පාවුනා ගොඩාක් කල්
නැවතුමක් නැතිවම
නැවතිලා ටිකක් කල්
හිතන්නෙත් නැතිවම
සිතට සුවයක් දැනෙවා
මේ තරම් ඉහළින් කවදාවත් ඉදල නැහැ
ලෝකෙම පේනවා....
තද සුළඟටත් ගහගෙන යන්නෙ නැහැ ....
බදල අල්ලන් ඉන්නවා
මේ සියල්ල විඳිමින්
මම බලාන ඉන්නෙ
ඔහුගෙ දුක පිරුන ඇස් දිහා
වැරදිලා පැටළුන මා දිහා
එයා හරි දුකින් බලාන ඉන්නේ
පැටලුම් අරින්න ත් බැරිව
ගොදුරට ගන්නත් බැරිව
මොනා කරන්න ද
ඔහු වියුවේ ,
මාව අල්ලන්න හිතාන නෙමෙයි
මම ආවෙ
පැටලෙන්න හිතානත් නෙමෙයි
පැටළුන
මම
෴ සොඳුරු සිත ෴
පුදුම වියන්නෙක්.....
ReplyDeleteඅහුවෙන මොකාහරි
ගොදුරට නොගෙන...
මොකට හඬනවද....
ලස්සනයි පදවැල ගොඩක්ම
ReplyDeleteඇත්ත.......
ReplyDeleteඇත්ත කීවේ... වැලිමැඩියගේ පද වලට...
ReplyDeleteස්තූතියි ....
ඔහු වියුවේ ,
ReplyDeleteමාව අල්ලන්න හිතාන නෙමෙයි
මම ආවෙ
පැටලෙන්න හිතානත් නෙමෙයි
ඕක මේ ලෝකෙ හැම 2.5 කින්ම එක්කෙනෙක් කියන කතාවක් සොසි. ඔන්න කතන්දර මේක දැක්කොත් කමෙන්ට් එකක් දායි පෙරළුන පිට හොඳයි කියලා හිතන්න කියලා.
ලස්සන පැදියක්. හැමෝම මේ දැලේ පැටලෙනවාද? ස්තූතියි!
ReplyDelete