇල්ල මහත්තයා "සෙක්කුව" මුල් වරට කරන්නේ නිදහස් පක්ශය දරුණු ලෙස පැරදිලා ජේ.ආර් දිනපු වෙලාවේ. ඒ කියන්නේ 77 මුල (?).
අවුරුදු 35 කට විතර පස්සේ අදත් අපේ "රාළලා" සෙක්කු මඟක සරු බිම් හොයනව දකින කොට අපිට අපි ගැනම දුක හිතෙනවා.

මම මේ නාට්‍ය බැළුවේ මේ ලඟදි "ජන කරලිය" වැඩ සටහනෙන්. පරාක්‍රම මහත්තයලා වේදිකා නාට්‍ය වෙනුවෙන් අදටත් කරන කැපවීම අගය කළ යුතුමයි!

වින්දනාත්මක

සාහිත්‍ය

සමාජ/කාලීන

දේශපාලන

Followers

අපිව කියවන අය