Friday, August 26, 2011

ඔෆිස් එකේ සුන්දර වරද



අත පත ගාන දහසක් ලිපි ගොනු අතරේ
මැවෙන්නී ඇගේ නෙතු නිති හිත පතුලේ
ඇවිලෙන්නට නොදී හිත හිනැහෙන මොහොතේ
ගෙදර තනිව ඇති මයෙ බිරි`ද ව මට සිහිවේ

ගෙදර යන කලට හිත තනිවම මෙහි නොතියා
ගෙදරින් එන කලට අලුතින් පතන නියා
දෙහිතක් ඇතිව දෙතැනක ඉන්නටම කියා
අලුතෙන් ඔවා දෙන කෙනෙකුව සොයමි වහා


හිතුවක්කාරයා

1 comment:

  1. හෙමින් සැරේ... පියා විදා...
    සුමුදු සයනේ - සිනිඳු ඇතිරිල්ලෙන්.....

    මට හිතුනා අප්ඩේට් නැතිවෙනකොට.

    ReplyDelete