skip to main |
skip to sidebar
episode 6 : Facebook Marketing (ගත්තේ මෙතනින්)
ආයුබෝවන් නෝනා වරුනි මහත්වරුනි , අවුල්වූ ලෝකෙක , නව වෙලඳ ප්රවණතා ගැන හදුන්වා දෙන , කතා කරන """"" "පිස්සු ලාබයි " වැඩසටහනට ඔබව සාදරයෙන් පිලිගන්නවා අදත් . අද අපි කතාකරන්නේ අලෙවිකරණය , අලෙවි
ප්‍රවර්දනය ගැන . එහි නව ප්රවනතාවයක් වන සමාජ වෙබ් අඩවි හරහා කරන
ප්‍රවර්දනය ගැන . අද අපිත් එක්ක මේ සාකච්චාවට එකතු වෙන්නේ මුහුණු පොත
නැත්නම් facebook ඉල්ලක්ක කරගත් Godama1Rupee Marketing Agency ආයතනයේ වෙළඳ ප්‍රවර්දන විශේෂඥයෙක්
නිවේදක : අපිට පොඩි විස්තරයක් කරන්න පුලුවන්ද ඔබේ ආයතනයේ මෙහෙයුම් ගැන
අලෙවි විශේෂඥ
මෙහෙම හිතන්න. ධම්ම චින්තා අහන ගමන් ලැට් එකට දිව්ව මිනිස්සු ..දැන් තේක බොන ගමන් , ශරීර කෘත්‍ය කරන ගමන් කරන්නේ facebook බලන එක . ඉතින් අපි දානවා ධම්මපද ගාථා , බයිබල් පාඨ , කුරාන් පාඨ .. ..ඇත්තම ඒවා වෙන්න ඕනෙත් නෑ නිකන් හදලා වගේ දාන්න පුළුවන් . මේ ක්‍රමය යටතේ sales agents ලා ඕනේ නෑ . ඔබ පලවූ දෙයට එකඟ වුනත්, විරුද්ද උනත් ඔබ උදව් වෙනවා පණිවුඩය ඈතට ගෙනියන්න
මොන වගේ දේවල්ද මේ දවස් වල වැඩියෙන් විකිනෙන්නේ ?
දුක , ජාති ආලය, දේශ ප්‍රේමය , ආගම් , වගේ දේවල් තමයි වැඩිපුර
පොඩ්ඩක් වැඩිදුර විස්තර කරන්න පුලුවන්ද එය
ඔව්. දැන් බලන්න අපි දානවා පින්තුරයක් , පුංචි ළමයෙක් ගේ. ප්ලාස්ටර් ටිකක් අලවල මුනේ , බට ටිකක් ඔබල නහයේ .එතකොට ඔබේ හිතේ ඇති වෙනවා දුක . දුක ඕනේ නේ ජීවිත වලට ...දුක නැති කර ගන්න සල්ලි වියදම් කරනවා මිනිස්සු.
තව අපි ආරම්භ කරලා තියෙනවා , අවමගුල් දැන්වීම් සේවයක් ..මරණයක් වුනාම දැන් පත්තර කන්තෝරුවට යන්න ඕනේ නෑ . දුරකථන ඇමතුම් දෙන්න ඕනේ නෑ . දැම්ම status update එකක් "ලොකු මාමා මළා , මළගෙදර බදාදා " කියල එච්චරයි .අනික මිනිස්සුන්ටත් ලේසියි ,සුදු ඇඳගෙන මල ගෙවල් වල යන්න ඕනේ නෑ . එකට කොමෙන්ට් කරා එක්කෝ "සාතිශය සංවේගය " , "දුක තමයි රන්ජනී " , " අහෝ දුකකි ඉරකි තිතකි " කියලා
.එච්චරයි .
ඔබ ආයතනය හරිම නිර්මාණශීලි බව නම් පෙනෙනවා , අපිට කියන්න පුලුවන්ද ඔබ ලඟදි කරපු
සාර්ථක campaigns එහෙම
මේ දවස් වල අපි දුවනවා දේශප්‍රේමය වැඩවීමේ ව්‍යාපාරයක් . මේක ට අනුග්‍රහය දක්වන්නේ සුළු ජාතික පක්ෂ කීපයක් . " සිවුරෙන් ඇද , නංවමු දේශප්‍රේමය" කියලා . අපි කෙටි videos කිහිපයක්
ෂූටින් කරගෙන යනවා මේ දවස් වල දකුණු ඉන්දියාවේ .
තව අපි ශ්‍රී ලංකා පොලිසියේ අනුග්‍රහයෙන් කරනවා " දුටුවාද අපේ හීන් බාප්පා , සිරිපාදේ නැතිවූ ?" කියලා . මේ ක්‍රමය යටතේ අපරාධයක් උනාම පොලිසියට දුවන්න ඕනේ නෑ. . දැම්ම status update එකක් " අපේ ගෙදරට හොරු පැන්නා , එන්න වහාම කියලා " .පළාතේ පොලිසියෙන් ඔබට , ඒ අවස්ථාවට මුහුණ දෙන්න අවශ්‍ය මුලික උපදෙස් දෙනවා ක්ෂණිකව, කොමෙන්ට් එකක් හැටියට ." එල .හොරු අල්ලා , තදින් බඳින්න. . අපි එන්නම් උදේට " වගේ
දැනට සමාජයේ තියෙන ලොකු අඩුවක් තමයි අපිට එක්සිත්ව එක්සත්ව වෛර කරන්න දුෂ්ටයෙක්නැති වීම. ඒ අඩුව පුරවන්න අපි කෙටි campaign එකක් කළා " ඇයි මාව මීට කලින් දැකල නැත්ද , නේ යනවා මනුස්සයෝ යන්න .." කියලා . ඒ වගේ දේවල් තමයි ඉතින් අපි කරන්නේ
අවාසනාවකට වගේ අපිට ලැබී ඇති කාලය මින් අවසානයි . මේ වැඩසටහනට සහබාගි වූ ඔබට
බෙහෙවින්ම ස්තුතියි . නැවතත් වාරයක හමුවෙමු , අවුල්වූ ලොවක , වැඩියෙන්ම විකිනෙන දේ
ගැන කතා කරන්න "පිස්සු ලාබයි " සමගින්