Tuesday, November 2, 2010

සරසවිය


එක ඉඟුරු විස්කෝතුව බෙදාගෙන
පයිප්පෙට කට අල්ලලා තිබහ ඇරගත්
දොහක් තිබුණා මතක ඉව අල්ලන
ආයෙමත් යන්න දොල හිත පැන නැගෙන

සාමා අමර නැහැ දැන් හෝඩියක් කොහෙද!
වේවැලක් නැති ටියුෂන් මාස්ටර්
කැත කතා කියමින් නිදිමත එළවා දමන
ගුරු කොට ඉගෙන මෙහි පැමිණ

පිණි වැටුණ තණපත් නොපෑගෙන්නට
කහ පාට මැකෙන්නට කිට්ටු ගිළිහුණ මල් තලාවක
වේගයෙන් ඇවිදගෙන යන අතර
දඩ බිමක හුදෙකලා බව දැනේ ලේ සුවඳ පැතිරෙන

හිතුවක්කාරයා

1 comment:

  1. දඩ බිමක හුදෙකලා බව..........
    නියමයි හිතුවක්කාරයා.

    ReplyDelete