විවිධ

Powered by Blogger.

Tuesday, August 28, 2012

ගමේ ගොඩේ උන්ට මොන එඩියුකේශන්ද..?

ඇත්ත නේන්නම්. අම්මපා ඔය කියනකම් මට වැටහුනේ නෑනෙව. පොතුත් නිකන් දීලා, රෙදිත් නිකන් දීලා, සීසනුත් නිකන් දිලා, කන්නත් දීලා, තව නිකන් උග්න්නලා. අනේ අම්මපා මෙහෙම පුළුවන්ද රටක් කොරන්ට. මේක නොතේරෙන හරක් ඉන්නවද..?

කප්පාදු කරන්ට ඕනේ නෙවෙන්නම්. 1.9% වෙන්කරන එකත් මොන තරම් අපරාදයක්ද..? වැඩියි වැඩියි. තව අඩු කරන්න ඕන.

මුලින්ම කැම්පස් වලට වෙන්කරන සල්ලි ටික කපලා දාන්න ඕන. දැන් කොහොමත් ලෙක්චර්ස්ලා [උන්ගේ කොහොමත් ඔළුව වැඩියි, හිතන් ඉන්නේ හෙණ උගත්තු කියලා] ස්ට්‍රයික් නිසා උන්ව ඔහොම්මම ගෙදර ඉන්නම දෙන්න ඕන. එතකොට යන එකෙක් යයි. නොයන එවුන් වෙන මොනවා හරි හොයා ගනි. ඊට පස්සේ කෙලින්ම ෆුල් කොලිෆයිඩ් ලෙක්චර්ස්ලා ගේනවා ඉන්දියාවෙනුයි නෙපාලෙනුයි. උන් කොහොමත් අපේ එවුන්ගේ වගේ පඩ ශෝ නෑ. අඩු පඩියට වැඩ යමරෙට. එතකොට විශ්ව විද්‍යාල ප්‍රශ්නේ ඉවරයි.

ඊට පස්සේ හිමීට අත තියන්න ඕන ඉස්කෝල වලට. මොහාන් ලාල් ග්‍රේරො වගේ ඉන්ටර්නශනල් ස්කුල්ස් ගැන එක්ස්පර්ට් කෙනෙක් මිනිස්ට්‍රි එකේ ඉහළ තැනක ඉන්න නිසා කිසි බයක් නෑ. එයා ගාණට ගේම ගහයි. දැන් බලන්න ඔය ඉන්ටර් නැශනල් ස්කූල් වල ළමයි. කොයි තරම් පොශ්ද..? අපේ කලාස් එකේ ඈයොනේ. ඔය ගමේ ගොඩේ එව්වෝ වගේද..? ලඟට යන්න බෑ ගස් ගඳයි. මුන්ට මොන ඉස්කෝලද..? එක්කෝ යන්න ඕන ජුකි මහන්න, නැතිනම් යන්න ඕන සිකියුරිටි ජොබ් වලට. කාළකන්නි. මුන් මෙතන උගෙන ගෙන දොස්තරල, ඉන්ජියර්ලා වෙලා අපේ උන් යන්න ඕන ඊට පස්සේ සර්, මැඩම් කියාගෙන. ඔළුව උස්සන්න දෙන්නම හොඳ නෑ. පාගලම තියන්න ඕන.

ඕක මුලින්ම තේරුම් ගත්තේ අපේ [පහවත් පාස් නැති] ජාතියේ පියා. එයා කිව්වලු "යකෝ මුන්ට නිකන් උගන්නන්න ගත්තම අපේ ගහක ගෙඩියක්වත් කඩා ගන්න එකෙක් නැති වෙනවා" කියලා.

සහතික ඇත්ත. ජාතියෙම පියා නෙවෙන්නම්. 


අපි හදන්න ඕන, අපි කියන ඕන දෙයක් අහන් ඉන්න, පිළිගන්න ජාතියේ උන් ටිකක්. මේ යමක් කමක් උගත් එවුන්ද..? හපෝ මට පේන්න බෑ. හැම දෙයක්ම ප්‍රශ්න කරනවා. මේ උගත් වල් පරයි නිසානේ මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ. 

මමනම් කියන්නේ ලංකාවට කෙළ වෙලා තියෙන්නේ ඊනියා උගත්තු නිසා. මුන්ට පුකට පයින් ගහලා එළවන්න ඕන.

දැන් බලන්න මේ විදුලි අර්බුදය. දේශපාලකයන් සැමවිටම අරගෙන තියෙන්නේ නිවැරිදි තීරණ. අවුරුදු 30ක් ගත වෙනවා කියල ඊනියා උගත්තු සැළසුම් කරපු මහවැලි යෝජනා ක්‍රමය ගාමිණි දිසානයක මහත්තයා අවුරුදු හයෙන් හැදුවා. දැන් බලන්න ඇදි ඇදි ගියපු නොරොච්චොලේ තාප බලාගරේ අපේ ජානධිපතිතුමා මුල් වෙලා චීනෙන්, ඊනියා විදුලි ඉන්ජිනේරුවෝ එපයි කියද්දි [උන් දන්න පුක] චීන්නු පාවිච්චි කරලා රී සයිකල් කරපු [බලන්න කෙතරම් දූරදර්ශීද කියලා] බලාගරයක් එහෙම් පිටින්ම මෙහෙ හයිකලා. කෙතරම් පරිසර හිතකාමි චින්තනයක්ද..?

අනිත් අතට බලන්න හම්බන්තොට වරාය ඊනියා ඉන්ජිනේරුවෝ පුන පුනා කිව්වනේ ඕකේ පතුළේ ගල්, හරියන්නේ නෑ කියලා. අපේ ජනාධිපතිතුමා කිව්ව "ගල කපන හැටි මම දනිමි" කියලා හැදුවා වරාය. දැන් බලන්න ලෝකෙන්ම එකම අභ්‍යන්තර වරාය තියෙන්නේ අපිට.

ඒ වගේම හදන්න යන මත්තල ගුවන් තොටුපොළ. මේ ෆීසිබිලිටි ස්ටඩි එක කරපු ඊනියා උගත්තු කිව්වා මේක කුරුළු පාරාදීසයක්. කුරුල්ලෙක් ප්ලේන් එකක අස්සේ ගියොත් බඩුම තමයි කියලා. ජානධිපතිතුමා කිව්වා "යකෝ මම මැරුවේ කොටි, කුරුල්ලෝ මට කජ්ජක්ද..?" කියලා හදපිය කිව්වා ගුවන් තොටුපොළ. 

උගත්තු
..? උන්දන්නේ මොනවද..? උන් මොනවටද..?

මේ යන විදිහ හොඳටම හොඳයි. ආයේ මොනවා නරක් වෙන්නද..? 

9 comments:

මාතලන් said...

සහතික ඇත්ත, සහතික ඇත්ත, මොකෝ මුන් ඉගෙන ගෙන හඳට යන්නය. ඔන්න ඒකට අපේ එකෙක් නම් කමක් නෑ. මම නම් කියන්නේ ඉන්ටර්නැෂනල් ස්කූල් එකක්වත් මෙහේ තියෙන්න ඕන නෑ. ඕව තිබුනොත් නේ හිඟන්නොත් ඉල්ලන්නේ. ඉගෙන ගන්න එකෙක් තමිල්නාඩුවට හරි ගිහින් ගෙවලා ඉගෙනගනීවී නේ. මෙහේ කොල්ලෝ ගස් යවන්නයි, කෙල්ලොන්ට ලොක්කන්ට අල්ලන්නයි ඉගැනුවනම් හොඳටෝම ප්‍රමානවත්. බලන්න ඉතින් අපි වගේ බුද්ධිමතුන්ටත් තැනක් නැතිකොට.

Anonymous said...

happo sahathika aththa, malan wa wada ganna hithenawa.

Janaka Thennakoon said...

රජ පවුලටයි රට වැසියන්ටයි සාමෙන් ඉන්න දෙන්නේ ම නැති මේ වගේ බ්ලොග් ලියවෙන්නේත් මුන්ට අකුරක් උගන්නපු නිසානේ..සහතික ඇත්ත...! නියමයි..!

සාතන් said...

මරේ මරු...

Anonymous said...

Malan umbage Kate danna masuran malanga neti nisa
Ice creem ekak Aran denawa. Menage athal katha Liyapan Mage puthe digatama.

SAMEERA RUKSHAN said...

කියලා වැඩක් නෑ...( ඒ හින්ද ‍නොකියා ඉන්නවා )

Unknown said...

බලන්න කොච්චර ලස්සන පිංතූරයක්ද? මේ ඔක්කොම කරන්නේ ජීවත් වෙන්නනේ.මොකද සරලව ඉන්න ඉගන ගන්න ඕනෙත් නෑ.මෙ විදියට සරලව ජීවත්වෙන්න රු.2500/= හොදටම ඇති.

සරත් ලංකාප්‍රිය said...

ඔන්න ඔය පහේ සිස්ත්වෙත් නතරකරපල්ලා බන් ඕකෙන් තමයි සොක්කන්ගේ එවුවො අපේ උන් යන ලොකු කොලීජිවලට රිංගන්නේ.

Anonymous said...

@සරත් ලංකාප්‍රිය,

ලොකු කොලීජියකට ගිය එකා ඒ ගැන ජීවිත කාලේම හිත හිත කතා කර කර සතුටු වෙනවා, ලොකු කැම්පුස් එකකට ගිය එකා ඒක ගැන හිත හිත කතා කර කර සතුටු වෙනවා ඔය හැම් දෙයක්ම නැතුව රට ගිය එකා ඒ ගැන හිත හිත කතා කර කර සතුටු වෙනවා කොම්පැණියක ලොකු පෝස්ට් එකක් කරන ඉලක්කම් 6ක පඩියක් ගන්න එකා ඒක ගැන හිත හිත කතා කර කර සතුටු වෙනවා සිරාවට ෆොටෝ ගහන්න පුළුවන් එකා ඒක ගැන හිත හිත කතා කර කර සතුටු වෙනවා.

මේ හැම දෙයක්ම අපි සිත සතුටු කර ගන්න හදාගත්තු මායවල් විතරයි සරත්.

වින්දනාත්මක

සාහිත්‍ය

සමාජ/කාලීන

දේශපාලන

Followers

අපිව කියවන අය