වර්තමානයේ ඇනෝනිමස් කමෙන්ට්ස් ආශ්රයෙන් ඉතා දැඩි ලෙස බ්ලොග් ලියන්නන්/ලියන්නියන් හාස්‍යට ලක් කිරීමත් ඔවුනට පුද්ගලික මට්ටමෙන් පහර ගැසීමත් සිදුවනු දකින්නට ලැබේ.
මෙය එක්තරා අන්දමක "Cyber Bullying" තත්ත්වයකි. දියුණු රටවල මෙය දඬුවම් ලැබිය හැකි වරදක් වන අතර ඒ සඳහා ගත හැකි නීතිමය ක්‍රියාමාර්ගද ඇත.
පීචන් වේවා ප්රබුද්ධ වේවා මොනයම්ම බ්ලොග් අඩවියක් පැවතීමට මුලිකවම බ්ලොග් ලියන්නන්/ලියන්නියන් සිටිය යුතුය.

සිංහල බ්ලොග් ලියන්නන්/ලියන්නියන් රැක ගැනීම සිංහල බ්ලොග් රසිකයන් ලෙස අපගේ යුතුකමකි.
එනිසා,
සිංහල
බ්ලොග්
අවකාශයේ
ඇනෝනිමස්
ත්රස්තවාදයට
එරෙහි
වෙමු..!

ප.ලි: කෙමෙන්ට්ස් වසා ඇත.