Tuesday, November 29, 2011
Sunday, November 20, 2011
චතුස්කෝටික ගැරඬියා සහ අවජාතික ගෙම්බා
ඒයි...
මේ දැන් තඩි කහ ගැරඬියෙක් මෙතෙන්ට ආව. කෙලින්ම කොම්පියුටර් (දේශීය/ මාවිසින් නිෂ්පාදිත) ටේබල් එක යටට.
මීටර් දෙකක් විතර දිගයි.
මම නයෙක් කියලා බයවෙලා පැන්න පාරට මොනිටරේ නොවැටුනෙත් යන්තමිං.
මේකයි වැඩේ. ඔය ටේබලේ යට තඩි ගෙම්බෙක් ලගා ගහනවා. මම ඌට ඉන්ඩ දීල තියෙන්නෙ. ඌව පැටලෙනවට පිටේ රතු තීන්ත පැල්ලමකුත් තියලා. මූ එන්ඩ ඇත්තෙ ගෙම්බට ගේම දෙන්ඩ.
ගැරඬින්ට අනුව ගෙම්බො අවජාතකයන්නෙ. (කියන්නෙ උංගෙ ජාතිය... නෙමෙයිනෙ). මට පේන්නෙ ගැරඬියා දේශප්‍රේමී ගැරඬියෙක්. ඉතිං මෙතන වෙන්ඩ ගියේ අවජාතකයන්ට එරෙහි මෙහෙයුමක්.
මෙහෙයුම අසාර්ථකයි. කාමරේ භූමිතෙල් ගඳයි.
කෙලින්ම මහ දවල් කිසි බයක් නැතුව මගෙ කාමරේට බැහැල ගෙම්බට ගේම දෙන්ඩ ගිය ඒ අබීත ගැරඬියත් එක්ක බලද්දි, මේකෙ ඉන්න දේසප්‍රේමියො මොක්කුද කියල හිතෙනවා.
නැද්ද මං අහන්නෙ?
ප.ලි: චාමී විසින් එවන ලද ඊ ලිපියකින් උපුටා පළකරන ලදි.
ප.ප.ලි: මේකා වහෙන් ඔරෝ ගෙම්බා කිව්වේ මටද..?
ප.ප.ලි: මේකා වහෙන් ඔරෝ ගෙම්බා කිව්වේ මටද..?