විවිධ

Powered by Blogger.

Sunday, August 28, 2011

අයිරේන්ගේ දේව කන්නලව්ව

පහත දේව කන්නලව්ව [or what ever it is] "ලංකා සී නිවුස්" වෙබ් අඩවියේ කමෙන්ටුවකින්  උපුටා ගන්නා ලදි.
----------------------------------------------------
දේව කන්නලව්වකි…!

2011 අගෝස්තු 27 වැනි දින වූ අද දින …..
ඇමෙරිකාවේ වේලාවෙන් සවස 9ට
බලපැවැත්වීමට නියමිත අයිරේන් සුළි කුණාටුව සම්බන්ධවයි…..

සමස්ත ලෝක ජනතාව වෙත…,
බලෙන් පටවමින් සිටින්න වූ..,
මහත් විනාශකාරී වූ බටහිර ජීවන රටාව..,
පැරදිවීම සඳහා අත්‍යවශ්‍යව පවත්නා…… වූ..,
ඇමෙරිකානුවන්ගේ මාන්නය බිඳිම…,
ප්‍රධාන සාධකය ලෙස සළකා..,
මෙම අයිරේන් නම්…. සුළි කුණාටුව මඟින් ඇමෙරිකානු ජාතියට…,
අති විශාල වූ අලාභ හානියක් සිදුකර…. මැනව……,

සිදුකර…. මැනව……,
සිදුකර…. මැනව……,
සිදුකර…. මැනව……,

ඔවුන්ගේ මාන්නය… පැරදවීමට නම් ඇති එකම ක්‍රමවේදය වන්නේ ද එයයි…,
ඒ පිළිබඳ ගැඹුරින් සිතා සමස්ථ ලෝක වාසී අසරණ ජනයාගේ සිත සුව පිණිස….,
මෙම මොහොතේ දී ක්‍රියා කරනු මැනව…,

ක්‍රියා කරනු මැනව…,
ක්‍රියා කරනු මැනව…,
ක්‍රියා කරනු මැනව…,

අතලොස්සක් වූ ඇමෙරිකානුවන්ගේ සුඛවිහරනය සඳහා…,
සමස්ථ ලෝක වාසී ජනයා වෙත සිදුකරන්නා වූ….,
විනාශය නතර කර දැමීම අද දවසේ විශ්වයේම අවශ්‍යතාවයක්ව පවතින සේක..,
එබැවින්…, මෙම අයිරේන් නම් සුළි කුණාටුව මඟින් මහත් වූ විපාකයන් ඔවුන් වෙත අත්කර දුන මැනව..,
සමස්ථ ලෝකය ඉදිරියෙහි ඔවුන්ව දණගස්වනු මැනව…,

ඔවුන්ව දණ ගස්සවනු මැනව..,
ඔවුන්ව දණ ගස්සවනු මැනව..,
ඔවුන්ව දණ ගස්සවනු මැනව..,

8 comments:

Anonymous said...

තෙරුවන් සරණයි!!!

charmi said...

සි.ම. ට පිස්සු.

ආමේන්...!

මාතලන් said...

Hik.... Hikz....

Anonymous said...

පවු, දේව කන්නලව්ව වැඩ කරල නැති පාටයි :D

Charmi said...

ෂහ්... මේ වගේ ෆන් කමෙන්ටු පෝස්ට් විදිහට දාන එකත් නියම කලාවක්. ඒකට මේ තීරුව අගෙයිනෙ....

පුතා said...

@මාලන්..
අපරාදේ.. සුභ නැකතකින් ඇමරිකාව පැත්ත බලාගෙන හැඳිගෑවිලා යන්ට කියලා ඇට දෙක තුනක්වත් ඇඹරුවනම් දේව කන්නලව්ව වැඩ කරන්ටත් තිබ්බා... දෙවි පිහිටයි!

Chamila said...

"අතලොස්සක් වූ ඇමෙරිකානුවන්ගේ සුඛවිහරනය සඳහා…,
සමස්ථ ලෝක වාසී ජනයා වෙත සිදුකරන්නා වූ….,
විනාශය නතර කර දැමීම අද දවසේ විශ්වයේම අවශ්‍යතාවයක්ව පවතින සේක.."

ඔය විශ්වයා කියන එකත් ටික දවසකට කලින් ඇමරිකාවට පැන්නා... :D

දුකා said...

දැන් මේ කන්නලව්ව කලේ ලංකාවට අධිපති උපුල්වන් දෙයියන්ටද, නාථ දෙයියන්ටද, නැති නම් ලංකාව බලා කියා ගන්නා අනෙක් තිස්තුන් කෝටියක් දෙවි තේවතාගොල්ලනටද?

වින්දනාත්මක

සාහිත්‍ය

සමාජ/කාලීන

දේශපාලන

Followers

අපිව කියවන අය