Thursday, December 2, 2010

සේද රෙදි

රන් කාසි ගිලින
ඇදුම් සාප්පුව
සේද රෙදි
වමාරයි

සිබින්නට
කතා කර
සුවද විතරක්
ඕන් නිදි
දහවලෙත්
සාප්පුව

ඇගිලි තුඩගින්
පැන පැන
බෙල්ල කඩා ගතිමි
සේද රෙදි ගොඩ උඩ

කාසි වමාරන
මැශිමක් තිබ්බාලු
එකමත් එක කාලෙක නම්
දැන් එන්නේ ලොකු කොළ
මොනරැ සින්හයෝ ඉන්න
ඒත් නෑ කාසි
රන්ම රන් කාසි

'මේ කොළවල සත්තු ඉන්නවා
උන් අපිට ගොරෝනවා'

මට සේද රෙදි ඕනෙමයි
ඇහුණද ඔහේට....?

4 comments:

  1. මොණරු සිංහයෝ විතරක් නෙවෙයි දරුණුම සත්තුත් ඉන්නව අලුතෙන්ම ආපු කොළවල බලන්නකො...

    ReplyDelete
  2. අපූරුයි අදහස

    ReplyDelete
  3. 'මේ කොළවල සත්තු ඉන්නවා
    උන් අපිට ගොරෝනවා'

    අම්මපා ඕකුං මටත් ගොරවලා තියෙනවා!

    ReplyDelete