විවිධ

Powered by Blogger.

Friday, February 10, 2012

කිඹුලා කෑම





අපේ අයට බේකරියේ කිඹුලා කිඹුලා බනිස්ය, ප්ලේන්ටියක් සමග දෙක තුනක් ඇඟට පතට නොදනීම ගිලීමට කාතත් ඇහැකිය. වතුරේද කිඹුලන් වෙති. රාගමද කිඹුලෙක් සිටියාය. අපෙ අයට ඒ කිඹුලයි පිටි කිඹුලයි පැටලිනි. අපේ අය ඌව පනපිටින් කෑවාය. හැබයි ඒ වෙන විට මේ කිඹුලාද අපේ එකෙකුට වග කියා අවසන්ය, ඒ වනතෙක් වනජීවීඑකේ උන් පිටි කිඹුලන් කකා සිටියාද නොදනිමි. එතනද පුරස්නයකි, කතවේ හොඳම හරිය "බල්ලෙක් අපිව කෑවාට අපි බල්ලා කන්නේ නැත, ඒත් කන උන් ඉන්නවාද නම් දන්නේ නැත". එහෙත් මෙහිදී බලු කෑමක් වී ඇතුවාය, කිඹුලගේ ඔලුවේ රස පොරවක් හොඳ හැටි බලා ඇතිවාය. පොරවට පණ නැත, කිඹුලන්ගේ ඔලු පැලීමටද අවශ්‍ය නැත. තිරිසනා තිරිසනාමය, ඌ හොඳක් නරකක් දන්නේ නැත. මිනිසා මනසින් උසස්ය (ඇත්තටමද?). හැඟීම් ආවේගයන් පලනය කරගත හැකිය, නමුත් එසේ නොවුනි. මළේ ගැට කිඹුලෙකි, වාර්තා වූ හැටියට ඌ ලංකාවේ ලොකුම කිඹුලාය. ලොකුම කිරිකට් පිට්ටනි, කොටම හයිවේ, ගොඩබිම් වරාය, ලොකුම රඟහල, ආදී එකී නොකී මෙකී සෑම ලොකු ලොකු සයිස් ඒවා අතර ලොකුම කිඹුලා ඝාතනයට ලක්විය. ඉස්සර නම් ගෙදර හුරතලේට හැදූ තලගොයා මලදා "නිවන් පුරේ පලයන් ගෝ පැටියා......." කියූ මනුශ්‍යත්වයක් අපට තිබී ඇතිවාය, නමුත් මේ තලගොයෙක් නොව කිඹුලෙකි. අපේ අයට කන්න ඕනෑ වූ විට කබරයාත් තලගොයා වේ. මේ කිඹුලා අද හෙටම පුලුන් ගොඩක් වනු ඇත. ඌ වෙනුවෙනුත් ඌ කා මළ අය වෙනුවෙනුත් අපගේ සාතිශය සංවේගය. 

7 comments:

Nishan de siva said...

පට්ට කතාව ඈ.සතෙක්ව මැරුව එකට ඕකුන්ට පන පිටින් ඉද්දි පනුවෝ ගහන්න ඕන.

ayesha said...

අනේ මන්දා.......

charmi said...

මහ අපරාදයක්. ඒත් ඉතිං මිනිස්සු දන්න විසඳුම ඕක තමයි. අදාල බලධාරින් සුදුසු විසඳුම දෙනකං හිටියනනං ඇතැම්විට තව මිනිස් බයිට් දෙකතුනක් ඔය කිඹුල් කටට යන්ඩ තිබුණා.
ඇත්තම තත්වේ නම් පරිසරය,වනජීවීන් වගේ සංකල්ප සාමාන්‍ය මිනිසුසුන්ගේ එදිනෙදා ජීවිතයට ඓන්ද්‍රීයව සම්බන්ධ ඒවා නෙමෙයි. ඔවුන් දන්නෙ තර්ජනයක් ඇති දේ විනාශ කිරීම පමණයි.
ඇත්තටම හරි කණගාටුදායකයි.

ජයශ්‍රී said...

තම දියණිය නිර්මාංශ වීමෙන් ඇගේ වර්ධනය බාලවේයයි බියවූ චාර්මි, කිඔුලෙක් ගේ මරණය හා උගේ මස් කෑම ගැන නිඔුල් කඳුලු සැලීම අප තේරුම්ගතයුත්තේ කෙසේද?

charmi said...

නිර්මාංශ නොවීම සහ දුර්ලභ වනජීවීන් මරා දැමීම අතර සම්බන්ධය කුමක්ද ජයශ්‍රී?

Anonymous said...

මමත් ඔය කිඹුල ගැන ලියන්න හිටියෙ,
ඒත් වෙලාවක් ලැබුනෙ නෑ,
බොහොම ස්තූතියි ලියපු එකට...

Admin sinhalamag said...

අපරාදේ කිඹුල මරන්න ඉස්සර වෙලා නිකමව දෙන්න
තිබ්බ කිඹුලට නිකම් හප හප ඉන්න ,සොදුරු මිනිසාගේ කවුරුවත් මේ කිඹුලාට අහුවෙලා මැරිලා
තිබ්බනම් අද මේ පෝස්ට් එක දායිද ?
@Gordonia ceylanica
කිඹුල ගැන ලියන්න ඉස්සර කිඹුලගේ කටට අත දාල
බැලුවොත් හොඳයිනේ

වින්දනාත්මක

සාහිත්‍ය

සමාජ/කාලීන

දේශපාලන

Followers

අපිව කියවන අය