"දවස මාර්තු 14 සඳුදා. වෙලාව පාන්දර 2.30යි. සිවිලිමෙන් කොටසක් ගැලවී ගොස් තිබෙන ලැබ් කාමරයේ පරිගණක තිරය ඉදිරිපිට මා වාඩි වී සිටිමි. සෝපා මත හා බිමද නිදාසිටින මා සඟයන් තදින් හුස්ම ගන්න ශබ්දය මට බාධාවක් නොවේ. දැන් දවස් දෙකක් තිස්සේ ඔවුන් ගතින්ද සිතින්ද බොහෝ සේ වෙහෙසී සිටින බව මා දනිමි.
මගේ ඉදිරිපිට විශාල රූපවාහිනී තිරයේ දිස්වන්නේ හිත සනසන ලස්සන රූප නොවේ. එයින් නැවත නැවතත් පෙන්වන්නේ ත්සුනමියේ දසුන්ය; භූමිකම්පාවේ හිත් සසල කරවන දසුන්ය. ඒත් රූපවාහිනිය වසා නිදාගන්නට නොහැකිය. ෆුකුශිමා න්‍යෂ්ටික බලාගාරයට මෙහි සිට ඇත්තේ කිලෝමීටර සියයක දුරකි. කොයි මොහොතේ ඒ ගැන අවදානම්සහගත තොරතුරක් තිරයේ මතුවේදැයි අවදානයෙන් සිටිය යුතුය.................
දිගටම කියවන්න - http://raaroo.blogspot.com/
1 මං කරදරයක් නැතුව ඉන්නවා...
2 පර්ෆෙක්ට් සිකුරාදාව...
3 භූමිකම්පාවක්...එනවා...
Wednesday, March 23, 2011
Sunday, March 20, 2011
සිත මිස කය නැති, බඹ ලොවකට ඔබ - මා කැඳවන්නේ මන්ද නගේ.......

මා එක් අතකින් වැරෙන් ආධාරකයක එල්ලී සිටිමි. අසුනක ඉහල කොටස තෙරපී කලවයක් රිදුම් දෙයි. අනෙක් අතින් අල්ලා ගැනීමට අඟලක හෝ ආධාරකයක් අවට ඉතිරිව නැත. මා පසුපසින් දෙදෙනෙකු තෙරපෙයි. දහඩිය පිරුණු අතක් මා මුහුණ හරහා ගොස් කණුවක් අල්ලාගෙනය. දෙපසින් තෙරපෙන ස්ථුල මිනිසුන් දෙදෙනාගෙන් මා මිරිකී යන සෙයක් දැනේ.
මා කොන්ද මත තෙරපෙන කාගෙදෝ බාහුවක් අංශක කිහිපයකින් මා ඉදිරියට නවා ඇත. දෙපා වලට දමන දහඩිය හේතුවෙන් තැම්බුම් රස්නයක් කලිසම තුල රැඳෙයි. කමිසය දහඩියෙන් පෙඟී ඇත. දෑත් දෙපා හෝ කිසිදු ලෙසකින් චලනය කල නොහේ. මගේ ප්‍රමාණයට තරමක් කුඩාවට තැනූ මගේම හැඩයේ කූඩුවක මා සිර කොට ඇති සේය.
මගේ දෑස් මට්ටමට පහළින් පිහිටි කවුළුවෙන් දර්ශනය වන්නේ පාරේ කාණුව දක්වා පමණී. යන්තම් හිස හරවා බැලීමි. දහඩියෙන් පෙඟී තෙල් බේරුණු ගැහැණු පිරිමි මුහුණු යායක්, අරමුණු රහිත වෙහෙසකර හිස් දෑස්වලින් උණුසුම වෑහෙන ඉහල වහලය දෙස නිහඬව බලා සිටිති. දුම් ගඳ, දූවිලි ගඳ හා මුසුව නැගෙන විලවුන් මුසු දහඩිය ගඳ නාසය කාරවයි.
තොරතෝංචියක් නැතිව ඇසෙමින් තිබූ වාහන එන්ජින් හඬ , නළා හඬ සහ පණගැහෙන එන්ජිමේ දෙදරුම යටපත් කරමින් බසයේ කැසට් යන්ත්‍රය ක්‍රියාත්මක වේ.
ඔබ දන්නෙහිද? කලකට පෙර අල්ලපු ගෙදර එකා විසින් නැවත නැවත වාදනය කොට අප්පිරියා කරන ලද්දක් වුවද, මතක ඇති කලකින් මා විඳි රසවත්ම ගීතය ඒ මොහොතේ, එම ගීතය බව දිවුරා කියමි............
මා හද නලවන - මා හද සනසන බලාපොරොත්තුව ඔබට තියේ......
එනමුදු සොඳුරියෙ - ඔබේ බොළඳ බව - ඔබහට පැවසිය යුතුව තියේ......
Monday, March 14, 2011
මැරෙන්නට තීරණය කිරීම
වෙරෝනිකා
මම සුදානම්
මරණයට.......
උමතුවෙන් හිනාවෙන්න
එපා ආයෙත්..
ආතාත්වික ප්‍රතිබිම්බවලට
පණ ඇවිදින්
උඩුකුරු උනාම....
දිග පළල
මනින්න බැරි ලෝකේ
එක දිගට
කම්මැලි හීන පේනකොට.....
පුදුමයක් ද
මම සුදානම් වීම
මරණයට......
මම සුදානම්
මරණයට.......
උමතුවෙන් හිනාවෙන්න
එපා ආයෙත්..
ආතාත්වික ප්‍රතිබිම්බවලට
පණ ඇවිදින්
උඩුකුරු උනාම....
දිග පළල
මනින්න බැරි ලෝකේ
එක දිගට
කම්මැලි හීන පේනකොට.....
පුදුමයක් ද
මම සුදානම් වීම
මරණයට......
Saturday, March 12, 2011
Thursday, March 10, 2011
පුතා හෙවත් ඩුබායි වට්ටක්කා කෝ

ගුළි තුන ගැන කිය කියා
හොරෙන් හොරෙන් කිරිත් බ්ව්ව
බලුම බලු කතා කියමින්
ලව් ඉස්ටෝරියක් වගේ එකක් නිසා
උඹට පිස්සු හැදිලාවත්ද?
Tuesday, March 8, 2011
ටැබූ.......!

ශුශ්ක ලාංකීය පොළොවේ මීවන පඳුරක් හෝ වැවීමට ඔබ ගත් උත්සාහය අගනේය. ඔබ රචනාවන්ගේ ආශ්වාදය මත උපන් එවන් මීවන පඳුරු මතු දිනෙකදී කවර හෝ ශුශ්ක පරිසරයක වුව විකසිත වන ආශ්වාදනීය පතොක් මල් යායක් නිමවනු ඇත. සයිබර් අවකාශයේ ඔබ වාරණය කල හැකි මුත්, පාඨක සිත් තුල ඔබ තබා ගිය අඩි සළකුණු වාරණය කල නොහැකි වනු ඇත.
මා ඔබගේ ඇතැම් අදහස් හා එකඟ නොවූ අවස්ථා තිබිණි. එහෙත් ඔබගේ අදහස් ප්‍රකාශයේ නිදහස් අයිතිය වෙනුවෙන් පෙනී සිටින්නට එය බාධාවක් නොවේ. ඔබ කවුද යන්නද මම නොදනිමි. එමෙන්ම එය දැනගැනීමේ හෝ ඔබ දැන හඳුනා ගැනීමේ අවශ්‍යතාවක්ද මා හට නැත. එහෙත් ටැබූ සබ්ජෙක්ට්ස් අඩවිය මත ඔබ හෙළා ඇති මහත් ශ්‍රමය මා අගයමි.
මෙවන් පොදු අවකාශයක 'අප' යනුවෙන් පෙනීසිටින්නට මා හට අවසරයක් ඇතිදැයි නොදනිමි. එබැවින් මේ දුෂ්කර අවස්ථාවේ ඔබගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වෙනුවෙන් මගේ පෙනී සිටීම පිළිගන්න.
- Charmi
Wednesday, March 2, 2011
අපිට නැති ගමන්.....!

මිනිසුන්ට
මෙච්චෙර ගමන් තියේද යන්න
විවිධාකාර ඇඳුම් ඇඳගෙන...,
කාර් වල, බස් වල, පයින් .
...බලන්න…
උන් සිනාසෙන අන්දම
පවුල් පිටින් කොහේ යනවද?
අපි වගේ
වේලාසන ගෙදර ඇවිත්
ක්ෂණික හොද්දක් හදල
එක දිගට ...
පුටුවෙ නින්ද යනකන්
රුපවාහිනිය බලන් නැතුව
හිනාවෙවී පවුල් පිටින්
කොහෙ යනවද?
කතා කරල කරලම
සියලුම දෙබස් ඉවරවුන
නිහඬ චිත්රපටියක වගේ
පුරුද්දට හැම දේම
මුනෙන් මුණ බලාගෙන.
අනේ! මන්දා මේ මිනිස්සු
කොහෙ යනවද
ගෙදර ඉන්නෙ නැතුව?
- රසිකා ගුණවර්ධන
Subscribe to:
Posts (Atom)