අන්න සීනුව නාද වුණා, ඒ බෙහෙත් බොන වෙලාව. එත් මං කැමති තව හෝරාවක් විතර මෙතැන ඉන්න. හදිසියේවත් ඔයා මෙතැනින් ගියොත්.... එත් අපිට පිස්සු නැහැ කියලා මෙකේ ඇතුලේ ඉන්න කිසිම කෙනෙක් පිළිගන්නේ නැහැනේ වෙරෝනිකා. මං යන්න ඔනේ දැං නැත්නම් මාව හොයාගෙන මෙතැනට ඒගොල්ලෝ ආවොත්, මට මෙතැන තහනම් කළාපයක් වෙනවා. එතකොට අඩුතරමින් ඈතින් පේන කොළඹවත් මට දැක ගන්න හම්බවෙන්නේ නැහැ.
මම සෙමෙන් සෙමෙන් ප්‍රධාන ශාලාව දෙසට පියවර මනින්ට පටන් ගතිමි. එහෙත් මගේ සිත තාම තාප්පේ ගැට්ටේ එල්ලීගෙන දුර ඈත බලාගෙනය.
'වෙරෝනිකා........ සමාව දෙන්න බැරි වැරැදි මිනිස්සු කරන්නේ නැහැ'
වෙරෝනිකා ජීවත්වෙන්න තීරණේ කරයි..... හමුවෙන්න කැමතිනම් යන්න.......
No comments:
Post a Comment