Tuesday, November 2, 2010

දිය කෙළියට පසු


රංජනී, වතෙහි කහ ‍
සෝදලා සාරි ඇද
අඩ සඳට තිලක ලා
හිනහුනා ගෙළ නමා


පාතිමා, අත්ල පා
මරතෝඩි රටා දා
මොට්ටැක්කිලේ ලා
සඳ තවත් හැඩකළා


කුසුමලා, රේණුලා,
පොන්ඩ්ස් ලිප්ටික්ස් උලා
ගත ඩෙනිම් හිරෙහි ලා
හඬ නගයි හිනැහිලා


.................ගැමියා...............

3 comments:

  1. දෙස බස රැුස නොතකන
    මගට බැස දෙබසින් දොඩන
    පොත පත නොකියවන
    ටෙලිසරණ යන රටකි දන මන
    - හිතුවක්කාරයා

    ReplyDelete
  2. දිය කෙළියට පසු මළ කෙළියකි.

    ReplyDelete
  3. විමුක්තිකාර නෝනලා
    අවඥාවෙන් හිනැහිලා
    කියයි අපි නොදත්බව
    මේ නූතන විලාසිතා...

    ReplyDelete