
ඔබට දරුවෙක්ව යුද්ධයෙන් අයින් කර තබන්නට පුළුවන්. නමුත් දරුවාගෙන් ඔබ යුද්ධය අයින් කරන්නේ කොහොමද?පහතින් දැක්වෙන්නේ අද දිවයිනේ මුල් පිටුවේ ඡායාරූපය හා සටහනයි. මෙයට මේ සමාජය චූන් කරවන යුද උන්මාදය හැර වෙන කුමක් කියන්නද?

තිස් වසරක කොටි ත්‍රස්‌තවාදය අවසන් කර දැමීමේ මානුෂීය මෙහෙයුම් වලදී යුද හමුදා සන්නාහ සන්නද්ධ බළකාය ඉටුකළ මෙහෙවර අති මහත්ය. එදා සතුරු බල මුළු විනාශ කරමින් සටන් පෙරමුණේ පෙරට ඇදුන සන්නද්ධ යුද ටැංකි මෙහෙයවූ රණවිරු පියවරුන්ගේ දරුවෝ මෙදා එම යුද ටැංකි මත නැඟී සිය පියවරුන් පෑ විකුම් සිහිපත් කළ අයුරු දැක්‌වෙන මෙම සංවේදී දසුන මෝදර රොක් හවුස්‌හි සන්නාහ සන්නද්ධ බලකා මූලස්‌ථානයේදී ඊයේ (15 දා) අපට දැකගත හැකිවිය.
සටහන : සිරිමෙවන් ඡායාරූපය : සුජාතා ජයරත්න
උපුටා ගැනීම - LOOPHOLES
http://loopholes-loopholes.blogspot.com/
No comments:
Post a Comment