Monday, January 21, 2013

අඹ ගහ යට අඩවි පරිපාලනයෙන් ඉවත් වීම

"අඹ ගහ යට" අඩවි පරිපාලනයෙන් ඉවත් වීම.

පෞද්ගලික හේතූන් මත "අඹ ගහ යට" අඩවි පරිපාලනයෙන් ඉවත් වන බව "අඹ ගහ යට" සින්ඩිය හා සබැඳි ඔබ සියලු දෙනාට මෙයින් දැන් දී සිටිමි.


මින් මතුව "අඹ ගහ යට" පරිපාලනය සම්බන්ධව මාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවද මෙයින් දැනුම් දෙමි.

මෙතෙක් කලක් "අඹ ගහ යට" [මගේ වගේ] රැඳි සිටීමට අවස්ථාව දුන් චාමිට ස්තූතියි..!


මාලන්.


“අපි වෙඩි තියන්නේ තරහට නෙමෙයි.
අපි වෙඩි තියන්නේ නැත්තේ ආදරේටත් නෙමෙයි.

නිකන්……
නිකන්ම.. නිකන්..
හුළං වගේ නිකන්”
- මේ මඟේ සඳයි


13 comments:

  1. කාරණය පෞද්ගලිකයි කියලා තිබ්බට මොකද්දෝ කතාවක් යටින් තියනවා වගේ. කමක් නැහැ.. ඔබගේම බ්ලොග් අඩවියකින් අප හමුවට එයි කියලා බලාපොරොත්තු වෙනවා. අපගේ බ්ලොග් අඩවි කියූ සැණෙන් අඹ ගහ යටට එකතු කර දැක්වූ සහයෝගයට ස්තූතියි.

    ReplyDelete
  2. මාලන් කොහේ ගියත්, වචනයක් හරි ලියපන්, මොකෝ ඒවා බුලට් වලට වඩා වටිනවා....

    ReplyDelete
  3. ඉබ්බා ආපු හින්දද ?
    මේ සීන් එක නිකන් පල
    නොකිය පලා බෙදුව වගේ...
    ( චාර්මිගේ ලොරි ටෝක් ඉවසන්න
    බැරිම තැන උබ ඕන **තක් කර ගනින්
    කියල මන් අයින් උනා කොල්ලනේ වගේ
    අදහසක් එන්නේ..)

    ReplyDelete
  4. මෙතෙක් අපට දුන් සහයට ස්තූතියි මල්ලි.
    ජයම වේවා! ඔබට.

    ReplyDelete
  5. මාලන්ට ID එකට දාහක් තියෙන්නේ!

    ReplyDelete
  6. අපි වෙඩි තියන්නේ තරහට නෙමෙයි.
    අපි වෙඩි තියන්නේ නැත්තේ ආදරේටත් නෙමෙයි.

    අපිට පිස්සු ඕයි.........!!!!!!!!!

    :)))))

    හරි හරි.... මෙච්චරකල් මේක ඇදන් ආවට තැන්කූ. මෙතන නැතත් කමක් නෑ. ඉන්න තැනක හරි පුලුපුලුවන් වෙලාවට මොනවහරි ලියපං. එච්චරයි.

    ReplyDelete
  7. @charmi - අලුත් බ්ලොග්ගෙ මේකට දාන්න ඉල්ලුවා , පුලුවන් නම් පොඩ්ඩක් බලලා දාමුද ?

    ReplyDelete
  8. @ Kathandara Karaya

    ""මාලන්ට ID එකට දාහක් තියෙන්නේ!""

    ඔවු මට වෙන වැඩක් නෑනේ. ෆේස් බුක් එකෙයි, බ්ලොග්ස් වලයි කමනෙට් කර කර ඉන්න එක තමයි මම උදේ ඉදන් හවස් වෙනකම් කරන්නේ. අපේ තාත්තා වත්ත පිටිපස්සේ හිටවලා තියනවා සල්ලි ගස් පහළොවක් විතර, ඒවට පින් සිද්ධ වෙන්න අතේ මිටේ හිඟ පාඩුවක් නෑ. :D :D

    ReplyDelete
  9. @චාමි,

    මචන් මගේ හැන්දෑව වහපු වෙලාවේ;
    "පිස්සුද බන් උඹට..? ඕකේ ලියන්නේ නැතිනම් මගේ බ්ලොග් එකේ පාස්වර්ඩ් එක දෙන්නම්, මගේ එකේ ලියපන්" කියලා උඹ කියපු හැටි මට තාම මතකයි.
    සොරි මචන් අයින් වෙන්න වුනාට, ඇත්තටම වැඩත් එක්ක කරන්න අමාරුයි.

    ReplyDelete
  10. @බුවා, මාතලන්, චන්දි, සයිලන්ට්සහන්, තිසර,

    කමෙන්ට් වලට ගොඩක් ස්තූතියි..!

    ReplyDelete
  11. මාලන් මම උඹට මෙන්න මේක විතරක් කියන්නම්. උඹේ පුද්ගලික කාරණේ මොකද්ද මම දන්නේ නෑ. දැන ගන්න ඕනෙත් නෑ. ඒත් උඹට ලියන්න ටැලන්ට් එක ලැබිල තියෙන්නේ හේතුවක් ඇතුව කියන එක විතරක් මතක තියා ගනිං.. බ්ලොග් එකකින් මිනිස්සුන්ගේ මොළ කොයි තරම් හදන්න / හෝදන්න පුළුවන්ද කියල මට වඩා උඹ දන්නව ඇති. උඹට ලැබිල තියෙන ඒ ටැලන්ට් එක යුටිලයිස් කරන නොකරන එක උඹේ වැඩක්. ඉඩක් ලැබුනොත් අඩුම ගානේ බුකියේ "නව ශ්‍රී ලංකා දේශපාලනේ" පැත්තේ වත් ඇවිත් පලයන්. සුබ සහ ජය!

    ReplyDelete
  12. මාලන්. උඹ බුකියේ ළගදි දකින්න නොලැබුනේ ඔය හේතුව නිසාමද? උඹ කැමති වුනත් නැතත් උඹ එනකං බලා ඉන්න එවුන් ටිකක් නැතුව නෙමේ. අසාධාරණයක් කරන්න එප. මේක සොදුරු තර්ජනයක් විදිහට ගනිං.

    ReplyDelete