එක පන්තියේ එකට හිටි හිතවතී
අනේ ගෙදරින් බනී කියලා ගියා
හිත නොරිදවා ක`දුලක් තියා
පාවෙලා යන මීදුමක් වාගේ
ආයෙ දවසක හමුවුණාමත් මුවෙන් නොදොඩා
ගොලුවෙලා හිටියේ දුකෙන්
අහිමිවූ හදවතක දුක ගැන
දැනුනෙ සමුගෙන හැරි හැරී යද්දී
අපි වෙන්වුනා - ඈ දුරගියා
පාට දේදුන්නක් හිතේ තනි කරලා
මෙන්න දවසක පුංචි සමනලියෙක් එක්ක
ඇගේ ලෙන්ගතු හිනා පිරි වත හමුවුණා
අපේ දරුවන් එක්ක යන්නට අපි දෙන්නාම ඇවිදින්
එදා පාසල් කාලයට යන්නට බැහැ
හිතේ තනියට සුව`ද වි`ද ගන්නනම් තහනම්
එත් කොහොමද හැරී නොබලන්නේ
-හිතුවක්කාරයා
හිතේ සහනයට ...
6 hours ago


5 comments:
සම්මත අසම්මත.....දෙකම අන්තිමට එකතැන...අයෙමත් වතාවක් හම්බෙලා අතරමඟ....Boring ජීවිතයේ.....
සින්ඩරෙල්ලාගෙ කවිය මතක් උනේ.
'අපි වෙන්වෙන බව
කල්තියා දැනුනිනම්......'
අපූරු අදහසක් යාලු.
niyamai.
පෙර දිනයක මා පෙම්කල යුවතිය....
දැං ටිකකට කලින් හම්බ උනා.
මේක මතක් උනා.
Post a Comment