Friday, November 12, 2010

"වීදි දරුවෙකුගේ කථාව....."


"නුඹ මා ඔය දෑතින්
කෙතරම් කාලයක්
වඩා උන්නාදැයි
මා නොදනිමි..........

උපන් හැටියෙම
ආදරය උණුසුම සොයා
මා හඬද්දී
කිරි සුවඳට
ඉව අල්ලද්දී
නුඹ මා වෙන
ලොවක අතරමන් කර
ගිය හැටි 
මා නොදනිමි.........

මගේ සිඟිති
තොලකට වේලෙද්දී
නුඹේ දෙතනට 
කිරි එරුනාදැයි
මා නොදනිමි........

ඔය දෑතින් මා වඩා
පුතේ කියා
හඬගැසුවාදැයි
මගේ මුහුන සිප ගත්තාදැයි
මා නොදනිමි......

මා මෙහි දමා යද්දී
නුඹේ නෙතට
කදුලක් ඉනුවාදැයි
දරු සෙනෙහෙන් 
ලය තෙමුනාදැයි
මා නොදනිමි.......

නුඹේ අතින් බත් දෙකටක්
කවා ගන්න
නුඹේ අතින් අල්ලා ඇවිදින්න
නොහැකි වීමට තරම්
මා අවාසනාවන්තදැයි
මා නොදනිමි.......

මා සෙවූ 
මම සොයන
අම්මා කියන නුඹේ 
ඡායාවවත්
මම නොදනිමි........"

2 comments: