Wednesday, September 22, 2010

හාල් දේශප්‍රේමීනි, එක්වව්!

මේ පුංචි කොදෙව්වට එල්ලවන ත්‍රස්තවාදී තර්ජන නිමක් නැත. එලිපිට ගේම ඉල්ලූ මෝඩ LTTE ත්‍රස්තවාදය මෙන් නොව, ඇතැම් ත්‍රස්තවාදී තර්ජන අප වැනි දුහුනන් ගේ මනැසට ගෝචර නොවන වේශයන්ගෙන් පැමිණෙමින් පවතී. එවන් නවතම ත්‍රස්තවාදයක් අප අසහාය දේශප්‍රේමී බුද්ධිමතෙකු විසින් හඳුනාගෙන ඇති අතර සියලු හාල් දේශප්‍රේමීන්ගේ අවධානය පිණීස එය නැවත මෙසේ ප්‍රසිද්ධ කරමු.

උපුටා ගැනීම - lanka e news

'පාන්පිටි ත්‍රස්තවාදයක් පියසිරි සොයාගනී
ත්‍රස්තවාදීන් ලවා අප රට යටත් කර ගැනීමට උත්සාහ කල බටහිර රටවල් එය ඉටුකරගත නොහැකි වීමෙන් පසු අප රටේ ආර්ථිකය යටත් කර ගැනීමට පාන්පිටි ත්‍රස්තවාදය හරහා ගන්නා උත්සාහය, පරාජය කිරීමේ සටනේ ආරම්භය ලෙස බටහිරින් ශ්‍රී ලංකාවට එන පාන්පිටි සඳහා වැඩි බද්දක් අය කර පාන් පාරිභෝජනය අඩු කිරීමට රජය ක්‍රියා කල යුතු බව හිටපු සංස්කෘතික නියෝජ්‍ය ඇමති පියසිරි විජේනායක මහතා පැවසීය.
ජාතික නිදහස් පෙරමුණු පක්ෂ මූලස්ථානයේදී අද (21) පැවති මාධ්‍ය හමුවකදී විජේනායක මහතා එසේ පැවසීය. ශ්‍රී ලංකාවේ වී ගොවියාගේ ප්‍රධාන සතුරා බවට පත් වී ඇත්තේ බටහිරින් පාන් පිටි මේ රටට ගෙන්වන බහුජාතික සමාගම් බවත්, ඒ නිසා රජය පාන් පිටි සඳහා අධික බදු අය කර පාන් පිටි මිල හාල් පිටි මිලට වඩා ඉහල දැමිය යුතු යැයි පවසන ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික විජේනායක මහතා තමන් ඉදිරි දින කීපයේදී පාන් පිටි ත්‍රස්තවාදය මෙරටින් තුරන් කිරීමේ වැඩපිළීවෙල පිළිබඳ සවිස්තර වාර්තාවක් රජයට ලබාදෙන බවද පැවසුවේය.
ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය කිරීමට නම් ත්‍රස්තවාදය වැනසුවා සේම මේ පාන්පිටි ත්‍රස්තවාදය මෙරටින් තුරන් කල යුතු බව ඔහු තව දුරටත් පැවසීය.

සියලු ‍හාල් දේශප්‍රේමීනි, එක්වව්!
අතිගරු ජනාධිපතිතුමා බේරා ගනිව් !

5 comments:

  1. අවුලක් නෑ. තණකොල තියෙනවනෙ ඇති තරම් මෙහෙ අයට පාන් නැතිවට.

    ReplyDelete
  2. ජනා‍ධිපතිතුමා මුන්ගෙන් බේරා ගනිව්.

    ReplyDelete
  3. ලොක්කා හිටගෙන ක‍රන එක සොක්කා දුව දුව ක‍රනවා.

    ReplyDelete
  4. ඒ මනුස්සයාට බැන බැන ඉන්නේ නැතිව පාන් කනඑකද, බත් කන එකද සෞඛ්‍ය සම්පන්න කියල හොයල බලල බත් කන්න පුරුදුවෙන්න.(බත් මිසක් ඇත්තටම හාල් කන කිසිකෙනෙක් නෑ නේ!)"අසවල් පක්ෂයේ කෙනෙක් කීව්වොත් මොකක් උනත් වැරදියි" කියන පූර්ව නිගමනයෙන් ඉවත්වෙන්න.

    ReplyDelete