
මේ ඔබේම පුතා නොවේද
මේ ඔබේම සහෝදරයා නොවේද
හෙට දවසේ ඔබේ ලේ නෑකම කකියනතුරු
හෙට දවසේ මේ හස්තය ඔබේ ලේ නෑකමට දිගු වෙන තුරු
අපි නොදැක්ක වගේ ඉමුද?
හෙට දිගු වෙන ඒ හස්තය
අද නවත්වාගන්නට
දැන්වත් දෙපයින් හිටගමුද?
මේ ඔබේම සහෝදරයා නොවේද
හෙට දවසේ ඔබේ ලේ නෑකම කකියනතුරු
හෙට දවසේ මේ හස්තය ඔබේ ලේ නෑකමට දිගු වෙන තුරු
අපි නොදැක්ක වගේ ඉමුද?
හෙට දිගු වෙන ඒ හස්තය
අද නවත්වාගන්නට
දැන්වත් දෙපයින් හිටගමුද?
දේශපාලන ගැතිභාවය කොයිතරම් නිවටද කියනවනම් මනුෂ්‍යත්වයේ ඥාතීත්වයන් අමතක වෙන්නෙ තිරිසනුන්ට වගේ.
ReplyDeleteමම එහෙන් මෙහෙන් මේ සිසු ගැටුම් ගැන කියෙව්වා. ඒත් මෙ අ තරම් දුර ගිහින් කියලා නම් දැනන් උන්නේ නෑ.
ReplyDeleteමොනවා උනත් රටක තරුණ පරපුර විනාශ වෙන එක නම් ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි.
ඒ විතරක් නෙමෙයි මොකද මේ හැමදේම කැළණියෙන් විතරක්ම පටන් ගන්නේ....
මේක දැක්කාම තිගැස්සෙනවා මචං. පෝස්ට් එකක්ම දාන්ඩ වෙයි වගේ මේ ෂොක් එකෙන් ගැලවෙන්න.
ReplyDeleteකොටින්ට එරෙහිව ඇරඹු මානුෂික මෙහෙයුම කොටින් හා කොටින්ට විරුද්ධව සටන් කල ජෙනරාල්ලාද ගිල ගනිමින් දැන් සරසවි සිසුන් කරා පැමිණ ඇත. පොදු සමාජය තවමත් අත්පොලොසන් දෙමින් ඒ දෙස බලාගෙන සිටිති. ඒ අද සරසවි සිසුන්ගේ හිසට ඉහලින් කැරකෙන ඒ මාරක මුගුර තම හිසට එල්ල වන තෙක්ය. අපි බලා සිටිමු.
ReplyDeleteGadfly Zone-ඇට මැස්සාගේ අඩවිය වෙතින් උපුටා ගත්තකි.
ඇත්තටම මට කතාකරගන්ට බැරිවුනා කොල්ලව අල්ලගෙන මිනිස්සු දඟලන විදිහ දැක්කම... ඊ ලඟට මට මතක් වුනේ ඉරානේ ගෑණු ළමයෙකුගේ ඔළුවට ගලක් අතාරින වීඩියෝ එක... මොකක්ද මේ වෙන්නේ...
ReplyDelete