ආගමට අපහාස කළ සවුදි බ්ලොග්කරුට කස පහර 600යි…, සිරදඬුවම වසර 7යි
සවුදි අරාබියේ ආගමික කටයුතු පිළිබඳ විවෘත සංවාදය සඳහා 2008දී ඇරඹි නිදහස් සවුදි ලිබරල්වාදියෝ නම් වෙබ් අඩවිය මගින් එහි නිර්මාතෘ රායිෆ් බඩාවි ඉස්ලාම් ආගමට අපහාස කළ බවට චෝදනා කරමින් ජෙඩාහි අපරාධ අධිකරණය ඔහු වෙත කස පහර 600ක සහ සත් වසක සිරදඬුවම් පණවා ඇතැයි වාර්තා වේ.පසුගිය වසරේ ජුනි මසදී අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව රයිෆ් බඩාවි ජෙඩා නගරයේ බුරෙයිමාන් සිරගෙදර රඳවා ඇති අතර ඔහු මිථ්‍යා දෘෂ්ඨිකයකු බවත් ආගම හැර යාම සඳහා දඬුවම් ලබාදිය යුතු බවත් ප‍්‍රබල පූජකයෙකු විසින් පවසනු ලැබිනි.
ෂික් අබ්දුල්රහමාන් අල්-බරැක් පවසන ලද්දේ බඩාවි විසින් මුසල්මානුවන්, යුදෙව්වන්, ක‍්‍රිස්තියානින් සහ අදේවවාදීන් සියල්ලම සමාන බව පැවසීම දැඩි වරදක් බවයි.

ආගම හැර යාමට දඬුවම වන මරණීය දණ්ඩනය පනවනු ලැබීමෙන් ඔහු ගැලවී ගත්තේ අධිකරණය ඉදිරියේ තම මුස්ලිම් ලබ්ධික බව සනාථ කිරීමෙන් පසුව බව පැවසේ.
දඬුවමෙන් වසර 5ක් ආගමට අපහාස කිරීම මෙන්ම 2007දී බලාත්මක කෙරුණු සයිබර් අපරාධ නීතිය උල්ලංඝණය කිරීමේ චෝදනාව මත පැණවූ බවත් සවුදි අරාබියාවේ ආගමික පොලිසිය සහ සදාචාරය ප‍්‍රචලිත කිරීමේ සහ දුරාචාරය මැඬලීමේ කොමිසමේ ක‍්‍රියාකලාපයන් ප‍්‍රසිද්ධියේ විවේචනයට ලක්කිරීම මත තවත් වසා 2ක් සිරදඬුවමට එකතු කළ බවත් බඩාවිගේ නීතිඥ වලීඞ් අබු අල් කායිර් ඇමරිකානු මානව හිමිකම් සංවිධානයකට පවසා තිබේ.
2008දී රජය සහ බඩාවි අතර ගැටුම් ඇවිලූනු අතර 2009දී ඔහුගේ සියලූ දේපළ පවරාගැනීම සහ විදේශගත වීම වැළැක්වීමේ තීන්දුවක් ලබාදීම සමග 2012දී බඩාවිගේ බිරිඳ සහ දරුවන් විදෙස්ගත වූ බව වාර්තා වේ.
ප.ලි: අන්වර් මනතුංග; ඔයාගේ සරම බිම. ශේප් එකේ ඇදගන්ඩ..!
අන්වර මනතුංග සරෝන් අඳින්නේ නෑ. දැන් අඳින්නේ බුර්කා. මොකෝ නානසාරට අහු උනොත් නිවන් දක්කනවා..
ReplyDeleteඅන්වර්ට මේවා ගැටළු නෙවෙයි,පොර නබි නායක තුමාටත් ඉස්ලාම් උගන්වන්න ලෑස්තියි.උපතින් ඉස්ලාමිකයෙකු නොවුන එකේ හීනමානයයි අන්වර්ගේ අදහස් වලින් පෙනෙන්නේ.
ReplyDeleteඅන්වර් මනතුංග කියන්නේ තනිකම මුස්ලිම් අන්තවාදී මෝඩ පටු සීමාවක් ඉඳලෙන බ්ලොග් කරන කෙනෙක්. එයාට ඒක කරන්න මුස්ලිම් අන්තවාදී බලකඳවුරුවලි්න සෑහෙන්න මුදල් හා වෙනත් දේවල් ලැබෙනවා. අපි මෝඩ විදිහට ඒ ගොන් රජාව ප්‍රමෝට් කර කර ඌ තවත් ලකුණු අරගෙන දෙනවා.
ReplyDeleteارخص شركة تنظيف منازل بالرياض
ReplyDeleteشركة تنظيف واجهات زجاج بالرياض
شركة تنظيف فلل بالرياض
شركة تنظيف شقق بالرياض
شركة تنظيف كنب بالرياض
شركة تنظيف موكيت بالرياض
شركة تنظيف مساجد بالرياض
شركة تنظيف ستائربالرياض