Friday, February 22, 2013

බාලචන්ද්‍රන්ව මැරූ බ්ලොග් ලියන්නෝ


රජයේ හමුදාව විසින් බාලචන්ද්‍රන් අල්ලාගෙන පසුව වෙඩි තබා මැරූ බව කියන කතාව බොරුවක් බව උපකල්පනය කර ලියමි.....

හමුදාවට බාලචන්ද්‍රන් දරුවා අසුවූයේ නැත.
බිස්කට් කෑමට දී පසුව වෙඩි තබා මැරුවේද නැත.
හමුදාව එතරම් අමානුෂික නැත.
ඇත්තටම බාලචන්ද්‍රන් අසු වුවත් හමුදාව විසින් ඔහුව මරා නොදමනු ඇත.

එහෙනන් යකෝ මේ සංවේදි බ්ලොග්කාරයෝ කියන්නෙ බාලචන්ද්‍රන් මැරුව එක සාධාරණයි කියල. ඒ උන්ගෙ ප්‍රාර්ථනාව නේද? බලන් යද්දි මුන් හමුදාවට වඩා අන්තයිනෙ...

ප.ලි:
මාලන් විසින් ලියූ හැන්දෑව බ්ලොග් අඩවිය වසා දැමූ අවස්ථාවේ ඔහු කීවේ "මුන්ට ලියල වැඩක් නෑ බන්" කියල. උගේ ඒ තීරණය වැරදි බව එදා සිතුවෙමි. මාලන්, උඹ හරි! මුන්ට බ්ලොග් ලියල වැඩක් නෑ...

12 comments:

  1. මාලන් හරි කියලා බොහෝ දෙනෙක් කියනවා. ඒත් මම කියන්නෙ හරි අපි කිය දේ අහන පිරිසකුත් ඉන්නවා කියලා. ඒක මම පෞද්ගලිකව අත් විඳිනවා. බුකියේ මල් කඩ කඩ බ්ලොග් ලියන මානුෂික බව ආරුඩ කර ගත් උපාසකවරුන්ගේ රෙදි ගැලවීම ගැන මාරයාට අපේ ආචාරය පිරි නැමිය යුතුයි....

    ReplyDelete
  2. ඌ මැරුණා මිනියත් විකුණන් කන බත් කන හරක් උම්බලා. අඩුම තරමේ ඒ කොල්ලාගෙ මිනිය බ්ලොග් එකේ විකුනලා සල්ලි රුපියලක් හරි හම්බ උනානම් ඒකත් එකක්.

    තොපි ඒ කොල්ලව විකුණන්නෙ හිගන බ්ලොග් වලට සෙනග අද්දගන්නයි මැස්සෙක්වත් වහන්නෙ නෙති වමනෙ යන බ්ලොග් වලට හිට්ස් 2ක් ගන්නයි..

    ඒ පොඩි එකා කොහොම මැරුණද දන්නෑ පව්,
    ඒත් බොලා වගේ බ්ලොග් හිගන්නො ගැන ලජ්ජයි බන්..

    ReplyDelete
  3. ඇනෝනිමස් උතුමානෙනි,
    මොනව කරන්ඩද සර්, සංවේදි, හිට්ස් ගලාගෙන එන බ්ලොග් වගේ නෙවෙයිනෙ මෙව්වා. කවුරුහරි මැරෙනකන් බලාගෙන හිටියෙ හිට්ස් ටිකක් කඩාගන්ඩ. රෑට තම්බල කන්ඩවත් පුලුවන්නෙ. මේ හිඟන අපෙන් වැරැද්දක් උනානන් සමාවෙන්ඩ ඕනේ...

    ReplyDelete
  4. අඹගහ යටට නම් අර කලින් පොර ටෝක් දීපු ඇනෝ තුමාගේ හිඟන බ්ලොගට වඩා නම් සෙනග එනවා. මොනා කරන්නද මහත්තයෝ ඊරිසියයි නෙහ්?

    ReplyDelete
  5. @ මාතලන්,
    +++

    @Anonymous,
    උඹලා තාමත් කමෙන්ට්ස් හිට්ස් එක්ක ඔට්ටු වෙනවද බන්..? අපිනම් කමෙන්ට්ස් හිට්ස් පහු කරගෙන ගොඩක් දුර ඇවිත්. :)

    ReplyDelete
  6. ලියල වැඩක් නෑ කියලා නිහඬ වීම නං මං අනුමත කරන්නේ නෑ.

    ReplyDelete
  7. ඔය මාලන් කොළුවා කියපු කතාව හරි. මුන්ට කියලා වැඩක් නැහැ.

    ReplyDelete
  8. @චමිල

    දැන් මේකෙ ඊලඟ කොටස ලියපං

    රජයේ හමුදාව විසින් බාලචන්ද්‍රන් අල්ලාගෙන පසුව වෙඩි තබා මැරූ බව කියන කතාව ඇත්තක් බව උපකල්පනය කර ලියමි.....

    දැන් අප කල යුත්තේ කුමක්ද?

    සමහර විට බ්ලොග් ලෝකයේ තව පැත්තක් හොයා ගන්න පුළුවන් වෙයි...

    ReplyDelete
  9. මට නම් කියන්න තියෙන්නේ මෙච්චරයි

    ප්‍රභාකරන්ගේ පුංචි පුතාත් කවදා හරි දවසක ප්‍රභාකරන් වගේම මිනීමරුවෙක් වෙයි ඒ නිසා ඌව ඔහොම නෙමෙයි මරන්න තිබ්බේ කියලා කියන මිනිස්සුනේ . . . රටකට ඇති ආදරය වෙනමම දෙයක් ඒත් තාත්තා කරපු දේට පුතාටත් දඬුවම් කලයුතුයි කියලා හිතන උඹලා ගේ පටු දෘශ්ඨිය ගැන ලැජ්ජා වෙයල්ලා. උඹලගේ මනුස්සකමක් කියලා දෙයක් තියෙනවද කියලා පරීක්ශාකර ගනිල්ලා . . . !

    ReplyDelete
  10. කොටි අපේ ළමයි අහිංසකයො මැරුවා කියලා අපිත් කොටින්ගේ ළමයි මරණ එක සාධාරණයි නම් අපෙත් කොටින්ගෙත් වෙනසක් නෑ කියලා මට හිතෙන්නෙ මොකෝ මන්දා?

    ප.ලි. බුකියෙ මාර ස්ටේටස් එකකට මම දාපු කමෙන්ටුවකි.

    ReplyDelete
  11. අචලගෙ අත කපපු එකට කොමිසමක් පත් කරල පටස් ගාල වාර්ථාවක් එලියට දල, වැරදි කරුට දඬුවම් දෙන්න ඕන යොමු කරා. "මිනිස්සු" හැමෝම ( දොස්තරලා නොවේ ) ඒක අගය කරා. ඒ දොස්තරට කෙළ උන නිසා නෙමෙයි වැරදි දෙයක් කරොත් ඒකට වගවීමෙන් නිසි පියවර ගන්න සෞක්‍ය ඇමතියෙක්, ලේකම් කෙනෙක් ඉන්න බව දැණුන නිසා. මේ පින්තූරෙ ඉන්නෙ කවුද, කොහොමද මලේ, කවුද වග කියන්න ඕන කියල හොයල, වැරැද්දක් වෙලා නම් ඒකට දඬුවමක් දීල සහ අදාල පාර්ශව වලින් සමාව ඉල්ලල "වැදගත්" ආන්ඩුවක් වගේ වගවීමෙන් කටයුතු කරානම් ජිනීව වල මෙඔකි උන්ටත් අපිට අරින බෑ. මොකද අපි වැරැද්ද වැරදිඋ විදියට දකින්න කොන්දක් තියෙන ශීලාචාර රටක් නිසා. නැතුව මෙහෙම අතට අතක් තලේබාන් තියරිය අනුගමනය කලොත් කවුරු මොනා කිව්වත් ලංකාවටත් සිරියානු තත්වය උදා වෙන එක නවත්තන්න අමාරු වෙයි. මොකද ලෝක රහස් ඔත්තු සේවා තම තමන්ගෙ හය්ය පෙන්නන්න අල්ල ගන්න ඊළඟට තියෙන හොඳම රට ලංකාව නිසා.

    ReplyDelete
  12. මට මේක කියවද්දි පව් කියලා හිතුනා.. බ්ලොග් කියවන එවුන් ගැන නෙවෙයි. චමිලයා, මාලන් ඇතුළු බ්ලොග් ලියපු එවුන් ගැන. බ්ලොග් ලියන්නේ තමන්ට මිසක් අනුන්ට නෙවෙයි ඕයි.

    ReplyDelete